blogImage

ගැබ් ගෙල පිළිකා

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර හතරවන තැනට බහුලවම පවතින පිළිකා විශේෂය වන්නේ ගැබ් ගෙල පිළිකා.😰

 

වසරකට ලෝක ජනගහනයෙන් ආසන්න වශයෙන් ලක්ෂ තුනකට වඩා කාන්තාවන් ගැබ් ගෙල පිළිකා නිසා මිය යන අතර එයින් 80% ශ්‍රී ලංකාව මෙන් අඩු ආදායම් ලබන රටවල කාන්තාවන්.

 

🛑නමුත් වැදගත්ම දෙය නම් එන්නත් මගින් මේ රෝගය වැළදීම වළක්වා ගැනීමට අපට හැකිවීමයි.😊

 

🛑එම නිසා නිවැරදි දැනුවත් වීමෙන් ගැබ් ගැල පිළිකා වළක්වා ගැනීම උදෙසා සෑම වසරකම ජනවාරි මාසය ගැබ්ගෙල පිළිකා දැනුවත් කිරීමේ මාසයයි.🛑

 

ගැබ් ගෙල පිළිකා යනු කුමක්ද?🤔

 

📌මුලින්ම ගැබ්ගෙල පිළිකා කුමක්දැයි දැනගනිමු.

 

කාන්තා ප්‍රජනන පද්ධතියෙන් ගර්භාෂය හා යෝනි මාර්ගය අතර පවතින මාංශ පේශීවල සැදුණු බටයක් වැනි කොටස ගැබ් ගෙල ලෙස හඳුන්වනවා.

 

ගැබ් ගෙල ආස්තරණය කරන සෛල වල අසාමාන්‍ය වර්ධනය හා විකසනය මගින් පිළිකාවන් බවට පත්වීමෙන් ගැබ් ගෙල පිළිකා හටගන්නවා. 😑

 

📌ගැබ් ගෙල පිළිකා හැදෙන්නේ ඇයි?

 

පිළිකාව සඳහා බලපාන්නේ HPV (Human Papilloma Virus) කියන වෛරසයයි.

 

සාමාන්‍යයෙන් ලිංගිකව සක්‍රීය කාන්තාවන්ට මේ වෛරස ආසාදනය ඇතිවෙනවා.

 

එම ආසාදන වලින් 90% විතර වගේ මාස කිහිපයකදී කිසිදු ගැටලුවක් ඇති නොවී ස්වභාවිකවම සුව වෙනවා.

 

5% ක් ආසාදන ප්‍රමාණයක් ගැබ් ගෙල සෛලවල වෙනස්කම් ඇතිකර, පිළිකාවක මූලික අවධියට හේතු වෙනවා.

 

🔹 පිළිකා අවදානම වැඩි කරන සාධක,

 

- ලිංගාශ්‍රිත රෝග වැළදීම.

- ළාබාල වියේදී සිට ලිංගිකව සක්‍රීය වීම.

- සහකරුවන් කිහිප දෙනෙකු ආශ්‍රය කිරීම.

- දුම් පානය කිරීම.

- ප්‍රතිශක්තිකරණයේ ඌනතා වලින් පෙලීම.

- දීර්ඝකාලීන උපත් පාලන පෙති භාවිතය⁠

 

📌රෝග ලක්ශණ මොනවාද ?

 

සාමන්‍යයෙන් වයස හතළිහට වැඩි කාන්තාවන්ගේ රෝගය දක්නට ලැබෙන ප්‍රවණතාවය වැඩියි.

 

- පැප් පරීක්ෂණ වාර්තාව අසාමාන්‍ය වීම.

- අසාමාන්‍ය ලෙසට රුධිරය ගැලීම.

- උදරාශ්‍රිත වේදනාව

- යෝනි මාර්ගයේ අපහසුතාවයක් දැනීම.

- ⁠ලිංගිකව එක් වීමේදී වේදනාකාරී වීම

- ⁠ලිංගිකව එක් වීමෙන් පසු අසාමාන්‍ය රුධිර වහනය

- දුගඳ සහිත ශ්‍රාවයන් නිකුත් වීම.

- මුත්‍රා දැවිල්ල.

 

👉රෝගය හඳුනා ගැනීම.

 

රෝගය කල්තියා හඳුනා ගැනීම ඉතාම වැදගත් වේ. මේ සඳහා පැප් පරීක්ෂණය සිදු කිරීම වැදගත්ය.

 

ශ්‍රී ලංකාවේ වයස 35 ට වැඩි කාන්තාවන් සඳහා සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකින්ම සුවනාරී සායනයන් පවත්වයි.

මෙහිදී ගැබ් ගෙල ශ්‍රාව පටල පරීක්ෂාව හෙවත් පැප් පරීක්ෂණය සිදුකරයි.

මේ මගින් රෝග ලක්ෂණ පහළවීමට පෙර රෝගය කල්තියා හඳුනාගැනීම සිදුකළ හැකියි.

 

👉ගැබ් ගෙල පිළිකා සඳහා ප්‍රතිකාර.

 

🛑👉රෝගය වළක්වා ගැනීම

 

නිසි පරිදි HPV එන්නත් ලබා ගැනීම මගින් මෙය සිදු කරගත හැකියි.

 

ලංකාවේ වයස 10 - 11 අතර ගැහැණු ළමයින්ට 6 ශ්‍රේණියේදී HPV එන්නත් ලබාදීම රජය මගින් නොමිලේ සිදුකරයි.

 

මෙය අනිවාර්යෙන්ම සෑම ගැහුණු දරුවෙක්ම ලබා ලැනීම ඉතාම වැදගත්

 

වයස්ගත කාන්තාවන්ට හා තරුණියන්ට අවශ්‍ය නම් පෞද්ගලිකව රෝහල් වලින් මේ එන්නත් ලබාගැනීමට ශ්‍රී ලංකාව තුළ ඉඩකඩ පවතියි.

 

👉රෝගය සඳහා ප්‍රතිකාර

 

රෝගය වැළඳුණු පසු ප්‍රතිකාර කිරීම. රෝගය අවධිය , ස්වභාවය හා පැතිරීම මත තීරණය වෙයි.

 

එහිදී ගැබ් ගෙල හා ගර්භාෂය සැත්කමක් මගින් ඉවත් කිරීමට අමතරව පිළිකා නාශක ඖෂධ භාවිතයෙන් සිදුකරන chemotherapy ආදී ප්‍රතිකාර ක්‍රම සිදුකරයි.

 

🛑🛑👉විශේෂ අවධානයට ,

 

ඔබ මතක තබාගත යුතු ප්‍රධාන කරුණු දෙක නම් ,

 

HPV එන්නත මගින් රෝගය වළක්වා ගත හැකි බවත්,

සුවනාරී සායනයේ පැප් පරීක්ෂණය මගින් රෝගය කල්තියා හඳුනා ගැනීමෙන් රෝගය පාලනය කළ හැකි බවත්ය.

 

🛑😊මේ නිසා රජයෙන් නොමිලේ ලබා දෙන මේ සේවාවන් නිසි ආකාරව ලබාගෙන ගැබ් ගෙල පිළිකාවලින් වැළකෙමු.🫂

 

✍️✍️✍️✍️

Dr.Nurath Chamidu

SHO

Obstetric and Gynaecology unit

DGH Nuwara Eliya

blog_image
blog_image