blogImage

පසු ප්‍රසව විශාදය

හැමෝම ටිකක් හරි දැන ගෙන ඉන්නවා නම් වටිනවා.

සමහර වෙලාවට වෛද්‍ය ප්‍රතිකාර වලට එන්නේ හොඳටම ප්‍රමාද වෙලා.

නූල් බැඳල දෙහි කපලා වෙලාව බලලා අන්තිමට.

 

📌දරු ප්‍රසූතියට පස්සේ දරුවා බලා ගැනීමත් එක්ක එන අධික තෙහෙට්ටුවට, නින්ද බාධා විම, ජානමය සාධක, අනිත් පරිසර සාධක එක්ක එකතු වෙලා බරපතල තත්වයකට පත් වෙන්න පුලුවන්.

 

📌මූලික ලක්ෂණ විදියට

👉මට දරුව බලා ගන්න බැහැ ,මට දැන් ඇති කියලා සිතීම

👉අධික කේන්තිය, විශේෂයෙන් සැමියා සමග

👉දරුවට කිරි මදි, කිරි බොනවා මදි කියලා බිය වීම.

👉දරුව බලා ගැනීමට බැරි බව සිතා තමන්ටම අවලාද නැගීම

👉සහ දිවි තොර කර ගැනීම දක්වා සිතිවිලි එන්න පුළුවන්.

 

ඔයාලා දන්න කාට හරි තියනවා නම් ළඟම රජයේ රෝහලට එක්ක ගෙන එන්න, ප්‍රමාද වෙන්න ක‍ලින්..

 

තව ඉතා වැදගත් දෙයක්.

පොඩි දරුවගෙ මොලයේ වර්ධනයට පලමු මාස කිහිපය ඉතාම වැදගත්.

අම්මගෙ ස්පර්ශය, හඬ, සුවඳ, දැකීම මේ හැම දෙයක්ම පොඩි දරුවගෙ මොලයේ ස්නායු වැඩෙන්න ඕන කරන පොහොර.

 

📌පසු ප්‍රසව විශාදය ඉක්මනින්ම හොඳ කර ගන්න ඕනේ, අම්ම ඒ දේ දරුවට දෙන්න නම්..

 

සටහන විශේෂඥ මනෝ වෛද්‍ය ෆර්ඩිනෑන් පෙරේරා

blog_image
blog_image