blogImage

ළමා පිළිකා

මීට වසර කීපයකට පෙර වසරකට ළමා පිළිකා රෝගීන් 500ක් වාර්තා වූවත් වසර දෙකක් තුළ ජනගහණයේ වැඩිවීමත් සමඟ වසරකට ළමා පිළිකා රෝගීන් 900ක් පමණ වාර්තා වන බව ද, ළමා පිළිකා රෝගීන් අතරේ

🔹ලියුකේමියා ,

🔹මොළයේ පිළිකා,

🔹ඇස්, වකුගඩු , අස්ථි, ස්නායු ළමා පිළිකා රෝගීන් වාර්තා වන බවද,

 

පෙබරවාරි 4 වෙනිදාට යෙදී තිබුණු ලෝක පිළිකා දිනය නිමිත්තෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ, වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

 

📌දරුවන් මෙලෙස පිළිකාවට ගොදුරුවීමට

♦️අධික තරබාරුව,

♦️කෙටි ආහාර ගැනීම,

♦️පැණි බීම පානය

♦️ජංගම දුරකථනවලට ඇබ්බැහි වීම

♦️ටින් කෑමවලට ඇබ්බැහි වීම

වඩාත්ම බලපා ඇතියි ද ඒ මහතා කීය.

 

මෙම පිළිකා තත්ත්වයෙන් දරුවන් මුදාගැනීමට නම්

 

👉දරුවෙකු ඉපදී පළමු මාස 06 තුළදී මව්කිරි පමණක් ලබාදීම

ඉතා වැදගත් බවද

👉දරුවන් නොයෙක් ක්‍රියාකාරකම් ව්‍යායාම සඳහා යොමු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.

 

එමෙන්ම

 

👉දරුවන්ට එළවළු, පලතුරු ඇතුළු ස්වභාවික ආහාර ලබාදීම පිළිකාවෙන් මුදා ගැනීමට ඉතා වැදගත්වන බවද ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියා සිටියේය.

 

මූලාශ්‍රය

 

2024 පෙබරවාරි 06 දින දිවයින පුවත්පතේ ලිපියක් ඇසුරෙනි

blog_image
blog_image