blogImage

අසුරුම්ගත ආහාර

වත්මන් කාර්‍ය බහුල ජීවන රටාව සමග අපි හැමදෙනාම පහසුවෙන් ආහාරයට ගත හැකි අසුරුම්ගත ආහාර වලට පුරුදු වී ඇත.

 

ආහාර වල ඇති අධික සීනි, ලුණු සහ මේදය, දියවැඩියාව, අඝාතය සහ හෘදයාබාධ වැනි බෝ නොවන රෝග වලට හේතු වේ.

 

මෙම නිසා අසුරුම්ගත ආහාරවල ඇති සීනි, ලුණු සහ මේද ප්‍රමාණය පහසුවෙන් දැන ගැනීමට එම ආහාරවල දවටන ඉදිරිපිට කේත ක්‍රමයක් භාවිතා කරන බව ඔබ දන්නවා ද?

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

 

👉 එයට ආහාර ඇසුරුමේ ඉදිරිපස ඇති ලේබලය (Front of Pack Labelling) යොදා ගනු ලබයි.

 

මේ සදහා විවිධ රටවල් විවිධ ක්‍රම භාවිතා කරනු ලබන අතර, ශ්‍රි ලංකාවේ භාවිතා කරනු ලබන්නේ වර්ණ සංකේත ක්‍රමයකි.

 

සහල්, මස්, කිරි, තුන පහ වැනි ප්‍රාථමික අමුද්‍රව්‍ය හැර සෙසු සියලු අසුරුම්ගත දියර, ඝන සහ අර්ධ ඝන ආහාරවල මෙම සංකේත යෙදීම අනිවාර්ය වන අතර, එය ආහාර පනතට 2016 සහ 2019 වසරේදී එකතු කරන ලද සංශෝධන මගින් ශ්‍රි ලංකාව තුල නීති ගත කර ඇත.

 

එහිදී රතු, කහ සහ කොළ වර්ණ භාවිතා කරන අතර, දියර ආහාර සදහා සීනි ප්‍රමාණය පමණක් දක්වන අතර , ඝන සහ අර්ධ ඝන ආහාර සදහා සීනි, ලුනු සහ මේද ප්‍රමාණය දක්වනු ලබයි. මෙම ක්‍රමයේ විශේෂත්වය වන්නේ සාමාන්‍ය ජනතාවට වුවද වටහාගනු පහසු වන ලෙස වර්ණ කේත යොදා ගනු ලැබීමයි.

 

🔴රතු වර්ණය අධික ප්‍රමාණයත්,

🟡කහ වර්ණය මධ්‍යම ප්‍රමාණයත්,

🟢කොළ වර්ණය අඩු ප්‍රමාණයත්

 

දැක්වීමට යොදා ගැනෙනු ලබයි.

 

පැණිබීම වල අඩංගු සීනි අන්තර්ගතය හා කඩයිම් අගයන්

 

🔴8 g වැඩි = ඉහළ සීනි මට්ටම - රතු

🟠2.5 g - 8 g = මධ්‍යම සීනි මට්ටම - කහ

🟢2.5 g ට අඩු = අඩු සීනි මට්ටම - කොළ

 

මෙම ලේබල් තුලින්, එම ආහාර ගැනීමෙන් බෝ නොවන රෝග වලට ඇති අවදානම පෙන්වනු ලබයි.

 

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

මෙහිදී ආහාරයක එක සංකේතයක් වුවද රතු වීම ‘අධි අවදානම’ පෙන්නුම් කරන අතර, කහ සංකේත තිබීම ‘අවදානම’ද, කොළ සංකේත තිබීම ‘අවදානමක් නැති’ බවද පෙන්නුම් කරයි.

 

ඔබ ආහාර තෝරා ගැනීමේදී මෙම සංකේත ගැන අවදානය යොමු කිරීම ඉතා වැදගත් වෙයි.

 

💁‍♀️💁‍♀️💁‍♀️

එමගින් සීනි, ලුනු සහ මේද අධික ආහාර ගැනීම අවම කර, බෝ නොවන රෝග වලට ගොදුරු නොවී සිටිය හැක.

 

ඝන ආහාර හා අර්ධ ඝන ආහාර සඳහා අදාළ සීනි , මේද හා ලුණු අගයන් සඳහා පළමු කමෙන්ට් එක බලන්න.

 

✍️✍️✍️

Dr. Nimesha Jayawardana,

PG trainee in Community Medicine

blog_image
blog_image