blogImage

බබා හැරිලා නැත්නම් මොකද කරන්නෙ ?

දරුවෙක් පිළිසිඳ ගැනීමෙන් පසුව සති 9 ක පමණ කාලයේ පටන් චලන කටයුතු සිදු වෙනවා. ගර්භාෂයේ පිහිටි කළලය සති 30 සිට 37 ක් වෙන විට හිස පහළට සිටින ආකාරයට පිහිටනවා. එය සාමාන්‍ය සිදුවීමක්. ඒ වගේම කලලය හිස පහලට සිටින සේ පිහිටීම Cephalic එහෙම නැත්නම් vertex presentation යනුවෙන් හඳුන්වනවා.

 බොහෝ අවස්ථා වලදී දරුවා හිස ප්‍රමුඛව හෙවත් cephalic presentation (vertex presentation) අනුව පිහිටා සිටිනවා නම් අපට පහසුවෙන්ම නෝමල් හෙවත් සාමාන්‍ය දරු ප්‍රසුතියකින් දරුවා බිහි කරන්න පුළුවනි.

 මෙහිදී කළළයේ හිස මවගේ ශ්‍රෝණි කුහරය තුළ කලලයේ මුහුණ මවගේ පිටු පසට සිටින සේ පිහිටනවා. එවිට ඉතා පහසුවෙන් සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදු කර ගන්න පුළුවන්.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

නමුත් සමහර විට සති 36 පසු වුනාම සියයට 3 ක් (3%) පමණ දෙනාගේ කළළය නිශ්චිත පිහිටීමක් නැතුව කලලාවර්ත තරලයේ කැරකැවෙමින් පවතිනවා.

💁‍♀️💁‍♀️💁‍♀️

👉 මෙයට හේතු කීපයක් සඳහන් කරන්න පුළුවන්.

▪️ගර්භණී සමයේදී ගර්භාෂය තුළ දරුවා වටා ඇති තරලය "ඇමනියොටික් " තරලය යනුවෙන් හඳුන්වනවා. මෙම තරලය අධික ලෙස පිහිටීම polyhydrannious යනුවෙන් හැඳින්වෙනවා. කලලාවර්ත තරලය අධිකව පිහිටීම නිසා කළළයේ සංකුලතාවයන් ඇති වීමට පුලුවනි.

💁‍♀️💁‍♀️

▪️දියවැඩියා තත්වය, දරුවාගේ මෞත්‍ර ලිංගික පද්ධතියේ ඇති වෙන රෝගාබාධ

▪️ගර්භාෂයේ වෙනස් පිහිටීම

▪️බහු කළළ අවස්ථා

👉කළලයේ Breech පිහිටීම 

මීට අමතරව Breech ආකාරයට පිහිටන කළල සඳහා අපි විශේෂ ක්‍රම වේදයක් භාවිතා කරලා දරු ප්‍රසුතිය සිදු කරනවා. කළළය හිස ප්‍රමුඛ නොවී තට්ටමෙන් පිහිටා සිටීම Breech පිහිටීම යනුවෙන් හැඳින්වෙනවා.

💁‍♀️💁‍♀️💁‍♀️

👉 Breech ආකාර තුනකින් කළළ ගර්භාෂයේ පිහිටා තිබෙන්න පුළුවනි.

• Extended Breech

කකුල් දෙක උඩ අතට දිගු කරගෙන පිහිටන කළල

💁‍♀️💁‍♀️💁‍♀️

• Flexed Breech

කකුල් උඩ අතට දිගු කරමින් දණහිස් වලින් නවාගෙන සිටින කළළ

💁‍♀️💁‍♀️💁‍♀️

• Footling Breech

කකුල් පහළ දිගු කර ගෙන නැතහොත් කකුල් වලින් සිටගෙන සිටිනවා වැනි ආකාරයට පිහිටීම

💁‍♀️💁‍♀️💁‍♀️

👉  External Cephalic Version (ECV) කියන්නේ....

මුලින් සඳහන් කරන ලද රෝග තත්වයන් නොමැති නම් Breech ආකාරයට පිහිටි කළලය හිස පහළට සිටින ආකාරයට හැරවීමට පුළුවන්, අපි මෙය External Cephalic Version (ECV) යනුවෙන් හැඳින්වෙනවා.

ඒ වගේම සුදුසුකම් ලත් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු විසින් මේ හැරවීම සිදු කරනවා.මෙහිදී සිසේරියන් සැත්කමකට සුදුසු පරිසරයක් අවශ්‍ය වෙනවා.

කළළයේ හෘද ස්පන්දනය අධීක්ෂණය කොට අත් දෙකෙන් ගර්භාෂයට පීඩනය යොදමින් හිස පහළට සිටින ආකාරයට හැරවීමයි. මෙය බොහෝ විට සති 36- 37 අතර කාලයේදී සිදු වෙනවා. ඊට පෙරාතුව කළලය හැරවුවොත් කළලය නැවත හැරීමට පුළුවන්.

💁‍♀️💁‍♀️💁‍♀️

👉 නමුත් හැම ගර්භණී මවකටම External Cephalic Version (ECV) කරන්නත් බැහැ. එහෙම බැරි වෙන්නේ ඇයි...?

▪️බහු කළළ අවස්ථා නිවුන් සහ තුන් නිවුන් කළල ඇති විට (Twins, Triplets වැනි)

▪️කළළාවර්ත තරලය අඩුවෙන් ඇති (oligohydramniosis)

▪️වැදෑමහ පහළින් පිහිටන අවස්ථා (Placenta previa)

▪️ගර්භාෂයේ වෙනස්කම් පිළිකා නොව ෆ්‍රයිබොයිඩ් වැනි ගෙඩි ( uterine fibroid)  ගර්භාෂයේ විකෘති භාවයන් (bicornuate uterus), septate uterus )

▪️භ්‍රෑණයේ හද ගැස්ම ඉතා වැඩි හෝ අඩු අවස්ථා

▪️දියවැඩියාව, අධි රුධිර පීඩනය, වැනි රෝග සහිත මව්වරුන්ට අපි මුලින් සඳහන් කළ අන්දමින් External Cephalic Version කරන්නේ නැහැ.

👉 external cephalic Version නිසා සංකූලතාවයන් ඇති වෙන්නත් පුළුවනි

▪️රුධිර වහනය

▪️කළළයේ හෘද ස්පන්දනය අධික වීම හෝ අඩු වීම Placental abruption

▪️නොමේරු දරු උපත්

▪️preterm rupture of membrance

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

💁

external cephalic Version සිදු කරන විට මවට හෝ කළලයට සංකුලතාවයක් ඇති වුනොත් ඉතා ඉක්මනින් සිසේරියන් සැත්කම සිදු කරනවා.

external cephalic Version කිරීමට පෙරාතුව මවට වේදනා නාශක ලබා දෙනවා. ඊට අමතරව ගර්භාෂයේ සංකෝචන තත්වය අවම කිරීමටත් ඖෂධ ලබා දෙනවා. කොහොම වුනත් ඔබේ දරු කළලය breech ඉරියව්වෙන් පිහිටා තිබෙනවා නම් external cephalic versoin සිදු කර සිසේරියන් සැත්කමට යොමු වීම වඩාත් සුදුසුයි. එයින් දරුවාගේ වගේම මවගේ අවදානම වලක්වා ගැනීමට වැඩි ඉඩක් ලැබෙනවා.

💁‍♀️💁‍♀️💁‍♀️

✍️✍️✍️✍️✍️

ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය නිලධාරි ( ප්‍රසව හා නාරි) වරුනි හේරත්,

ශික්ෂණ රෝහල,

කුරුණෑගල

blog_image
blog_image