blogImage

නැපි රෑෂ්

අද කාලෙ අම්මලාට තියෙන කාර්යබහුලකමත් එක්කම ඉස්සර බබාලට අන්දපු හාන් රෙදි වෙනුවට පැම්පස්/ඩයිපර්ස් එහෙම නැත්නම් නැපි  පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙනවා.

🤷‍♀️

මේවා පාවිච්චි කරද්දි පුංචි පැටියන්ට ටිකක් කරදරකාරී වෙන රෑෂ් එකක් නැපි එක අන්දන කොටසේ මතු වෙනවා.

🤧

අපි සාමාන්‍යයෙන් මේකට නැපි රෑෂි නැත්නම් ඩයිපර් රෑෂ් කියලා කියනවා.

💁‍♀️ මේකෙ වෛද්‍ය විද්‍යාත්මක නම වෙන්නෙ ඩයිපර් ඩර්මටයිටීස් (Diaper Dermatitis) .

▪️ මේකෙ ප්‍රධාන වර්ග 3ක් තියෙනවා.

1. ඩයිපර් එක නිසාම ඇති වෙන රෑෂ්.

මේකෙදි බබාගෙ තට්ටම්වල ආදී ඩයිපර් එක හමත් එක්ක ගෑවෙන ප්‍රදේශවල  රතු වීම,බිබිලි මතුවීම හා කැසීම වගේ ලක්ෂණ මතු වෙන්න පුළුවන්.

💁‍♀️

මේ රෑෂ් එකේ විවිධ ස්වරූප තියෙනවා.

2. ඇ‍ඟේ වෙන තැනක තියෙන රෑෂ් එකක් එක්ක මතුවෙන නැපි රෑෂ්.

මේ අවස්ථාවේදී වෙන්නෙ පැටියාගෙ ඇගේ වෙන තැනක රෑෂ් එකක් තියෙනවා.ඒකත් එක්කම පැම්පස් එක තියෙන කොටසටත් අදාළව මේ රෑෂ් එක මතුවෙලා වැඩිපුර දකින්න ලැබෙනවා.

Atopic Dermatitis, Seborrheic Dermatitis කියන ලෙඩ වලදි මෙහෙම වෙනවා.

💁‍♀️💁‍♀️💁‍♀️

3. ඩයිපර් පාවිච්චි නොකරම මතුවෙන රෑෂ්.

පුංචි පැටියට තියෙන වෙන රෝගයක් නිසා නැපි අන්දන කොටසෙ රෑෂ් එකක් මතු වෙන්න පුළුවන් මෙහෙම වෙනකොට සමහරවිට පැම්පර්ස් ඇන්දවීමට හා මේ රෑෂ් එකට සම්බන්ධයක් නෑ.

🤷‍♀️

මේ වර්ග තුනේදිම අම්මලා ගොඩක් හිතන්නෙ මේ නැපි රෑෂ් කියලා.

අපි මෙතනදි කතා කරමු පැම්පර්ස් එක නිසා ඇතිවන නැපි රෑෂ් ගැන.

කොහොමද පැම්පර්ස් නිසා රෑෂ් එකක් ඇතිවෙන්නෙ ?

පැම්පර්ස් අන්දලා තියෙද්දි සමේ තෙතමනය වැඩි වෙනවා  කියලා අම්මලා දන්නවානේ...

ඒ වගේම පැම්පර්ස් එකේ තියෙන බබාගෙ චූ හා කක්කි නිසා සමේ pH අගයත් වැඩි වෙනවා. මේ එක්කම බැක්ටීරියා ක්‍රියාකාරීත්වයත් වැඩි වෙනව‍ා.

මේ කරුණු නිසා බබාගෙ සමේ බාහිර ස්ථරයට බලපෑම් සිද්ධ වෙනවා. මේකට දක්වන ප්‍රතිචාරයක් විදිහට මේ රෑෂ් එක මතු වෙනවා.

ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් සරලව අවබෝධ කරගන්න පුළුවන් වෙන්නයි මෙහෙම කියන්නෙ.

👉 රෑෂ් එක කොහොමද අඳුරගන්නෙ?

▪️ඩයිපර් එක අන්දන කොටසේ සම රතුවීම කුඩා බිබිළි, වතුර බිබිළි වැනි  දෑ මතුවීම.

▪️සමේ දාර සහිත කොටස්වල නොතිබීම හෝ අවසානයේදී

එම කොටස් වල මතුවීම

▪️ප්‍රධාන වශයෙන් තට්ටම්වල ,කලව  ඇතුළත ප්‍රදේශයේ , වෘෂණ කෝෂවල මෙය දක්නට ලැබෙනවා. 

බබා මේ රෑෂ් එක කසන්න ඉඩ තියෙනවා වගේම මේ නිසා අඬන්නත් පුළුවන්.

👉 සාමාන්‍ය නැපි රෑෂ් එකක් නෙවෙයි කියලා පෙන්වන ලක්ෂණ මොනවාද?

▪️දරුවාට උණ තියෙනවානම්,

▪️බබා ගොඩක් අඬනවානම්,

▪️බිබිලිවලින් සැරව ගලනව‍ා නම්,

▪️පැම්පස් එකෙන් පිට කොටසේ සමටත් මේක පැතිරිලා නම්,

▪️පැම්පර්ස් නිතරම මාරු කළත් ගොඩක් දවසක් මේක තියෙනවා නම්,

මේ වගේ ලක්ෂණ තියෙනවා නම්,ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න.

👉ඇයි රෑෂ් එක බබාට හැදෙන්නෙ?

♦️ගොඩක් වෙලා නැපිය/ පැම්පර්ස්  මාරු නොකර සිටීම,

♦️පැම්පර්ස් අන්දපු කොටස හරියාකාරව පිරිසිදු නොකිරීම 

♦️සම ආරක්ෂා කරන ආලේපන හරියාකාරව ආලේප නොකිරීම 

♦️දරුවාට නිතරම බඩඑළිය යාම.

💁‍♀️💁‍♀️💁‍♀️

👉 අම්මලා කරන්න ඕනි දේ මොකක්ද?

මුලින්ම දැනගන්න ඕනි දේ තමයි.හරියට සනීපාරක්ෂක ලෙසට පැම්පර්ස් පාවිච්චි කළාම මේ රෑෂ්  එක සම්පූර්ණයෙන්ම හොඳ වෙනවා.

මේ ව‍ගේ වෙලාවට නිතරම විටින් විට,බබාගෙ පැම්පර්ස් එක මාරු කරන්න.

උරාගැනීම වැඩි තත්ත්වයෙන් උසස් පැම්පර්ස් පාවිච්චි කරන්න.

පැම්පර්ස් එක මාරු කිරීමට පෙර හොඳන් සම පිරිසිදු කර වියලා ගන්න.තෙත පිටින් අලුත් පැම්පර්ස් එක අන්දන්න එපා.

බබාව නිතරම සෝදන්න යන්න එපා.සෝදපු ගමන් තෙත මාත්තු කර ගන්න.

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

👉👉👉

විශේෂ අවධානයට ...

අපේ අම්මලා කරන වැරදි පුරුද්දක් තමයි,නැපි රෑෂ් එක කියලා ෆාමසියෙන් ක්‍රීම් එකක් ඉල්ලගෙන ගාන එක.

ඒක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි.

මොකද, අපි නැපි රෑෂ් කියලා හිතුවට සමහර වෙලාවට ඒ එක්කම බැක්ටීරියා ආසාදන හෝ දිලීර ආසාදන  තිබ්බොත් මේ ක්‍රීම්වලින් ඒ තත්ත්වය වැඩි වෙන්න පුළුවන් .

💁‍♀️💁‍♀️💁‍♀️💁‍♀️

මේ නිසා ඔයා පැම්පර්ස් නිතර මාරු කරලා පිරිසිදු කරාමත් රෑෂ් එක තියෙනවා නම්,ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන එක තමයි හොඳ

💁‍♀️💁‍♀️💁‍♀️

✍️✍️✍️✍️

Dr.Shani Rankoth

SHO-Paediatric unit

TH Kegalle

blog_image
blog_image