දියවැඩියාව නිසා ඇතිවිය හැකි අක්ෂි රෝග
ඔබ දන්නා පරිදි දියවැඩියාව නිසා විවිධ සංකූලතා ඇති වෙනවා. දියවැඩියාව සහිත රෝගීන්ට විශේෂයෙන් ඇතිවිය හැකි අක්ෂි රෝගයක් තිබෙනවා. එය හඳුන්වන්‍නෙ “රෙටිනොපති” (Retinopathy) යන නමින්.
මෙහිදී ශරීරයේ අධික ග්ලූකෝස් /සීනි මට්ටම ඇසේ දෘෂ්ටි විතානයේ සියුම් රුධිර නාලිකාවලට හානි කරනවා , එවිට එම රුධිර නාලිකා ඉදිමී සියුම් රුධිරය කාන්දු වෙනවා.එසේ නොමැති නම් රුධිර නාලිකා අවහිර වෙනවා.
ඉන්පසු හටගන්නා අසාමාන්‍ය නව රුධිර නාලිකා දෘෂ්ටි විතානය වසා ගන්නවා. ඉහත කියූ සැම ආකාරයෙන්ම ඔබේ ඇස් පෙනීමට බාධා වී අන්ධභාවයට පත්වීම පුළුවන්.
ඉතින් අපි ඒ ගැන වැඩිපුර තොරතුරු කතා කරමු.
👉මේ රෝගයේ ප්‍රධාන අවධි 2ක් දැන් හඳුනා ගැනෙනවා.
⚫ NPDR ( Non- Proliferative Diabetic Retinopathy )
👇👇👇👇
මේ අවස්ථාව රෝගයේ මූලික අවධිය ලෙසට හඳුනාගැනෙනවා. රෝග ලක්ෂණ අවම නිසා බොහොමයක් දියවැඩියා රෝගීන්ට නොදැනීම වුවත් මෙම අවධියේ පසුවන්න පුළුවන්.
මෙම අවධියේදී, දෘෂ්ටි විතානයේ රුධිර නාලිකාවලින් රුධිරය කාන්දුවෙන්න ගන්නවා.
එවිට දෘෂ්ටි විතානය ඉදිමීමට ලක් වෙනවා. එහි “කහ ලපය” නම් ප්‍රදේශය ඉදිමීමට ලක්වීම විශේෂයෙන් “ Macular Edema ” ලෙස හඳුන්වනවා. මේ තත්ත්වය අන්ධභාවය ඇති වීමට සුලභ හේතුවක් වෙනවා.
ඒ වගේම ,සියුම් රුධිර නාලිකා අවහිර වීමත් සිදුවෙනවා. එමඟින් “ කහ ලපය” ප්‍රදේශයට රුධිර සැපයුම නැතිවී යනවා. සමහරවිට Exudates නම් කුඩා අංශු දෘෂ්ටිවිතානය මත හට ගන්නවා. මේවා මඟින් ඔබගේ ඇස් පෙනීමට බලපෑම් ඇති කරනවා.
👉 NPDR අවධියේදී රෝගියාගේ පෙනීම බොඳවීමකට හෙවත් අපැහැදිලි තත්ත්වයකට ලක්වෙනවා.
⚫ PDR ( Proliferative Diabetic Retinopathy )
👇👇👇👇
මේ අවධිය රෝගයේ වඩාත් උච්චතම අවස්ථාව වෙනවා. මෙය ආරම්භ වන්නේ, දෘෂ්ටිවිතානය මත අළුතෙන් රුධිර නාලිකා අක්‍රමවත්ව හටගන්නා විටයි. “ neovasculanzation ” ලෙස හඳුන්වනවා.
මෙම අලුත් බිඳෙන සුළු රුධිර නාලිකා බොහෝවිට අම්මය රසය (Vitreous Cavity) තුළට රුධිරය වහනය කරවනවා.
මේ රුධිර වහනය සුළු එකක් නම් ඔබේ දෘෂ්ටියේ කලු ලප කිහිපයක් පාවෙනු දැකිය හැකියි.
රුධිර වහනය අධික එකක් නම් පෙනුම සම්පූර්ණයෙන්ම නැතිවී යා හැකියි.
ඉහත කී නව රුධිර නාලිකා නිසා දෘෂ්ටිවිතානය පටලයක් සේ ගැලවී යාමද සිදුවිය හැකියි.එය “ Retinal Detachment ” ලෙස හඳුන්වනවා.
👉 PDR අවධිය ඉතා අවධානම් වන අතර ඔබේ පෙනුම සම්පූර්ණයෙන් වුවද නැතිවී යන්නට පුළුවන්.
🔘 රෝග ලක්ෂණ මොනවාද ?
රෝගය සහිත වුවත් ඔබට කිසිම රෝග ලක්ෂණයක් නොදැනී තියෙන්න ඉඩකඩ තියෙනවා.මෙයට හේතුව වන්නේ රෝගයේ මුල් අවධියේදී රෝග ලක්ෂණ සුළු හා අවම වීමයි.
නමුත් දියවැඩියාව උත්සන්න වන විට රෝග ලක්ෂණ ක්‍රමයෙන් මතුවීමට පටන් ගන්නවා.
ඒවා නම්,
▪️පෙනීම බොඳවීම/ අපැහැදිලි වීම (Blurry vision)
▪වරින් වර පෙනීම පැහැදිලි හා අපැහැදිලි වීම.
▪️නිතර යමක් /අඳුරු ලප පැවතෙන්නාක් මෙන් පෙනීම.
▪️දෘෂ්ටි පථයේ අඳුරු ප්‍රදේශ පෙනෙන්න ගැනීම.
▪️රාත්‍රී අන්ධතාවය.
▪️සම්පූර්ණ අන්ධතාවය.
ඉහත රෝග ලක්ෂණ බොහෝවිට ඇස් දෙකේම එකවර හටගන්නවා.
💁♀️💁♀️
🔘 රෝගය හඳුනාගන්නේ කෙසේද?
1. දෘෂ්ටිවිතාන පරීක්ෂාව ( Fundoscopy )
මෙහිදී දියරමය ඖෂධයක් ( eyedrop) ඇසට දමා කණිනිකාව විශාල කරනු ලබනවා.ඉන්පසු ඔබේ අක්ෂි වෛද්‍යවරයා විශේෂ කාචයක් මඟින් ඇසේ අභ්‍යන්තර කොටස් නිරීක්ෂණයට ලක් කරනවා. මෙය ශ්‍රී ලංකාව තුළ සුලබව භාවිත වන ක්‍රමයකි.
2. Optical Coherence Tomography (OCT)
මෙය වෛද්‍යවරයා නිර්දේශ කරන විශේෂ පරීක්ෂණයක් වෙනවා. මෙහිදී දෘෂ්ටිවාතානයේ ඉතා පැහැදිලි රූප ලබා ගන්නවා.එමඟින් ගන්නා තොරතුරු ඇසුරෙන් රෝගය හඳුනාගන්න පුළුවන්.
3. Fluorescein Angiography / OCT Angiography
▪️Fluorescein Angiography වලදි වර්ණකයක් යොදා ගනිමින් දෘෂ්ටිවිතානයේ රුධිර නාලිකා ජාලය පරීක්ෂාවට බඳුන් කරනවා.
▪️OCT Angiography නවීනතම පරීක්ෂාවක් වන නිසා රුධිර නාලිකා පරීක්ෂාවට වර්ණකයක් යෙදීම අවශ්‍ය වෙන්නෙ නෑ.
🔘 ප්‍රතිකාර මොනවාද?
▫️ශරීර සීනි /ග්ලූකෝස් මට්ටම පාලනය
මනා සීනි පාලනය රෝගයේ ප්‍රධානම ප්‍රතිකාර ක්‍රමය වගේම එමඟින් රෝගය වළක්වා ගන්නත් පුළුවන්.ආහාර පාලනය හා නිසි දියවැඩියා ඖෂධ ලබාගත යුතු වෙනවා.
එමඟින් ඔබගේ නැතිවූ පෙනීම නැවත ලබාගත හැක.
▫️ Anti-VEGF ඖෂධය
මෙය ඉතා වැදගත් මෙන්ම මිලෙන් අධික ඖෂධයක් වෙනවා.එම ඖෂධය Avastin , Eglea සහ Lucentis යන නම් වලින් ලබාගන්න පුළුවන්. නමුත් මෙය අක්ෂි වෛද්‍යවරයෙකු මඟින් අක්ෂි බෝලය තුළට විදිය යුතුයි.
මෙමඟින් දෘෂ්ටි විතානයේ ඉදිමීම අඩු කරනවා. බොහෝ විට මෙම ඖෂධය එක වරකට වඩා ඇසට විදිය යුතුයි.
▫️Laser ප්‍රතිකාර
විශේෂ යන්ත්‍රයක් මඟින් ඔබේ අක්ෂි වෛද්‍යවරයා මෙම ලේසර (Laser) ප්‍රතිකාරය සිදු කරනවා.
එහිදී ලේසර් කිරණ යොදාගෙන දෘෂ්ටි විතානයේ කාන්දු වන රුධිර නාලිකා සීල් කරනු ලබනවා. මෙයද එකවරකට වඩා ලබාගත යුතුයි.
▫️Vitrectomy
රෝගයේ ඉතා උත්සන්න අවස්ථාවලදී විශාල රුධිර ගැලීමක් ඇස තුළ සිදුවූ විට, Vitrectomy නම් ශල්‍යකර්මය සිදු කළ යුතු වෙනවා.
එහිදී රුධිරය ගැලූ අම්මය රසයේ (Vitreous ) කොටසක් ඉවත් කිරීම සිදු කෙරෙනවා.
මෙමඟින් ආලෝක කිරණ දෘෂ්ටිවිතානය වෙත ගමන් කිරීමට ඇති බාධා ඉවත් කෙරෙනවා.
🔘 Diabetic Retinopathy වළක්වාගන්න පියවර 5ක්.
1. ශරීරයේ ග්ලූකෝස් / සීනි මට්ටම නිතර පරීක්ෂා කර දියවැඩියාවෙන් වැළකී සිටින්න.
2. දැනටමත් ඔබ දියවැඩියා රෝගියෙක් නම්, නිසි වෛද්‍ය උපදෙස් පිළිපදිමින් දියවැඩියාව මනාව පාලනය කරගන්න.
3. දියවැඩියා රෝගීන් , අනිවාර්යයනේම වසරකට වරක් අවම වශයෙන් අක්ෂි වෛද්‍යවරයෙකු හමු වී ඇස් පරීක්ෂා කරවා ගන්න.
4. ඔබගේ ඇස් පෙනීමේ අඩුවීමක් හෝ යම් වෙනසක් ඇත්නම් ප්‍රමාද නොවී අදම අක්ෂි වෛද්‍යවරයෙකු හමුවන්න.
5. ඔබට Diabetic Retinopathy ඇතිබව හඳුනාගත් පසු හැකි ඉක්මනින් එයට අදාළ ප්‍රතිකාර සඳහා යොමුවන්න.
💁♀️💁♀️💁♀️💁♀️💁♀️💁♀️
ඔබ සැමට නිරෝගී සුවබර දිවියක් උදා වේවා