blogImage

භෞත චිකිත්සාවෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ

📌 භෞත චිකිත්සාවෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ 🙃 

 

අද, එනම් සැප්තැම්බර් 08 වන දා ලෝක භෞත චිකිත්සක දිනයයි 

 

රෝගී ජීවිත සුවපත් කොට නැවත සාමාන්‍ය ජීවන රටාවකට රෝගියා යොමු කිරීමේදී මහඟු කාර්යභාරයක් ඉටු කරන භෞත චිකිත්සකවේදීන් වෙනුවෙන් වෙන්වී ඇති අද දවසේ, භෞත චිකිත්සාව පිළිබඳව කෙටියෙන් දැන ගැනීම වටිනවා. 😊 

 

භෞත චිකිත්සාව යනු රෝගියෙකුගේ ක්‍රියාකාරීත්වය, යහ පැවැත්ම හා සංචලතාව නැවත යතා තත්වයට පත් කිරීමට, පවත්වාගෙන යාමට, උපරිම තලයට ගෙනයාමට යොදා ගන්නා ප්‍රතිකාර ක්‍රමයයි. ☺️ 

 

📌 භෞත චිකිත්සාවෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ මොනවාද? 🤔 

 

01. වේදනාව සමනය කිරීමට උපකාරී වීම. 

 

දීර්ඝකාලීනව පවතින වේදනාව යනු රෝගියෙකු මුහුණ දෙන අවාසනාවන්තම තත්වයක්. විශේෂයෙන්ම නිශ්චිතවම හඳුනා ගත නොහැකි, කාලයක් තිස්සේ පවතින වේදනාවක් කියන්නේ ශාරීරිකව මෙන්ම මානසිකව ද පීඩාකාරී තත්වයක්. 😟 

 

මාංශ පේශී වේදනා, සන්ධි වේදනා, කොන්දේ වේදනා වැනි තත්ව වලදී එම වේදනාවලින් අත් මිදීම සඳහාත් මාංශ පේශී හා සන්ධි ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගැනීමත් භෞත චිකිත්සාව තුලින් සිදු කරනවා. 😊 

 

02. අංශභාග තත්ව වලින් පසු නැවත සාමාන්‍ය තත්වයට පත්වීමට උපකාරී වීම. 

 

අප බොහෝ දෙනෙක් දන්න කරුණක් තමයි අංශභාග තත්වයකදී ශරීරයේ එක් පැත්තක් හෝ එක් කොටසක් අඩපණ වීමෙන් ක්‍රියාකාරකම් සිදු කිරීමට නොහැකි වීම. 😕 

 

භෞත චිකිත්සාවේදී මේ ශාරීරික කොටස් වල ශක්තිය නැවත වැඩි කරමින් රෝගියාගේ ඉරියව්ව, සමබරතාවය රැකගනිමින් ඇවිදීම වැනි එදිනෙදා කටයුතු සාර්ථකව ඉටු කර ගැනීමට මහඟු පිටුවහලක් ලබා ගන්න පුළුවන්. 😇 

 

03. ක්‍රීඩාවේදී සිදුවන අනතුරු වලින් ප්‍රකෘති තත්වයට පත්වීම ඉක්මන් කිරීම හා අනතුරු වළක්වා ගැනීම. 

 

භෞත චිකිත්සක වරුන්ට ඒ ඒ ක්‍රීඩාවේදී ඔබට ඇතිවිය හැකි අනතුරු පිළිබඳව ඉතා හොඳ අවබෝධයක් පවතී. උදාහරණයක් ලෙස දිගු දුර ධාවකයන්ට ඇතිවන Stress fractures අපට සැලකිය හැකිය. 🙂 

 

මේ අනුව ඒවා කලින්ම හඳුනාගෙන ඒවා ඇති නොවීමට විශේෂිත ව්‍යායාම් ක්‍රම හඳුන්වා දීම සිදු කරන අතරම යම් අනතුරක් සිදු වූ විට නැවත යතා තත්වයට පැමිණ ක්‍රීඩාවේ නිරත වීමට අවශ්‍ය කාලය අවම කිරීම භෞත චිකිත්සාව මගින් සිදු කරයි. 😊 

 

04. වයස්ගත වීම සමග පැන නගින ගැටළු වලට විසඳුම් ලබාදීම. 

 

වියපත් වීමේදී බොහෝ වැඩිහිටියන් හට ආතරයිටීස් හා ඔස්ටියෝපොරෝසීස් වැනි රෝග තත්ව වලට භාජනය වෙනවා. 🙁 

 

සමහර අවස්ථාවලදී උකුල් අස්ථිය, දණහිස ආදී සන්ධි බද්ධ කිරීමට පවා සිදු වෙනවා. මෙවැනි අවස්ථාවලදී වයස් ගත පුද්ගලයින්ට නැවත මෙම තත්ව වලින් පසුව ප්‍රකෘති තත්වයට පත්වීමට භෞත චිකිත්සාව තුලින් ඉමහත් ප්‍රතිලාභයක් ලැබෙනවා. 😇 

 

05. ශල්‍යකර්ම වලට පසුව රෝගියාගේ ක්‍රියාශීලී බව වැඩි කිරීම. 

 

බරපතල අනතුරකට හෝ ප්‍රධාන ගණයේ ශල්‍යකර්මයකට පසු රෝගීන් ශාරීරිකව දුබල තත්වයට පත්වෙන්න පුළුවන්. 🙁 

 

ඉතිං එවැනි අවස්ථාවකදී එදිනෙදා ක්‍රියාකාරකම් වන කෑම ගැනීම, යමක් ලිවීම, සනීපාරක්ෂාව සඳහා වන මූලික කටයුතු සිදු කර ගැනීම වැනි දේවල් පවා අසීරු වන්න පුළුවන්. 🙁

 

ක්‍රම ක්‍රමයෙන් ව්‍යායාම් හරහා ප්‍රතිකාර කිරීම මගින් නැවත වරක් සාමාන්‍ය අන්දමට එදිනෙදා කටයුතු කර ගැනීමට භෞත චිකිත්සාව මනා උපකාරයක් වෙනවා. 😊 

 

විශේෂයෙන්ම අස්ථි සම්බන්ධ ශල්‍යකර්ම වලදී නැවත එම රෝගියාගේ අදාළ අස්ථියට අවශ්‍ය චලනයන් පෙර පරිදිම සිදු කර ගැනීම සඳහා භෞත චිකිත්සාව යොදා ගන්නවා. 🙂 

 

06. රෝග තත්ව වලදී ප්‍රතිකාර ක්‍රමයක් ලෙසට භාවිතා කිරීම. 

 

බොහෝ දෙනා භෞත චිකිත්සාව යනුවෙන් හඳුනාගෙන සිටින්නේ ව්‍යායාම් සිදු කිරීම පමණක් කියායි. නමුත්, සමහර රෝගී තත්ව වලට ප්‍රතිකාර කිරීමේදී එම ප්‍රතිකාර වල අංගයක් ලෙසට භෞත චිකිත්සාව භාවිතා කරනවා. 🙂 

 

ශ්වසන පද්ධතිය ආශ්‍රිත Bronchiestasis හා නිව්මෝනියා තත්ව වලදී පවා මෙය භාවිතා වන අවස්ථා එමටයි. ශ්වසන නාළ වල එකතු වූ සෙම් හා අනෙක් තරල ඉවත් කිරීම මගින් ශ්වසනය පහසු කිරීම මෙහි අරමුණයි. 😇 

 

දැඩි සත්කාර ඒකක ( ICU ) වලදී එම රෝගීන් සඳහා භෞත චිකිත්සාව බහුලව භාවිතා කරනවා. 🙂 

 

07. රෝග හා අනතුරු වළකා ගැනීමට උපකාර වීම. 

 

වයස්ගත රෝගීන් ගිලන් වී දිගු කලක් ඇඳ මත සිටීමේදී විවිධ රෝගාබාධ රාශියක් ඇති වෙන්න හැකියාව පවතිනවා. ශරීරයේ පීඩන ස්ථාන වල තුවාල ඇතිවීම, රුධිර නාළ වල රුධිර කැටි ඇතිවීම වගේ සංකූලතා ඇතිවීම වළක්වා ගැනීමට නම් භෞත චිකිත්සාව අනිවාර්ය දෙයක්. 🙂 

 

මේ ආකාරයෙන් භෞත චිකිත්සාවෙන් රෝගියන්ට ලැබෙන වාසි හා එහි වැදගත්කම මෙතෙක් යැයි කියා නිමකළ නොහැකිය. 🙂 

 

නමුත්, අවාසනාවන්ත කරුණ නම් අපේ ඇතම් රෝගීන් මේ පිළිබඳව අවතක්සේරුවට ලක් කර මේ භෞත චිකිත්සාව සඳහා නිවැරදිව යොමු නොවීම නිසා එයින් සාර්ථක ප්‍රතිඵල ලඟා කර ගැනීමට නොහැකි වෙනවා. 🙁 

 

සමහර රෝගීන් භෞත චිකිත්සාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගෙන රෝගී වීමට පෙර සිටි ක්‍රියාශීලී ජීවන රටාවට ඉතා ඉක්මනින් යොමු වෙනවා. 😊 

 

ඉතිං අවසාන වශයෙන් ලබා දෙන පණිවිඩය නම්, 

 

භෞත චිකිත්සාව ඔබගේ රෝගය සුව කිරීමේදී මනා අයුරින් උපකාරී කරගෙන එහි උපරිම ප්‍රතිලාභය අත් විඳින්න

blog_image
blog_image