blogImage

මොකක්ද Morbid Jealousy කියලා කියන්නෙ

📌 කාන්තාවක් හා පුරුෂයෙකු අතර පවතින සම්බන්ධතාවයකදී හෝ විවාහයකදී එම සම්බන්ධතාවය රඳා පවතින ප්‍රධාන සාධකය වන්නේ දෙදෙනා අතර එකිනෙකා පිළිබඳව ඇති විශ්වාසයයි. ☺️

 

📌 ඒ විශ්වාසය බිඳී යාම නිසා නැවතුණු සම්බන්ධතා ඕනෑ තරම් ඔබ අත්දකින්නට, සමහරවිට අත්විඳින්නට ඇති. 

 

📌 නමුත් පමණට වඩා සැකය, හේතුවක් නොමැතිව ගොඩ නැගෙන අවිශ්වාසය නිසා සමහර අවස්ථා වලදී මේ සම්බන්ධතා තුළ බොහෝ දෙනා පීඩා විඳින ආකාරය මනෝ වෛද්‍යවරියක් ලෙස මම දැක ඇත්තෙමි.  🥺

 

📌 මෙවැනි ලක්ෂණ වලට විවිධ නම් භාවිතා වෙයි.

 

Morbid Jealousy, Delusional Jealousy නැතහොත් Othello Syndrome ආදී ලෙස මෙය හඳුන්වයි.

 

📌 මොකක්ද Morbid Jealousy කියලා කියන්නෙ ? 🤔 

 

තමාගෙ සහකාරිය හෝ සහකරුවා කිසිඳු පිළිගත හැකි සාධකයක් රහිතව වෙනත් අයෙක් සමගින් සම්බන්ධතාවයක් ගොඩනගා සිටි බව හෝ තවමත් සිටින බවට ඉතා තදින් විශ්වාස කිරීම Morbid Jealousy තත්වයයි. 🥲

 

මේ අවිශ්වාසය නිසා එම පුද්ගලයාගේ එදිනෙදා වැඩ කටයුතු වලට, ඔවුන්ගේ සම්බන්ධතාවයට වගේම අනෙක් පුද්ගල හා සමාජ සම්බන්ධතා වලට බලපෑමක් ඇතිවීම මෙහිදී සිදුවේ. 🙁

 

පුංචි පුංචි සැක සංකා ඇතිවීම, අවිශ්වාසය මතුවීම, ඕනෑම සම්බන්ධතාවයකට පොදු සමාන තත්වයකි.

 

නමුත් මෙහිදී අප කථා කරන Morbid Jealousy තත්වය එම සාමාන්‍ය තත්වයට වඩා වෙනස් විශේෂිත තත්වයකි. 😕

 

📌 මේ තත්වයේදී සිදු වන්නේ කුමක්ද ? 🤔

 

තමන්ගේ සහකරුවා හෝ සහකාරිය වෙනත් අයෙකු සමගින් අයුතු සම්බන්ධයක් ගොඩනගා ගෙන තමාට වංචාවක් සිදු කරන බවට දැඩි විශ්වාසයකට එළඹ සිටියි. 😟

 

මේ හේතුවෙන්, 

 

තම සහකරුවා හෝ සහකාරිය පාලනය කිරීමට උත්සහ කරයි. ඕනෑම සංවාදයකදී මේ කරුණ ඉස්මතු කිරීමට උත්සහ ගනී. ඔහු හෝ ඇය යන එන ගමන් බිමන් පසු පසින් ගොස් ලුහු බඳියි. ☹️

 

දුරකථන ඇමතුම්, අන්තර්ජාලය නිතරම පරීක්ෂා කර බලයි. ඔවුන්ගේ රැකියා ස්ථානයේ හෝ අධ්‍යාපනය ලබන ස්ථානයේ යම් අයෙක් සමග සම්බන්ධයක් ඇති බව පවසමින් එම ස්ථානවලට යාම තහනම් කරයි. 😟

 

රැකියාවෙන් අස්වීමට, අධ්‍යාපනය නැවැත්වීමට බලපෑම් කරයි. 

 

යම් පුද්ගලයෙකු සමග කතා කරන ලද සියලු දේ නැවත නැවත වචනයක් පාසා විස්තර කිරීමට සලස්වයි. මේ ආකාරයේ නැවත නැවත විස්තර අසා එක් වචනයක් හෝ වෙනස් වුනි නම් බොරු කරන බවට චෝදනා කරයි. 🙂

 

ඔබ යම් පුද්ගලයෙකු සමග කථා කිරීම, ඔබේ මුහුණේ ඉරියව් වෙනස් වීම, ඔබ ගීතයක් මුමුණමින් සිටීම වැනි දෑ ඔබ අයුතු සම්බන්ධයක් ආරම්භ කර ඇති බවට සාධක ලෙසට ඉදිරිපත් කරයි. ☹️

 

ඇතම් විට ඔබේ පෞද්ගලික බඩු භාණ්ඩ පවා පරීක්ෂා කරයි. 

 

සමහර අවස්ථා වලදී යට ඇඳුම් පවා පරීක්ෂාවට ලක්කර ලිංගික ශ්‍රාවයන් පිළිබඳව විමසන අවස්ථාද පවතී. 😕

 

තම සහකරුවා හෝ සහකාරිය අවශ්‍ය පමණට ලිංගිකව තෘප්තිමත් වුවහොත් මෙවැනි තත්ව ඇති නොවේවි යැයි සිතමින් අධික ලෙස ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වීම සිදු කරයි. 🙁

 

මෙම තත්ව ඉතා උග්‍ර වූ විටදී තමන්ගේ දරුවන්, තමන්ගේම දරුවන් නොව බවට චෝදනා කිරීමට පවා පෙළඹෙයි. 😟

 

මේ ආකාරයේ අවිශ්වාසය මත ගොඩ නැගුණු සාමාන්‍ය පුද්ගල හැසිරීමට වඩා එහා ගිය අසාමාන්‍ය චරිත ස්වභාවයක් පුද්ගලයාගෙන් නිරීක්ෂණය වෙයි 🙂

 

📌 මේ මගින් ඇතිවන බලපෑම් මොනවාද? 🤔

 

දිගින් දිගටම මේ ආකාරයෙන් කටයුතු කිරීමේදී දෙදෙනාම පීඩාවට පත් වෙයි. 

 

සැකයට භාජනය වී සිටින පුද්ගලයා සෑමවිටම තමන්ගේ සහකරුවා හෝ සහකාරිය තමාව විමර්ශනයට ලක්කරන අයුරක් සාමාන්‍ය අවස්ථාවලදී පවා දැනී යයි. දිගු කාලීනව මේ තත්වයෙන් පීඩා විඳින නිසා විශාදය ( Depression ) තත්වයට පත්වීමට ඉඩ පවතී. 😟

 

මෙලෙස Morbid Jealousy තත්වය පවතින පුද්ගලයා ඔහුට ඇති අධික සැකය හා අවිශ්වාසය නිසා ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ශාරීරික පීඩාවන්ට ලක් කිරීම ආදී ක්‍රියාවන්ට එළඹීමට ඉඩ කඩ ඇත. ☹️ 

 

ඉතාමත් සංකීර්ණ රෝගී තත්ව වලදී අවාසනාවන්ත ලෙසට ජීවිත හානි සිදු කිරීමට පවා පෙළඹීමට තරම් තත්වය දරුණු විය හැකියි 🥺

 

සමහර අවස්ථාවලදී වෙනත් තුන්වන පාර්ශවයකටද මෙයින් බලපෑම් එල්ල විය හැකිය. 

 

📌 මෙය ඇතිවීමට බලපාන හේතු මොනවාද? 🤔

 

මෙම රෝගී ලක්ෂණය රෝගී තත්ව ගණනාවක් නිසා ඇති විය හැකියි. 

 

• සයිපෙන්සියාව ( Persistent Delusional Disorder ) 

• භින්නෝද්මාදය

• මත්පැන් ආශ්‍රිත ‍රෝග තත්ව වලදී

• පෞර්ෂත්ව ආබාධ සහිත රෝග තත්වවලදී

 

එමෙන්ම විශාදය ( Depression ) හා Bipolar Affective Disorder වැනි රෝග තත්ව හා සබැඳියාවක් මෙම ලක්ෂණ වල දැකිය හැක. 😟

 

📌 රෝග නිර්ණය හා ප්‍රතිකාර කිරීම 

 

මනෝ වෛද්‍යවරයෙකු හමුවී රෝගියා සමග සාකච්ඡා කර නිවැරදි රෝග ඉතිහාසය හා සායනිකව පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසුව රෝග නිර්ණය කරනු ලැබේ. 😊

 

නමුත් ඇතැම් අවස්ථා වලදී අදාළ පුද්ගලයා මනෝ වෛද්‍යවරයෙක් හමු වීම ප්‍රතික්ෂේප කළ හැකිය. 😕

 

එවැනි අවස්ථාවකදී මෙ කටයුත්ත තරමක් අසීරු විය හැක ☹️

 

📌 රෝගයට ප්‍රතිකාර කිරීම.

 

මෙම රෝග ලක්ෂණයට මුල් වන රෝගී තත්වය හඳුනාගෙන ඊට අඳාළව ප්‍රතිකාර ක්‍රම භාවිතා කරයි. ☺️

 

එහිදී, 

 

        • ඖෂධීය ප්‍රතිකාර 

        • මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම

        • සමාජීය ප්‍රතිකාර ක්‍රම

                                  භාවිතා කරනු ලබයි.

 

ඇතැම් සුන්දර ආදර කතා ඛේදවාචක වලින් අවසන් වූ පුවත් ඔබ අසන්නට දකින්නට ඇත. සමහර ඒවා පසුපස ඒ සඳහා වූ හේතුව වන්නේ මේ තත්වයයි. 😕 

 

එම නිසා මේ තත්ව කලින් හඳුනාගෙන නිවැරදි ප්‍රතිකාර වලට යොමු වීමෙන් ශෝකාන්තයකින් කෙලවර නොවී සතුටුදායී සුන්දර දිවි පෙවෙතකට යොමු වීමේ භාග්‍යය ළඟා කර ගත හැකිය

blog_image
blog_image