blogImage

ඔබේ පුංචි දරුවා නින්දෙන් ගොරවනවාද?

📌ඔබේ පුංචි දරුවා නින්දෙන් ගොරවනවාද?🤔

හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා නින්දෙන් අවදි වෙනවාද?🤔

 

     සෙම්ගෙඩි කියන්නේ පුංචි දරුවන්ට නිතර වැළඳෙන රෝගී තත්වයක්😢 කුඩා දරුවන් වගේම දෙමාපියනුත් මේ තත්ත්වය නිසා පීඩා විඳිනවා😖 ඉතිං සෙම්ගෙඩි ගැන හරියටම දැනගන්න මේ ලිපිය කියවන්න🙂 මේ වටිනා වෛද්‍ය දැනුම ඔබට ලබා දෙන්නේ උගුර, කන, නාසය පිළිබඳ විශේශඥ ශල්‍ය වෛද්‍ය එස්. සෙල්වරත්නම් වෛද්‍යතුමා විසින්🤗

 

📍 වෛද්‍යතුමනි, සෙම්ගෙඩි කියලා කියන්නෙ මොකක්ද?🤔

 

     සෙම්ගෙඩි නැත්නම් ටොන්සිල් කියලා හඳුන්වන්නේ උගුරේ පසුපස පිහිටා ඇති පටකවල ගැටිතියි🙂 මේ ගැටිති උගුරේ දෙපැත්තෙන් පිහිටා තිබෙනවා. ඒ වගේම නාස් කුහරයේ පිටුපසින් ඇඩිනොයිඩ් ( Adenoid) කියන පටක කොටස පවතිනවා🙂 සෙම්ගෙඩි හා ඇඩිනොයිඩ් කියන්නේ අපගේ ශරීරයේ ඇති වසා පද්ධතියේ කොටසක්. සාමාන්‍යයෙන් ඇඩිනොයිඩ් දරුවාගේ වර්ධනය සමඟ වයස අවුරුදු පහක් හයක් පමණ වනවිට නැතිවී යනවා🙂

     කුඩා දරුවන්ගේ සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවීමත් සමඟ ඇඩිනොයිඩ් විශාල වෙනවා.මේ තත්වය Adenoid hypertrophy කියලා හඳුන්වනවා. Adenoid hypertrophy නිසා නාසය අවහිර වෙන්න පුළුවන්. සමහර වෙලාවට සෙම්ගෙඩි විශාල වීම නිසා හා ඇඩිනොයිඩ් විශාල වීම යන දෙකම නිසාවෙන් නාසය හිරවෙන්න පුළුවන්😖 

 

📍ඉතිං වෛද්‍යතුමනි සෙම්ගෙඩි ඇතිවීමට හේතු මොනවාද?🤔

 

     දරුවාගේ උගුරේ සෙම්ගෙඩි ඇතිවීම බැක්ටීරියා නිසා මෙන්ම වෛරස් ආසාදන නිසාත් සිදුවෙන්න පුළුවන් 🤨

     උගුර ආශ්‍රිතව සෙම්ගෙඩි ඇතිවන්නේ Streptococcus pyogens කියන බැක්ටීරියාව නිසාය🙂

     මීට අමතරව, 

          ප්‍රතිශක්තියේ දුර්වලතාවයන්🫠

          සීතල ආහාරපාන🍧

          සීතල පරිසරයක ජීවත් වීම🌨️

ආදී හේතු බලපානවා.🙂

 

📍මේ විදියට සෙම්ගෙඩි විශාල වීමෙන් දරුවාට ඇතිවන ගැටළු මොනවාද?🤔 

 

     •උගුරේ වේදනාව 😩

     • ආහාර ගිලීමේ අපහසුතාවය 😖

     • සෙම්ගෙඩි වටා කහ හෝ සුදු ග්ලේස්මල ඇතිවීම🙁

     • බෙල්ල ප්‍රදේශයේ ඉදිමුම😟

වගේ රෝග ලක්ෂණ ඇතිවෙනවා😑

 

* ඒත් එක්කම මේ නිසා දරුවාට ගැටළු රාශියක් ඇතිවෙන්න පුළුවන් 

 

     නාස් කුහරය අවහිර වීමෙන් හුස්ම ගැනීමේ අපහසුතාවය දරුවාට ඇතිවෙනවා😣 මේ නිසා දරුවා කටින් හුස්ම ගැනීම සිදුකරනවා. මේකට අපි Mouth Breathing කියලා කියනවා.

     දරුවාට නින්ද ගිය පසු මෙහෙම හුස්ම හිරවීම නිසා දරුවා හුස්ම ගැනීමේ අපහසුවක් සමඟම නින්දෙන් අවදිවෙනවා😟 රාත්‍රී කාලයේදී කිහිප වතාවක්ම මේ විදියට හුස්ම හිරවී නින්දෙන් අවදි වෙනවා🤨  මේක අපි sleep apnea කියලා හඳුන්වනවා.

     සාමාන්‍යයෙන් පුංචි දරුවන් නින්දෙන් ගොරවන්නේ නැහැ🙂 ඒත් මේ ආකාරයට ඇඩිනොයිඩ් විශාල වීම නිසා නින්දෙන් ගොරවන්න පුළුවන්.

 

📍 විශේෂඥ වෛද්‍යතුමනි, මේ ආකාරයට බැක්ටීරියා නිසා හටගන්න ාසෙම්ගෙඩි නිසා අතුරු ආබාධ හෝ සංකූලතා ඇතිවෙනවාද?🤔

 

     සෙම්ගෙඩි නිතර නිතර ඇතිවෙනවා නම් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනී🤨 

     සෙම්ගෙඩි නිසා ඇතිවන සන්ධි ප්‍රදාහය හේතුවෙන රුමටික් ආතරිටිස් (Rheumatic arthitis )හා රුමටික් උණ🤒 (Rheumatic fever) යන රෝග වැළඳෙන්න පුළුවන්🙃

     මේ රුමටික් උණ තත්ත්වය සමඟ හෘදය වස්තුවට බලපාන Carditis නම් තත්ත්වය ඇතිවීමෙ අවදානමක් දරුවාට තිබෙනවා🥲

     පුංචි දරුවන්ගේ වකුගඩු වලටත් නිතර නිතර සෙම්ගෙඩි ඇතිවීමෙන් බලපෑමක් එල්ල වෙන්න හැකියාවක් තිබෙනවා🙃

     වකුගඩු ආශ්‍රිතව ඇතිවන මේ තත්ත්වය Acute glomerular nephritis කියලා හඳුන්වනවා. 

එවැනි අවස්ථාවකදී, 

     • මූත්‍රා රතු පැහැති වීම

     • මූත්‍රා කිරීමේදී පිටවන වේගය හා පීඩනය අඩු වීම.

     • උණ

වැනි රෝග ලක්ෂණ ඇති වෙනවා.

 

     මේ වකුගඩු රෝගී තත්ත්වය නිසා පුංචි දරුවන් අධිරුධිර පීඩනය වැළඳීමේ හැකියාවක් තියෙනවා🤨 

 

📍ඉතිං වෛද්‍යතුමනි, මේ සෙම්ගෙඩි සඳහා පවතින ප්‍රතිකාර මොනවාද?🤔 

 

     බැක්ටීරියා ආසාදන සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාදීමට සිදුවෙනවා🙁 වෛරස් ආසාදනයකදී සාමාන්‍ය ඖෂධ ප්‍රතිකාර ලබාදෙනවා🙂

     නමුත් මේ ඖෂධ ප්‍රතිකාර වලින් සුවයක් නොලැබෙනවානම් හෝ නිතර නිතරම ආසාදනය වෙනවා නම් සෙම්ගෙඩි ඉවත්කිරීම ශල්‍යකර්මයක් මඟින් සිදු කරනවා🙂 

      

📍ශල්‍යකර්මයක් කිව්වම අපේ අම්මලා ටිකක් බයවෙන කාරණාවක් ඔබතුමා මේ ශල්‍යකර්මය පිළිබඳව විස්තර ඉදිරිපත් කලොත් එහෙම අනවශ්‍ය බියක් ඇතිකර ගන්නේ නැතිවෙයි🙃

 

      මෙහිදී ශල්‍යකර්මයක් මඟින්  Adenoid ඉවත් කිරීම සිදුකරනවා. මෙහෙම Adenoid ඉවත් කිරීමෙන් දරුවාට කිසිම බලපෑමක් ඇතිවෙන්නේ නැහැ🙂 මෙයින් දරුවාට පහත වාසි ලැබෙනවා👇

 

• දරුවාට රාත්‍රියට සුව නින්දක් උරුම වෙනවා☺️ එහෙම උනාම දරුවාගේ ශාරීරික ක්‍රියාකාරීත්වය වගේම ඉගෙනීමේ කටයුතුත් අපහසුවකින් තොරව ප්‍රබෝධයෙන් සිදුකරනවා🙂

• දරුවා කටින් හුස්ම ගැනීම අඩුවී යන නිසා එසේ කටින් හුස්ම ගැනීමෙන් කිරි දත් වල ඇතිවන විකෘතිතාවය නැතිවී දත් ඉදිරියට නෙරා ඒමත් නැතිවෙනවා🙂 

•. ශ්‍රවනය හා කථනය සම්බන්ධ ගැටළු සමථයකට පත්වෙනවා🙂

 

✍️සාකච්ඡා මෙහෙයවීම 

 

Punya Chandani De Silva

 

විශේෂඥ අදහස් දැක්වීම      

      Consultant ENT surgeon 

      Dr. S Selvarathnam

      NH Kandy.

blog_image
blog_image