blogImage

දරුවන්ගේ ඔළුව වැදිලා ගෙඩි ගැහිලා නම් ඔබ කල යුත්තේ කුමක්ද ?

📌දරුවන්ගේ ඔළුව වැදිලා ගෙඩි ගැහිලා නම් ඔබ කල යුත්තේ කුමක්ද?🤔 

 

     පුංචි පැටව් යන්තම් ඇවිදින්න පටන් ගන්න කාලේ ඉඳලම වැටෙනවා, හැප්පෙනවා, ඔළුව වද්දගන්නවා🥲 එහෙම ඔළුව වැදුනම අම්මලා හරියට බය වෙනවා😟 සමාජයේ ඇති විවිධ මතිමතාන්තර නිසා අම්මලා දරුවන්ගේ ඔළුව වැදුනම හරියට කලබල වෙනවා🙁

 

ඉතින්, 

       මෙහෙම ඔළුව වැදුනම මොළයට හානියක් වෙනවද?

       දරුවාට දිගුකාලීනව බලපෑමක් තියෙනවද?

 

     මේ ප්‍රශ්න වලට පිළිතුර ලබාදෙන්න අපි මේ පිළිබඳව සාකච්ඡා කලා😊 රාගම, උතුරු කොළඹ ශීක්ෂණ රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කාවින්ද දයාසිරි වෛද්‍යතුමා සමඟ👨‍⚕️

 

• වෛද්‍යතුමනි, දරුවන්ගේ ඔළුව වැදුනම ගෙඩි ගැහෙන එක පිළිබඳව අම්මලා දැනුවත් කිරීමෙන් අපි ලිපිය පටන් ගමු නේද?

 

     -: ඔව් ඒක ඉතා හොඳ ප්‍රවේශයක් මේ මාතෘකාවට

අපේ හිස්කබල වටා ඇති සම සාමාන්‍යයෙන් ශරීරයේ අනෙක් ප්‍රදේශ වල තියෙන සමට වඩා රුධිරනාල වලින් බහුලයි😶 ඉතින් සුළු අනතුරකදී පවා මේ රුධිර නාල පුපුරා ලේ ගැලීම සිදුවෙන්න පුළුවන්🙃 මේ ලේ ගැලීම නිසා ඒ ස්ථානයේ ගෙඩියක් ( bump) මතුවෙනවා😧 අතට හසුවන මේ ගෙඩිය සමහර විට දරුවාට වේදනාවක් ඇති කරනවා😵

 

• වෛද්‍යතුමනි, අප සමාජයේ විවිධ මත පවතිනවා මේ හිසේ ඇතිවන ගෙඩි සම්බන්ධව ,අම්මලා විදිහට දරුවාට මේ නිසා බලපෑමක් ඇතිවෙලා තියෙනවද කියලා දැනගන්නේ කොහොමද?🤔 

 

     • ඉතාම වැදගත් ප්‍රශ්නයක්, දරුවාගේ හිසට අනතුරක් සිදුවූ අවස්ථාවකදී, දරුවාගේ මොළයට එයින් හානියක් ඇතිවෙලා නම් දරුවා යම් යම් ලක්ෂණ පෙන්වනවා🤔 මේවා අපි Red flag signs කියලා හඳුන්වනවා☹️ දෙමාපියන් විදියට මේ දේවල් ගැන දැනගන්නට ඕනි😊

 

     * විටින් විට වමනය යාම🤮

     * කන නාසය වැනි ඉන්ද්‍රියන්ගෙන් ලේ ගැලීම🤧

      * නොනැවතී පවතින අධික හිසරදය 😖

      * කම්පනය/ වලිප්පුව🫨

      * සිරුරේ එක් පැත්තක් අප්‍රාණික වීම🙄

      * දරුවාට ඇස් ඇරගෙන සිටීමට අපහසු වීම😣

      * ඇවිදීමට අපහසු වීම

      * කතාවේ අපහසුතාවය 

      * දෙමාපියන් පවසන දේ තේරුම් ගැනීමට අපහසු වීම🫤

     * ඇස් පෙනීමේ, ශ්‍රවනයේ ගැටලු මතු වීම

           මෙන්න මේ දේවල් ඉතාම වැදගත්🤨 මේ ලක්ෂණ දරුවාගේ මොළයට යම් බලපෑමක් ඇතිවී ඇති බවට පලවන ඉඟි🙁

 

• අම්මලාට තියෙන තවත් ගැටළුවක් තමයි මේ වගේ අවස්ථාවකදී දරුවා රෝහල් ගත කල යුතුද යන ගැටළුව වෛද්‍යතුමනි 🤔

 

     • කලින් සඳහන් කල ලක්ෂණ එහෙම නැත්නම් red flag signs තියෙනවා නම් දරුවා රෝහලට රැගෙන යාම කල යුතුය🤨 හදිසි අවස්ථාවකදී වෛද්‍ය අධීක්ෂණය අනුව පැයෙන් පැයට වැනි කාල පරාසයක් තුල දරුවාගේ මතකය, ඇස් පෙනීම👀 හදවතේ ගැස්ම, රුධිර පීඩනය වැනි දර්ශන පිළිබඳව අවධානයෙන් ඒවා නිරීක්ෂණය කිරීම සිදුකරනවා🙂

     වෛද්‍යවරයා විසින් ලබා ගන්නා එක්ස් රේ ( x-ray) සහ CT ස්කෑන් පරීක්ෂණ අනුව  මොළයට හානියක් සිදුවී ඇත්නම් වැඩිදුර ප්‍රතිකාර සඳහා ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු වෙතට යොමු කරනවා🙂 

     නමුත්, සෑම අවස්ථාවකදීම රෝහල් ගත වීම අනිවාර්ය නැහැ🙂 

      දරුවාගේ හිසට ඇතිවූ සුළු අනතුරකින් මොළයට හානියක් නොවුනත් කම්පනය නිසා තාවකාලික ගැටළු ඇතිවන්න පුළුවන් 🧐

     හිසරදය😣 වමනය🤮 අවධානය හා මතකය පිළිබඳ ගැටළු ඇති වුවත් ඒවා තාවකාලිකයි🙂 මේ ගැටළු නැවත යථා තත්ත්වයට පත්වන නිසා මේ සඳහා රෝහල් ගත කිරීම් ආවශ්‍ය නැහැ🙂  ඔබට සැකයක් පවතී නම් වෛද්‍යවරයෙකු හමුවීම ඉතා යෝග්‍යයි👨‍⚕️

 

• විශේෂඥ වෛද්‍යතුමනි,  අම්මලාට තිබෙන තවත් ගැටළුවක් තමයි දරුවා නිදාගැනීම නිසා දරුවාගේ තත්ත්වය ගැන අවබෝධ කරගැනීමට නොහැකි වීම🤔

 

     • දරුවාගේ හිස වැදීමෙන් පසු දරුවාට සුව නින්දක් අවශ්‍ය වෙනවා🤨  ඒ නිසා අනවශ්‍ය ආකාරයට දරුවා නිතර නිතර නින්දෙන් අවදි කිරීම සුදුසු නැහැ🤨 නමුත් දරුවා නින්දෙන් අවදිකිරීමට අපහසු නම් ඉතාම ඉක්මනින් ‍රෝහල් ගත කිරීම සිදු කල යුතුයි🧐

 

•. වෛද්‍යතුමනි, යම් ආකාරයකින් මොළයට හානියක් සිදුවිමෙන් පසු දරුවා රැකබලා ගත යුත්තේ කෙසේද?🤔

 

     • මොළයට සිදු වූ හානිය නිසා ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු දරුවාගේ හැසිරීමේ යම් යම් වෙනස්කම් දක්නට ලැබෙනවා🙄 අනතුර සිදුවීමට පෙර සාමාන්‍ය හැසිරීමේ දක්නට නොලැබුනු වෙනසක් දක්නට ලැබෙනවා🧐 

     මේවා අපි සංජානන ගැටළු  ( Cognitive fatigue ) ලෙස හඳුන්වනවා.

     * සාංකාව😢

     * හිතේ කලබල ගතිය🫨

     * මතකය පිළිබඳ ගැටළු 🧐

                 මෙවැනි තත්ත්වයන් දරුවා පෙන්නුම් කරනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න🤔

     බොහෝ දරුවන් මොළයට අනතුරක් සිදුවී ප්‍රතිකාර ලැබීමෙන් පසු සුවය ලබනවා🤗😟

     පළමු සතියේදී දරුවාව නැවත වරක් හිසට අනතුරක් සිදු නොවීමට වග බලා ගැනීම වැදගත්🤨

    මුල් සති කිහිපයේදී අනතුරක් සිදුවීමට ඉඩ ඇති දැල් පන්දු, පැසිපන්දු, හොකී වැනි ක්‍රීඩා වලින් ගස් නැගීම වැනි අනතුරුදායක ක්‍රියාකාරකම් වලින් දරුවා ඈත්කර තබන්න🧐

     වේදනාව සඳහා නියමිත මාත්‍රාවට පැරසිටමෝල් ලබා දෙන්න👍නින්ද උත්තේජනය කරන ඖෂධ ලබාදෙන්න එපා❌

 දරුවාට සුවදායක නින්ද හා මානසික සතුට ඉතා වැදගත්😊 

 

සති කිහිපයක් ගත වීමෙන් පසු,

     

සති හතරක් ගතවීමෙන් පසු ඇවිදීම, පිහිනීම වැනි ක්‍රියාකාරකම් වල යෙදීම යෝග්‍ය වේ😊 

     මොළයට  හානියක් සිදුවීමෙන් පසු ප්‍රතිකාර සම්පූර්ණ කර සුවය ලත් දරුවන් සංජානන ගැටළු ( මතකය, අවධානය මානසික සතුට) මුල් කර ගත් අතුරු සංකූලතා නොමැති නම් සාමාන්‍ය ජීවන රටාවට නැවත අනුගත විය හැකිය☺️ එසේ අනුගත වීම දරුවාගේ ස්නායු සම්බන්ධයෙන් හානියක් සිදු නොවූ බවට ඔබට ලැබෙන සහතිකයකි😌

 

-: සාකච්ඡාව මෙහෙයවීම

      පුන්‍යා චාන්දනි ද සිලවා.

-: විශේෂඥ සම්පත් දායකත්වය

       ළමා රෝග පිළිබඳ විශෙෂඥ වෛද්‍ය කාවින්ද දයාසිරි

      උතුරු කොළඹ ශික්ෂණ රෝහල

      රාගම

blog_image
blog_image