blogImage

ඔළුවට වදදෙන හිස්හොරි

📌 ඔළුවට වදදෙන හිස්හොරි 

 

හිස්හොරි නැත්නම් Dandruff කියන්නේ අපේ ඔළුවට වගේම හිතටත් හරිම කරදරකාරී තත්වයක් 😖 

 

කොච්චර ෂැම්පු, තෙල් වර්ග ආලේප කළත් සමහර අයට නම් මේ හිස්හොරි වලින් ගැලවීමක් නැති තරම්. 😕 

 

ඉතිං හිස්හොරි වල වෛද්‍ය විද්‍යාත්මක පසුබිම අපි පොඩ්ඩක් කතා කරමු. 

 

හිස්හොරි කියන රෝගයේ නම Seborrheic dermatitis ( සිබොරික් ඩර්මටයිටීස් )

 

නම ටිකක් බරපතලයි වගේ හිතුනට මේ ලෙඩේ ගැන සරලව පැහැදිලි කරගන්න පුළුවන්. 😊 

 

අපේ සමේ රෝම කූප ආසන්නයෙන්ම සීබම් නම් ද්‍රව්‍යයක් නිපදවන ග්‍රන්ථියක් පිහිටලා තියෙනවා. මේ ග්‍රන්ථි වලින් නිපදවන සීබම් නම් තරලය අපේ සම මතුපිට ලිහිසි ස්වභාවයක් ඇති කිරීමටත් රෝම කූපවල ක්‍රියාකාරීත්වයටත් යම් රුකුලක් ලබාදෙනවා. 🙂

 

අපගේ හිස් කබලේ, මුහුණේ පපුව හා බඩ ප්‍රදේශයේ මේ ග්‍රන්ථි ටිකක් වැඩිපුර පිහිටලා තියෙනවා. 

 

මේ ග්‍රන්ථි සහිත සමේ ඇතිවන ප්‍රදාහමය (Inflammatory ) තත්වයන් නිසා මතුවන රෝගයක් තමයි Seborrheic dermatitis කියන්නෙ. 😕. 

 

හිස් කබල ආශ්‍රිතව මේ තත්වය ඇති වීමෙන් හිස්හොරි නිර්මාණය වෙනවා. 🙁 

 

📌 ඇයි මේ ආකාරයට හිස්හොරි මතුවෙන්නේ ? 🤔 

 

අපගේ සම ආශ්‍රිතව සාමාන්‍යයෙන් ජීවත්වන යීස්ට් දිලීර වර්ගයක් ඉන්නවා Malassezia ( මලසීෂියා ) කියලා. 

 

මේ දිලීරයට සමහර අයගේ ශරීරය දක්වන ප්‍රතිචාර නිසා හිසකෙස් අවට සමේ සෛල ස්ථර, සීබම් හා තෙල් සහිතව තට්ටු ලෙසට ගැලවී යාම නිසා හිස්හොරි නිර්මාණය වෙනවා. 🙁 

 

මේ ක්‍රියාවලිය ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් සිදුවන සංකීර්ණ පියවර දාමයක ප්‍රතිඵලයක්. නමුත් සරලව මේ විදියට තේරුම් ගන්න පුළුවන්. 😊 

 

📌 කාටද හිස්හොරි හැදෙන්නෙ ? 🤔 

 

♦️සාමාන්‍යයෙන් වැඩිවියට පැමිණීමෙන් පසු හිස්හොරි ඇතිවම පටන් ගන්නවා. වයස අවුරුදු 40 ආසන්නයේදී මෙහි යම් වැඩිවීමක් තිබෙනවා. ☹️ 

 

♦️කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි අයගේ හිස්හොරි ඇතිවීමේ ප්‍රවණතාවයේ වැඩිවීමක් තිබෙනවා. 

 

♦️අපි හිතුවට වියළි හිස්කබලක් තියෙන අයට විතරයි හිස්හොරි හැදෙන්නෙ කියලා, ඒත් ඒක වැරදි මතයක්. අධික තෙල් සහිත හිස්කබලක් ඇති විට මෙය ඇතිවීමේ හැකියාව වැඩියි. 😟 

 

📌 දිගින් දිගටම හිස්හොරි තිබීමෙන් මොකද වෙන්නේ ? 🤔 

 

හිස්හොරි නිසා ඔබේ පෞර්ෂයට යම් බලපෑමක් ඇති වීමෙන් මානසිකව යම් බලපෑමක් ඇති කරනවා. 🥺 

 

නමුත් ඇතැම් පුද්ගලයින්ට, 

 

👉• හිස්කබල අධිකව කැසීම. 

👉• හිස්කබල මත දැවිල්ලක් වැනි 

        ස්වභාවයක් දැනීම. 

 

හිස්හොරි කාලයෙන් කාලයට අඩු වැඩි වශයෙන් උත්සන්න වීම දක්නට ලැබෙයි. 🙁 

 

තරමක් ශීත කාලයේදී මේ හිස්හොරි වැඩිවෙන්නට හැකියාව ඇත. 😕 

 

හිසේ තැනින් තැන පැල්ලම් ආකාරයටද ඇතිවන මේ හිස්හොරි සංකීර්ණ අවස්ථා වලදී තද, ඇළුනු කැදලි ස්වරූපයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතී. 🙁 

 

හිසේ තැනින් තැනට නළල, බෙල්ල, කන් දෙපස දක්වාද පැතිරී යාමේ ඉඩකඩ පවතී. ☹️

 

📌 හිස්හොරි වලට කළයුත්තේ මොනවාද? 🤔 

 

හිස්හොරි තත්වයේ ප්‍රමාණය මත ප්‍රතිකාර ක්‍රම වෙනස් වේ. මද වශයෙන් හිස්හොරි පවතී නම් ඔබටම ඒ සඳහා නිවසේදීම පහත ක්‍රම මගින් පාලනය කළ හැකිය. 😊 

 

01. හිසේ ආලේපන වර්ග, ස්ප්‍රේ වර්ග ගැල්වීම අවම කිරීම. 

 

මේ හිසේ ආලේපන මගින් කෙළින්ම හිස්හොරි ඇති නොකළත් හිස්හොරි ඇති කිරීම වැඩිකිරීමට දායක කරයි. 😕

 

02. ෂැම්පු වර්ග භාවිතය. 

 

පහත සංඝටක හිස්හොරි සඳහා වැදගත් වේ. 🙂 

 

🔴  Ketoconazole 

🔴  Tar 

🔴  Selenium 

🔴  Sulfer 

🔴  Zinc pyrithirne

🔴  Salicytic acid 

 

ඉහත ද්‍රව්‍ය අඩංගු ෂැම්පු වර්ගයක් ආලේප කර විනාඩි 5ක් තබා සෝදා හරින්න. ☺️ 

 

සතියට 3 වතාවක් මේ ආකාරයට ස්නානය කරන්න. 

 

03. ආහාර පාලනය 

 

මෙය අප නොසිතනා ඉතා වැදගත් අංගයක්. 🙂 

 

ඔබ නොගතයුතු ආහාර, 

 

ශරීරයේ ප්‍රදාහමය ( Inflammation)තත්ව වැඩිකරන මාදිලියේ පහත ආහාර නොගන්න. 

 

❌අධික සීනි සහිත ආහාර. 

❌ සකසන ලද හෙවත් 

      processed foods 

❌ තෙල් සහිත පිසිනලද ආහාර. ( fried foods ) 

 

Alcohol - අධික ලෙස ඇල්කොහොල් භාවිතයේදී සම වියළී යාමේ අවදානම නිසා හිස්හොරි තත්වය වැඩිවීමේ ඉඩකඩ ඇති වේ. 😟

 

ඔබ ලබාගත යුතු ආහාර. 👇

 

✅ඔමේගා 3 මේද අම්ල - මෙය ශරීර ප්‍රදාහමය තත්ව අඩු කරයි. ( සැමන් මත්ස්‍ය වර්ග ) 

 

✅සින්ක් බහුල ආහාර - කුකුල් මස්, කජු 

 

✅විටමින් B බහුල ආහාර - තද කොළ පැහැති මැල්ලුම් 

 

✅වැඩිපුර වතුර පානය කරන්න. 

 

📍සංකූලතා සහිත අධිකව ව්‍යප්ත වූ සංකීර්ණ හිස්හොරි සඳහා 😟

 

මේ සඳහා ඔබ සමේ රෝග පිළිබඳව වෛද්‍යවරයෙකු හමු වී හෝ ඔබේ ප්‍රදේශයේ සමේ රෝග පිළිබඳව සායනයකට යොමු වී ප්‍රතිකාර ලබා ගත යුතුය. 🙁

 

මෙහිදී ඔබ පරීක්ෂා කර බලා ඒ අනුව ඔබේ රෝගී තත්වයේ ප්‍රමාණය මත ආලේපන, ඖෂධ, ඖෂධ අඩංගු ෂැම්පු වර්ග හෝ බෙහෙත් පෙති මගින් යම් කාලයක් තිස්සේ ක්‍රමානුකූලව ප්‍රතිකාර කර රෝගය පාලනය කරයි. ☺️

 

✍️සටහන

 

Dr. Gaya Kaduruwewa

Medical officer in Dermatology 

DGH Nuwaraeliy

blog_image
blog_image