blogImage

📌 හිසට සිදු වූ අනතුරක් නිසා සිදුවිය හැකි ගැටළු මොනවාද ?

 ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේදී හදිසි අනතුරු නිසා අපට අහිමිවන ජීවිත ප්‍රමාණය පිළිබඳව අසන්නට දකින්නට ලැබෙන ප්‍රවනතාවයේ යම් වැඩි වීමක් පවතී. අවාසනාවට කාරණය නම්, මේ අතරිනුත් හදිසි අනතුරු නිසා හිසට අනතුරක් සිදු වීමෙන් ඇති වන හානිය බරපතල විය හැකියි. 🙁 

 

මේ ගැන කතා කිරීමට හා අදහස් දැක්වීමකට ශල්‍ය වෛද්‍ය විද්‍යා ලේඛනාධිකාරී වෛද්‍ය නිරෝධ අභයගුනවර්ධන වෛද්‍යතුමා සම්බන්ධ කරගන්නා ලදී. 😊 

 

වෛද්‍ය තුමනි, හදිසි අනතුරු ආශ්‍රිතව හිසට බලපාන හානි පිළිබඳව වාර්තා වීම කොපමණද? 

 

හදිසි අනතුරු අංශයට ඇතුල් වන රෝගීන්ගෙන් 40 % ක් පමණ හිසට සිදු වූ අනතුරක් සමගින් ඇතුලත් වෙනවා. 

 

මේ හිසට සිදුවන අනතුරු නිසා මරණයට පත්වන ප්‍රමාණයේ වැඩිවීමක් පවතින අතරම, දීර්ඝ කාලීන ආබාධ නිසා රෝහලේ රැඳී සිටින කාලයද ඉහළ යා හැකියි. 🙁 

 

බොහෝ අවස්ථා වලදී මෙසේ අනතුරට ලක් වන්නේ වයස අවුරුදු 20 - 40 අතර පිරිමි පුද්ගලයන් වීම විශේෂයි. රථ වාහන අනතුරු වලට අමතරව හිසට පහර දීම, උස් ස්ථාන වලින් වැටී හිසට අනතුරු සිදු වීම් ආදිය නිසා රෝහල් ගත වන ප්‍රමාණය බහුලයි. 😕

 

ඇතැම් විට මේ අනතුරු නිසා පූර්ණ කාලීනව ආබාධ වලට ලක් වීම නිසා ජීවිත කාලය පුරාවටම දුක් විඳීමට සිදු වෙනවා. ඒ මගින් ඔවුන්ගෙන් යැපෙන්නන්ද අසරණ වෙනවා. 🥺 

 

📌 හිසට සිදු වූ අනතුරක් නිසා සිදුවිය හැකි ගැටළු මොනවාද වෛද්‍යතුමනි 🤔 

 

ප්‍රධාන වශයෙන් අපගේ හිසට සිදුවන අනතුරකදී හිස් කබල හා මොළය ආශ්‍රිත රුධිර ගැලීම් නිසා හානි ඇතිවෙන්න හැකියාව තිබෙනවා. 🙁 

 

හිසේ දකුණු පසට හෝ වම් පසට සිදුවන පහරදීමක් නිසා හිස් කබල හා මොළය වටා ඇති පාවර වැනි පටල අතරට රුධිර ගැලීම සිදුවෙනවා. ☹️ 

 

මෙය Extra dural hemorrhage ( EDH ) ලෙස හඳුන්වනවා. 

 

හිස් කබල ඇතුල් පසින් ආස්තරණය වී ඇති වරාශිතාව නම් පටලය ( Dura matter ) හිස් කබලෙන් වෙන් වී ද්වී උත්තල හැඩයකින් යුතුව රුධිර එකතු වීම අපට නිරීක්ෂණය කළ හැකිය. 🙂 

 

මොළය වටා ඇති පටල තුනෙන් බාහිරම හා දෙවනුවට පිහිටා ඇති පටලය වන ජලාහාර ස්ථරය අතරට රුධිරය ගැලීම නිසා Subdural hemorrhage නමින් හඳුනවන රුධිර ගැලීම ඇති වෙනවා. 😕 

 

හිස් කබලට සාපේක්ෂව මොළයේ සිදුවන චලන නිසා මේ ප්‍රදේශය තුලින් ගමන් ගන්නා ශිරා වලට හානි සිදු වීමෙන් මේ තත්වය බහුලව ඇතිවෙනවා. මුලින් සඳහන් EDH තත්වයට වඩා මෙහිදී මොළයට සැලකිය යුතු හානියක් සිදු වීමේ ඉඩකඩ වැඩියි. 😢 

 

මෙහිදී රෝගියාගේ තත්වය සලකා බලා ශල්‍යකර්මයක් මගින් රුධිරය ඉවත් කිරීම සිදු කළ හැකියි. 🙂 

 

මොළය ආස්තරණය වී ඇති අභ්‍යන්තර පටලය චීනාංශුතාව හා දෙවනුව ඇති පටලය අතර රුධිරය ගැලීම Subarachnoid hemorrhage ( SAH ) ලෙස හැඳින්වේ. 

 

මීට අමතරව හිස ප්‍රදේශයට සිදු වූ අනතුරක් නිසා මොළයට කෙලින්ම හානි සිදුවිය හැකියි. මෙය Cerebral Contusion ලෙස හැඳින්වෙයි. මෙය ඇතැම් අවස්ථා වලදී හිසට අනතුරක් හෝ පහරක් සිදු වූ ස්ථානයට ප්‍රතිවිරුද්ධ දිශාවේද ඇතිවිය හැකුයි. 😕 

 

එමෙන්ම අපට CT පරීක්ෂාවකින් හඳුනාගත නොහැකි මොළයේ ශ්වේත ද්‍රව්‍යයට ( White matter ) සිදු වන diffuse axonal injury නම් තත්වය හඳුනා ගැනීමට MRF පරීක්ෂණය අවශ්‍ය වෙයි. 🙂 

 

හිස් කබල අභ්‍යන්තරයේ සිදු වන හානියනික් අනතුරුව හෝ රුධිර වහනය නිසා මොළය ඉදිමීම හේතුවෙන් හිස් කබල තුල පීඩනය අසාමාන්‍ය ලෙසට වැඩි වේ. මේ නිසා මොළයට රුධිර සැපයීම පවත්වා ගෙන යාමට ශරීරයේ රුධිර පීඩනයද ඉහළ යයි. 😕 දිගින් දිගටම මොළයේ පීඩනය වැඩි වුවහොත් රුධිර සැපයුම අවසාන වීමෙන් ඔක්සිජන් නොමැතිව මොළයේ සෛල වලට හානි සිදු වේ. 😢 

 

📌 වෛද්‍යතුමනි, හිසට අනතුරක් සිදු වූ විට ඇතිවන ලක්ෂණ මොනවාද? 🤔 

 

හිසට අනතුරක් සිදු වූ පසු, 

 

• සිහි කල්පනාව වෙනස් වීම. 

• අතක් හෝ කකුලක් පණ නැති වීම. 

• තද හිසරදය පැවතීම. 

• වමනය. 

• මතකය නැතිවීම. 

• වලිප්පුව. 

                වැනි ලක්ෂණ ඇත්නම් ළඟම පිහිටි රෝහලට ඇතුලත් කිරීම අත්‍යවශ්‍ය වේ. 🥺 

 

ඔබේ විශේෂ අවධානයට ලක්විය යුතු කරුණක් පවතී. අනතුරකින් පසුව පැය කිහිපයක් යන තෙක් රෝගියා සාමාන්‍ය ආකාරයේ සිටිය හැකි වුවද කාලයත් සමග රුධිරය එකතු වී හිස් කබල තුල පීඩනය වැඩි වී ඉහත ලක්ෂණ පෙන්විය හැකිය. මෙය EDH තත්වයෙදී ඇති විය හැකි විශේෂිත තත්වයකි. මේ ආකාරයෙන් රෝග ලක්ෂණ නොපෙන්වන කාල සීමාව Lucid interval ලෙස හැඳින්වේ. 🙁 

 

මේ කාලයේදී වඩාත් සුපරීක්ෂාකාරී වීම වැදගත් වේ. 🥺

 

📌 හදිසි අනතුරු අංශයේදී ඔබතුමන්ලා මෙවැනි රෝගියන්ට සිදු කරන ක්‍රියා පටිපාටිය කුමක්ද? 🤔

 

හදිසි අනතුරු අංශයේදී මොළයට සිදු වී ඇති හානියේ ප්‍රමාණය තක්සේරු කිරීම සඳහා ග්ලාස්ගෝ කෝමා අගය ( glasgow coma scale ) භාවිතා කරනවා. මීට අමතරව අපේ කනිනිකාවේ ප්‍රමාණය හා ඇස් දෙකේ කනිනිකා සන්සන්දනය කිරීම සිදු කරනවා. 🙂 

 

ඉන් අනතුරුව අවශ්‍ය නම් CT පරීක්ෂණයකට භාජනය කරනු ලැබෙනවා. 

 

එහිදී හිස් කබලට හානි සිදු වීම, මොළයේ අභ්‍යන්තරයට රුධිර වහනය වීම, මොළයේ අභ්‍යන්තර පීඩනය ඉහළ යාම ආදිය පිළිබඳව සොයා බැලෙනවා. 🙂 

 

මොළයේ අභ්‍යන්තරයට රුධිර වහනය සිදු වී ඇති බවට සාධක තිබේ නම් ස්නායු ශල්‍ය ඒකකයට රෝගියා මාරු කර යැවෙනවා. 🙂 

 

📌 වෛද්‍යතුමනි, එදිනෙදා කටයුතු වලදී හිසට සුළු අනතුරක් සිදු වූ විටකදී තත්වය කුමක්ද? 🤔 

 

රගර් වැනි ඇතැම් ක්‍රීඩා අනතුරකදූ හිසට හෝ ශරීරයට එල්ල වන කම්පන තත්වයක් Concussion ලෙස හඳුන්වනවා. මෙහිදී හැසිරීමේ වෙනසජ් ඇතිවීම, ඇවිදීමේ වෙනසක් ඇති වීම, අංග චලන අසාමාන්‍ය බවක් ඇතිවීම හෝ පුද්ගලයා එම මොහොතේ සිටන ස්ථානය, වෙලාව, පුද්ගලයින් පිළිබඳව අමතක වීම මෙහිදී සිදු වෙනවා. 🙁 

 

එම සිද්ධියෙන් දින ගණනාවකින් අනතුරුව හිසරදය, හිසේ බර ගතිය, අවධානය යොමු කිරීමේ ගැටළු, තෙහෙට්ටු බව පැවතිය හැකියි. 😕 

 

සාමාන්‍යයෙන් හිසට අනතුරක් සහිතව රෝහලට ඇතුළු වන පුද්ගලයෙකුට අවශ්‍ය ප්‍රතිකාර සිදු කර නිවසට යාමට අවසර ලබා දෙන අතර ඉන් පසුවද යම් කාලයක් හිසරදය, කෙටිකාලීනව මතකයේ ගැටළු, අවධානය යොමු කිරීමේ ගැටළු පවතින්න පුළුවන්. 😢 

 

නමුත් නිවසට යාමෙන් පසුව තද හිසරදය, වමනය හෝ වලිප්පුව ඇති වුවහොත් නැවත රෝගියා කඩිනමින් රෝහල් ගත කළ යුතුයි. මේ පිළිබඳව රෝගියා මෙන්ම භාරකාරයාද දැනුවත් වී සිටීම අතිශයෙන් වැදගත් වෙනවා. නිවසට ගිය පසු නියම කළ පරිදි සායනයට පැමින අවශ්‍ය උපදෙස් ලබා ගැනීම සිදු කළ යුතුයි. 😊 

 

හිසට අනතුරක් සිදු වූ පසු සිදු කරන ප්‍රතිකාර සම්බන්ධව කෙටියෙන් පැහැදිලි කලොත්, 

 

ප්‍රතිකාර, රෝගියා හා අනතුරින් සිදු වූ බලපෑම මත වෙනස් වෙනවා. ඇතැම් විට රෝගියා ශල්‍යකර්මයකට භාජනය කිරීමට සිදු වෙනවා. 😢 

 

යම් හෙයකින් අනතුර නිසා මොළය අභ්‍යන්තරයේ පීඩනය වැඩිවීම සිදුවුවහොත් එහිදී විශේෂ ප්‍රතිකාර ක්‍රම භාවිත වෙනවා. 

 

එහිදී හිස අංශක 30 ක් පමණ ඔසවා තබනවා. අති ධ්වනුක සේලයින් ( hypertonic saline ) මැනිවෝල් වැනි ඖෂධ ලබා දෙනවා. 😊 

 

කැස්ස හා තැටමීමේදී තාවකාලිකව හිසේ අභ්‍යන්තර පීඩනය වැඩි වෙන නිසා එම තත්ව මග හරවා ගැනීමට කටයුතු කරනවා. 

 

තවද රෝගියාගෙ ආශ්වාස ප්‍රාශ්වාස කිරීම යන්ත්‍රානුසාරයෙන් සිදු කරන අතර රුධිරයේ කාබන්ඩයොක්සයිඩ් අගය හා ඔක්සිජන් අගය සුදුසු අගයක පවත්වා ගන්නවා. ශරීර රුධිර පීඩනය, ග්ලූකෝස් මට්ටම, ශරීර උෂ්ණත්වය අදාළ ප්‍රශස්ථ මට්ටම් වල පවත්වා ගන්නවා. 😊 

 

අවශ්‍ය වුවහොත් හිස් කබල ශල්‍ය කර්මයකින් විවෘත කර පීඩනය යථා තත්වයට පත් කරගැනීමට සිදුවන අවස්ථා පවතිනවා. 🥺 

 

📌 අවසාන වශයෙන් ඔබතුමා ලබාදෙන පණිවිඩය කුමක්ද? 😊 

 

ඇත්තටම බොහෝ අනතුරු වලට හේතුව නොසැලකිල්ල. හිස් වැසුම් නොපැළඳීම, ආරක්ෂක උපක්‍රම අනුගමනය නොකිරීම වැනි වළක්වා ගත හැකි කරුණු නිසා සිදු වූ අනතුරු සමගින් රෝහල් ගත වී ආබාධ වලට ලක්වීම අවාසනාවන්ත තත්වයකි. 🙁 

 

එම නිසා ඔබ සෑම විටම අනතුරක අවධානමෙන් අත් මිදී කටයුතු කරන්න පුරුදු වන්න

blog_image
blog_image