blogImage

ලංකාවේ මැච් බලන අපිට හැදෙන හාර්ට් ඇටෑක්

📌 ලංකාවේ මැච් බලන අපිට හැදෙන හාර්ට් ඇටෑක් 🙂 

 

පුංචි කාලේ ඉඳලම මට තිබුනේ ක්‍රීඩාවට පුදුම උණක්. දැන් උනත් අවස්ථාවක් හම්බ වුන ගමන් ක්‍රිකට් මැච් එකක් ගහන්න අමතක කරන්නේ නෑ. ☺️ 

 

ලංකාවේ මැච් එකක් කිව්වොත් කොහොම හරි බලන්නේ මාත් ලංකාවේ කොල්ලෝ වගේ ඔරිජිනල්ම ඉත්තෑවෙක් නිසා. 🥳 

 

ලංකාවේ මැච් බලන අපිට හාර්ට් ඇටෑක් හැදෙන් නැත්තෙ මොකද කියන තරමට ලංකාවේ මැච් පුදුම exiting. 🤭 

 

වැඩිය ඕනි නෑ අන්තිමට පකිස්තානෙ එක්ක තිබ්බ මැච් එකම ඇති අපිට හාර්ට් ඇටෑක් හැදෙන්න. 😫

 

Fb එක පුරාම මේ හාර්ට් ඇටෑක් කතාව කියන නිසා මේ ගැන චුට්ටක් ලියන්න හිතුවා. ☺️ 

 

ඇත්තටම බැලින්නම් ලෙඩක් තියෙනවා හොයල බලද්දි 😕

 

Broken Heart Syndrome 

 

එක් වරම, තාවකාලිකව හෘද වස්තුවේ වම් කෝෂිකාවේ කොටසක ක්‍රියාකාරීත්වය ඇනහිටීම නිසා හෘදයාබාධ ලක්ෂණ මතුවීම තමයි මේකෙදි වෙන්නෙ. 🙁 

 

මේකට අපි Stress Cardiomyopathy කියල කියනවා. 

 

📌 කොහොමද මේවා හැදෙන්නේ? 🤔 

 

අපි හොඳටම දන්නවා stress වුනාම අපේ ඇඟෙන් කැටකොලමයින් රසායනික නිකුත් වීම වැඩි වෙනවා. හැමෝම දන්නවනේ ඇඩ්‍රිනලීන් පම්ප් එක වැඩි වෙනවා. 😕 

 

ඉතිං මේ රසායනික විපර්යාසය නිසා අපේ හදවත සාමාන්‍යයෙන් ශක්තිය නිපදවීමට භාවිතා කරන මේද අම්ල වෙනුවට ග්ලූකෝස් භාවිතා කරනවා. 🙁 

 

මේ අතරදි වම් කෝෂිකාවට රුධිරය සංසරනය වීම අඩු වීමෙන් හෘදයාබාධයක් ඇතිවෙනවා. 😟 

 

තාම සර්ව සම්පූර්ණ ලෙසම හොයාගෙන නැති මේ ක්‍රියාවලිය සරලව තේරුම් ගන්න පුළුවන් ඔය විදියට. 

 

📌 මොන වගේ දේවල් වලදිද මේක හැදෙන්නේ? 🤔 

 

ඉතා විශාල ඝනයේ චිත්තවේගයක් හෝ ශාරීරික පීඩාවකදී මෙහෙම වෙන්න පුළුවන්. 

 

• තමන්ගේ ළඟම ආදරණීය හිතවතෙකුගේ මරණයක් ආරංචි වීම. 

• විශාල ගණයේ නීති ගැටළුවකට එක්වරම මුහුණ දීම. 

• බරපතල ස්වභාවික විපතකට පත්වීම. 

• වාහන අනතුරකට භාජනය වීම. 

• දියේ ගිලීයාමට ගොස් බේරා ගැනීම. 

• දරුණු රෝගී තත්වයක් ඇතිබව දැන ගැනීම. 

 

📌 කාටද මේවා හැදෙන්නේ? 🤔 

 

ආසියාවේ ජීවත්වන පුද්ගලයින්ට මේවා හැදෙන්න වැඩි ඉඩක් තියෙනවා. මුලින්ම මේක හොයාගෙන තියෙන්නේ ජපානයේ. සාමාන්‍යයෙන් වයස 67 වැනි මධ්‍යන වයසකදී මෙය ඇතිවීමේ හැකියාව වැඩියි. 😟 

 

දැනට වාර්තා වෙලා තියෙන අයගෙන් 90 % ක් කාන්තාවන් වීම විශේෂයක්. 

 

හැබැයි තරුණ පිරිමි අයටත් මේක හැදිලා තියෙනවා. 🙁 

 

📌 මොනාද රෝග ලක්ෂණ 

 

• පපුවේ වේදනාව 

• හුස්ම ගැනීමේ වේදනාව 

• පපුවේ ගැස්ම 

• ඔක්කාරය, වමනය 

• ක්ලාන්තය 

 

විශේෂත්වය තමයි මුලින් කීවා වගේ චිත්ත පීඩාවක් හෝ ශාරීරික පීඩාවක් ගෙනදෙන යම් දෙයක් උනාට පස්සේ තමයි මේ ලක්ෂණ ඇති වෙන්නේ. 🙁 

 

📌 ප්‍රතිකාර 

 

මේ රෝගී තත්වය ඊට අදාළ අවස්ථාව මත හෘදයාබාධයකදී සිදු කරන සියලු ප්‍රතිකාර ක්‍රම අනුගමනය කරමින් සිදු කරනවා. 🙂 

 

📌 මේ මගින් බලපෑම කුමක්ද? 🤔 

 

දෙයියන්ගෙ පිහිටෙන් 95% ක් දෙනා සති 4 - 8 දී සම්පූර්ණයෙන් සනීප වෙනවා. 🥺

 

ආපහු මේ වගේ තත්වයක් නැවත මතුවෙන්න 1.5 % වගේ අවස්ථාවක් තියෙනවා. 

 

ඇතැම් වෙලාවට සංකූලතා මතුවෙන වෙලාවලුත් තියෙනවා. 😕 

 

ඉතිං මා මිත්‍ර ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි, මේ ගැන කිව්වෙ මැච් බලන එක නවත්තන්න වත් බය කරන්නවත් නෙවෙයි. හෙට ආසියානු කුසලානයේ final එක. ඊට පස්සෙ world cup එක. 😊 

 

අපේ ටීම් එකේ කොල්ලො ටික මැච් ගහන විදියට අපිට කොහොමට මේ ලෙඩේ එන්න ඕනිද? 

 

හැබැයි මෙහෙම ලෙඩක් තියෙනවා කියලා දැනගෙන ඉන්න. මොකද මොනම හරි අවාසනාවන්ත සිදු වීමක් වෙන්න කලින් බේරගන්න. 🙂 

 

අපේ ශ්‍රී ලංකා කොල්ලෝ ටිකට උපරිම චියර් එක දීලා Asia cup එකත් උස්සල ඒ ගැම්මටම world cup එකත් උස්සයි කියලා බලාපොරොත්තුවෙන් මැච් ටික ඔක්කොම බලමු එහෙනම්. 🥰 

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකට ජයෙන් ජය 🥳 

 

මූලාශ්‍රය - http://emedicine.medscape.com/article/1513631 

 

Takotsubo ( stress ) Cardiomyopathy 

 

✍️ Dr. Gayan Mahanama

       Medical officer 

       Intensive Care Unit ( ICU ) 

       Teaching Hospital, 

       Anuradhapura

blog_image
blog_image