blogImage

Proteinuria -මූත්‍රා සමග ප්‍රෝටීන් අධිකව පිටවීම

අපගේ ශරීරයේ පරිවෘත්තීය අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රධාන අවයවය වකුගඩුවයි.

    රුධිරයේ පවතින සංඝටක වකුගඩු වල පවතින වෘක්කානු තුලින් පෙරී යාමෙන් පසුව අවසානයේදී මූත්‍රා ලෙස ශරීරයෙන් බැහැර කිරීම සිදු කරනු ලැබේ. 😊

    සාමාන්‍යයෙන් මූත්‍රා සමග දිනකට බැහැර කරන ප්‍රෝටීන් ප්‍රමාණය ආසන්න වශයෙන් 150 mg පමණ වේ. 

    මෙයින් ඇල්බියුමීන් නම් රුධිර ප්‍රෝටීනය බැහැර කරන මධ්‍යන ප්‍රමාණය දිනකට 5 mg - 10 mg පමණ වේ. 

    වකුගඩු වලට බලපාන යම් යම් රෝග තත්ව නිසාවෙන් මේ අගයන් වැඩි වී අසාමාන්‍ය ලෙසට ශරීරයෙන් මූත්‍රා සමග ප්‍රෝටීන් පිටවීම 

Proteinuria ලෙසට හඳුන්වයි. 😟

 

📌 proteinuria හඳුනාගන්නේ කෙසේද ? 🤔 

 

    සාමාන්‍යයෙන් අප මූත්‍රා  කිරීමේදී පෙන සහිත ස්වභාවයක් පවතී. මෙම ස්වභාවය ඉතා වැඩි බවට ඔබට හැඟේ නම්, එය ප්‍රෝටීන් පිටවීමේ ඉඟියක් විය හැකිය. 😕

    නමුත් මේ නිරීක්ෂණය පුද්ගලයා අනුව වෙනස් වන බැවින් වඩාත්ම නිවැරදි ආකාරය වන්නේ මූත්‍රා පරීක්ෂණය සිදු කර ගැනීමයි. 

    මූලික වශයෙන් Urine Full Report හෙවත් මූලික මූත්‍රා සාම්පල පරීක්ෂාවේදී මූත්‍රා වල ප්‍රෝටීන් අඩංගු වේද යන්න නිරීක්ෂණය කළ හැකිය. 😊

    එහි ස්වභාවය මත විවිධ පරීක්ෂණ ඔස්සේ ප්‍රෝටීන් පිටවන ප්‍රමාණය හා එහි ස්වභාවය පරීක්ෂා කළ හැකිය. 

 

📌 Proteinuria වලට බලපාන හේතු 🙂 

 

    මූත්‍රා සමග ප්‍රෝටීන් අධිකව පිටවීමට බලපාන හේතු රාශියක් පවතී. 

    ඇතැම් අවස්ථා වලදී මෙය තාවකාලික අවස්ථාවන් විය හැකිය. 😊

    උදාහරණ ලෙස උණ හා දැඩි ලෙස කායික වෙහෙසට පත්වීම නිසා කෙටිකාලීනව මෙය සිදුවිය හැකිය. 

    වකුගඩු වල ගැටළුවක් නොමැති වූවත් වෙනත් ශාරීරික හේතු නිසාවෙන් මෙසේ ප්‍රෝටීන් පිටවීම සිදුවන අවස්ථා පවතී. 🙁

    දැඩි ලෙස හෘදය අකර්මණ්‍ය සිදු වූ විටකදී මෙසේ සිදුවිය හැක.

    නමුත් බොහෝ අවස්ථා වලදී මෙසේ ප්‍රෝටීන පිටවී යාම සිදුවන්නේ වකුගඩු ආශ්‍රිත ගැටළුවක් ඇතිවීම නිසාවෙන් ය. 

    මේ සඳහා බලපාන රෝග විශාල ප්‍රමාණයක් පවතින අතර ඒ ඒ රෝග අනුව වකුගඩුවට බලපෑම් සිදුවන ආකාරය වෙනස් වේ. 😕

    ඒ රෝග පිළිබඳව ඉදිරියේදී වෙන වෙනම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි. 😊

 

📌 Nephrotic Syndrome 

 

    කුඩා ළමුන් අතර ප්‍රධාන ලෙස දක්නට ලැබේ. මුහුණ ඉදිමීම හා ශරීරය ඉදිමීම ප්‍රධාන ලක්ෂණ වේ. ආහාර අරුචිය, ඉක්මනින් වෙහෙසට පත්වීමද දක්නට ලැබේ. 

    මීට අමතරව Proteinuria වලට හේතුවන රෝගය විනිශ්චය සඳහා වෛද්‍යවරයාට පහත තොරතුරු ඉදිරිපත් කිරීම වඩා උචිතය. 😊

 

• මූත්‍රා වල වර්ණයේ වෙනසක් පවතීද ? ( රතු පැහැය, දුඹුරු පැහැය ) 

• ශරීර කොටස් වල ඉදිමීමක් පවතීද ? ( ඇස් අවට, කකුල් වල, වෘෂණකෝෂ වල ආදී ලෙසට ) 

• අධික රුධිර පීඩනය හෝ දියවැඩියාව පවතීද ?

• ඔබට සන්ධි වේදනාවක්, සමේ පැල්ලම්, ඇස් වල ආබාධයක් පවතීද ?

• ඔබට කොන්දේ වේදනාව, උදරයේ වේදනාද, පපුවේ වේදනාව පවතීද ?

• ඔබ බටහිර හෝ ආයුර්වේද ඖෂධ යම් කාලයක් තිස්සේ භාවිතා කරන්නේද ? 

• ඔබගේ පවුලේ ඥාතීන්ට වකුගඩු ආශ්‍රිත ‍රෝගාබාධ පවතීද ? 

 

📌 Proteinuria නිසා ඔබට සිදුවන බලපෑම කවරේද ? 🤔

 

    ප්‍රෝටීන් යනු අප ශරීරයේ අත්‍යවශ්‍ය සංඝටකයකි. අධික ලෙස ප්‍රෝටීන් ශරීරයෙන් පිටවීම නිසා ඇතිවන ප්‍රෝටීන් හිඟතාවය හේතුවෙන් විවිධ සංකූලතා මතුවිය හැකිය. 🥺

 

01. පෙනහලු ආශ්‍රිත පටක වල ඉදිමීම නිසා හුස්ම ගැනීමේ අපහසුතාවය. 

 

02. හදිසි වකුගඩු අකර්මණ්‍යතාවය.

 

03. බැක්ටීරියා ආසාදන ආශ්‍රිත අවදානම වැඩිවීම.

 

04. ධමනි හා ශිරා ආශ්‍රිතව රුධිරය කැටි ගැසීම. 

 

05. හෘද හා වාහිනී පටක ආශ්‍රිත ‍රෝග අවධානම වැඩිවීම. 

 

📌 ප්‍රතිකාර හා අහාර රටාව වෙනස් කිරීම. 

 

    මූලික වශයෙන් මේ සඳහා හේතුවන රෝගය නිශ්චිතව හඳුනා ගැනිමෙන් පසුව ඒ සඳහා ප්‍රතිකාර කරනු ලබයි. ☺️

    ඇතැම් අවස්ථා වලදී අනුරූපී වන ආකාරයට ප්‍රෝටීන් පිටවීම අවම කරන අන්දමේ ප්‍රතිකාර ලබාදීම සිදු කරයි. 

 

📌 ආහාර රටාව 🍛

 

• ලුණු භාවිතය අවම කිරීම - ලුණු අඩුවෙන් යෙදූ පිසින ලද ආහාර ලබා ගැනීම වැදගත් ය. 

• ප්‍රෝටීනමය  ආහාර වැඩිපුර ලබා ගැනීම අවම කිරීම - මෙය විවාදාත්මක කාරණයකි. විශේෂිත පුද්ගලයින්ට පමණක් මේ සඳහා උපදෙස් දෙයි.

blog_image
blog_image