blogImage

සුවනාරී සායනය යනු කුමක්ද

සුවනාරී සායනය යනු කුමක්ද?✨

    👉ඔබ ප්‍රදේශයේ සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් නොමිලේ පවත්වනු ලබයි

    👉වයස අවුරුදු 35 වැඩි කාන්තාවන් අතර බහුලව හට ගත හැකි බෝනොවන රෝගී තත්වයන් හදුනාගැනීමේ සේවාවන් මෙම සායනය ලබා දේ

 

📌මෙම සායනයෙන් ලබාදෙන සේවාවන් මොනවාද

           1 .රුධිර පීඩනය මැනීම

           2. මුත්‍රා වල සීනි පරීක්ෂාව

           3.ශරීර ස්කන්ධ දර්ශකය (BMI) මැන බැලීම

           4.සායනික පියයුරු පරීක්ෂාව හා ස්වයං පියයුරු පරීෂාව සදහා දැනුවත් කිරීම

           5. ගැබ්ගෙල ශ්‍රාව පටල පරීක්ෂාව (පැප් පරීක්ෂාව )

           6.පවුල් සැලසුම් සේවා

           7.සෞඛ්‍ය අධ්‍යයනය                                                                                                                                                                                     📌සුවනාරී සායනයේ රෝග හදුනාගැනීම සේවාවේ (Screening Service) වැදගත්කම

          👉රෝග ලක්ෂණ පහළවීමට පෙර කාන්තාවන් තුල ඇති රෝගී තත්වයන් හදුනාගැනීම.

          👉අපගේ රටේ කානතාවන් හා සම්බන්ධ පිළිකා අකුරින් පියයුරු පිළිකා හා ගැබ්ගෙල පිළිකා ප්‍රමුඛස්ථනයක් ගනී.

          👉 එවැනි පිළිකා මූලික අවස්ථාවේදී හදුනාගැනීමෙන් සාර්ථක ලෙස ප්‍රතිකාර කිරීම මෙහි අරමුණයි.

 

1.රුධිර පීඪනය මැනීම

  සාමාන්‍ය රුධිර පීඩනය =120/80 

 අධි රුධිර පීඩනය = 140/90 <

 

රුධිර පීඩනයේ අසාමන්‍යතාවයක් ඇතොත්  ඒ පිලිබද දැනුවත් කරන්න පරීක්ෂන හා වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කෙරේ.                                         2. මුත්‍රා වල සීනි පරීක්ෂාව 

   මුත්‍රා වල සීනි ඇති බවට වාර්තා වූයේ නම් රුධිර පරීක්ෂවක් සඳහා යොමු කිරීම හා වෛද්‍ය උපදෙස් ලබාදීම 

 

   3. සායනික පියයුරු පරීක්ෂාව 

   පියයුරු පරීක්ෂාවේදී අසාමාන්‍යතා(ගැටිති,සමෙහි වෙනස් වීමක්,වසා ගැටිති වර්ධනයක්) ඇත්නම් විශේෂඥ වෛද්‍ය උපදෙස් සඳහා යොමු කිරීම.

 

   4.  පැප් පරීක්ෂාව 

  ගැබ්ගෙල පිලිකාව මූලික අවධියේදීම හඳුනාගැනීමට මෙම පැප් පරීක්ෂණය සිදුකරනු ලබයි.

  පැප් පරීක්ෂණ වාර්තාවේ අසාමාන්‍යතාවයක් හඳුනාගත හොත් රෝගියා  අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරනු ලබයි.

 

📌 වයස අවු.35 ට වැඩි ඔබ නොපමාව ඔබ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිළධාරිනිය හමුවී මෙම සායනය පිලිබඳ වැඩිදුර තොරතුරු ලබාගන්න.

blog_image
blog_image