blogImage

උපදංශය හෙවත් සිපිලිස්

උපදංශය හෙවත් සිපිලිස්

 

බැක්ටීරියාවක් මගින් ලිංගික බෝවීම සිදුවන සිපිලිස් රෝගය මුලින්ම හමුවන්නේ ක්‍රි.ව.15 වන සියවසේදී යුරෝපයේදීය.ප්‍රතිජීවක පිලිබඳ නොදන්නා එම කාලයේ උපදංශය රෝගය බොහෝ මිනිසුන්ට මාරාන්තික තත්ත්වයක් උදා කර ඇත.

 

මෙම රෝගය බහුලව ආසාදනය වන්නේ ආසාදිත රෝගියකු සමඟ පවත්වන අනාරක්ෂිත යෝනි මාර්ග, ගුද මාර්ග හෝ මුඛ සංසර්ගයෙනි.

 

ඊට අමතරව,

  # ගර්භණී මවගෙන් දරුවාට 

 # ආසාදිත රෝගකාරකය සහිත රුධිර පාරවිලයනයෙන්

# උපදංශය නිසා හටගත්  තුවාල ඍජුවම ස්පර්ශ වීමෙන් 

 

  මෙම රෝගයේ රෝග කාරකය ශරීරයට ඇතුල්වී දින 9ත් 90ත් අතර කාලයකදී රෝග ලක්ශණ පෙන්නුම් කරයි.

  රෝග ලක්ශණ ඇතිවීම අදියර 3කින් සිදුවේ.

 1. ප්‍රාථමික උපදංශය ( තවත් අයෙකුට ආසාදනය කලහැකි අදියර )

 2. ද්විතීයික උපදංශය 

 3. තෘතීයික උපදංශය 

 

ප්‍රාථමික උපදංශය 

 ආසාදිත පුද්ගලයකු හා ලිංගික සබඳතා පවත්වන ස්ථාන වල(ලිංගික අවයවය, ගුද මාර්ගය, මුඛය)වේදනවකින් තොර බොහෝ විට තනි තුවාල ඇති වේ.

 මෙම තුවාල ඉතාම ආසාදිත වන ඒවා කිසිදු ප්‍රතිකාරයකින් තොරව සති කීපයකින් සුව වේ.

 

ද්විතීයික උපදංශය 

  නිසි ප්‍රතිකර්ම නොලද ප්‍රාථමික උපදංශ රෝගියකුගේ රෝගාකාර බැක්ටීරියාව ශරීරය පුරා ප්‍රචාරණය වීමෙන් මෙම අදියර ඇතිවේ.

 ප්‍රාථමික ලක්ශණ පහල වී සති කිහිපයකින් රෝගය මෙම් අවධිය දක්වා ප්‍රචාරණය වේ.

  මෙහිදී අත්ල, පතුල හා ශරීරයේ වේදනාවකින් තොර කැසීමකින් තොර කුෂ්ට ඇති වේ.

 

 වසා ගැටිති මතුවීම

 

 කාන්තාවන්ගේ යෝනි විවරය පිරිමින්ගේ ගුදය අවට ගැටිති ඇති වේ.

 

 සති ගණන් පවතින හන්දිපත් අමාරුව හා උණ රෝග ලක්ශණ ඇතිවේ.

 

තෘතීයික උපදංශය 

 ප්‍රතිකාර නොකල ප්‍රාථමික උපදංශය වසර ගණනක් ඇවෑමෙන් තෘතීයික උපදංශය බවට පත්වේ.

 

මෙම අදියරට පත් වූ විට

  රෝගකාරක විශබීජ හදවත මොළය ස්නායු පද්ධතිය වැනි දේහ අභ්‍යන්තර අවයව වලට හානි කරයි.

 

උපදංශය හා ගර්භණී භාවය

 

උපදංශය වැළඳී ඇති ගර්භණී මවකගේ රෝගකාරකය කළලයට ප්‍රචාරණය විය හැකිය. 

 

 එමගින්,

   ගබ්සාව

  මළදරු උපත් සිදුවේ

  සංජානනීය උපදංශය වැළඳුණු දරුව්වන් බිහීවීම

  වැනි සංකූලතා ඇති විය  හැක. එම නිසා සෑම ගර්භණී මවක්ම VDRL පරීක්ෂා ගර්භණී අවධියේ සති 8ක කාලයකදී සිදු කර ගත යුතුය.

 

සිපිලිස් රෝගය හඳුනා ගැනීමට අදාළ තුවාල ස්‍රාවයන් අන්වීක්ශ පරීක්ෂාවද රුධිර පරීක්ෂණ මගින් සාමාන්‍යයෙන් සිදුකරයි.(බහුලව VDRL/TPPA)

 

 එලෙස තහවුරු කරගන්නා රෝගීන්ගේ රෝග අදියර අනුව රෝගියාට සහ ලිංගික සහකරුට ප්‍රතිකාර කරනු ලබයි.

 

 

 මූලික අදියරේදී එකම එක එන්නතක් පමණක් ලබා දීමෙන් මෙම රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැක. 

 

 තවද අදාළ රෝගීන් වසර 2ක් පමණ යන තෙක් ලිංගාශ්‍රිත රෝග මර්ධන වැඩසටහන යටතේ නිරීක්ෂණය කරනු ලබයි.

blog_image
blog_image