blogImage

අස්ථි බිඳී යාමක් හෙවත් fracture

📌අස්ථි බිඳී යාමක් හෙවත් fracture එකකදී ඔබ කල යුත්තේ කුමක්ද 

 

📌අස්ථි බිඳීමක් හෝ fracture එකක් යනු කුමක්ද 

👉අස්ථි වල සාමාන්‍ය ව්‍යුහයට සිදුවන ඕනෑම ආකාරයක බලපෑමක් එහි සාමාන්‍ය ව්‍යුහය වෙනස් වීම මෙලෙස හඳුන්වයි.

👉මෙය ඉතා සුළු පිපුරුමක සිට විශාල කැඩීයාමක් දක්වා විහිදී යයි.

 

📌අස්ථි බිඳීයාමේ ආකාර මොනවාද 

1. Traumatic fracture 

 අනතුරක් නිසා ඇති වන තත්ත්වයකි.අනතුරේ ස්වභාවය මත අස්ථි බිඳීමේ දරුණු බව තීරණය වේ.

 

2.  Green stick fracture

  කුඩා දරුවන්ගේ දක්නට ලැබේ. ළපටි කෝටුවක් කැඩී යන ආකාරයට සමාන අයුරින් අස්ථි බිඳීම සිදුවේ.

 

3.  Stress fracture 

 අස්ථියේ එක් ස්ථානයක් මත නැවත නැවතත් පුනරාවර්ථීය ලෙසට ආතතිය යෙදීමෙන් සිදුවන බලපෑමෙන් ඇතිවේ.ක්‍රීඩකයින් අතර බහුලව දක්නට ලැබේ. 

 

4.  Pathological fracture 

  ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග නිසා අස්ථි දුර්වල වූ විට සිදුවන අස්ථි බිඳී යාමකි.වයස්ගත පුද්ගලයන්ගේ බහුලව දක්නට ලැබේ. 

 

5.  Open fractures

  අස්ථිය බාහිරට නිරාවරණය වන අන්දමින් සම හා මාංශ පේශී තුවාල වෙමින් සිදුවන දරුණු  ඝණයේ අස්ථි බිඳීයාමකි.

 

📌අස්ථි බිඳී යාමකදී ඔබට ඇතිවිය හැකි සංකූලතා.

👉කෙටි කාලීනව ඇතිවන ගැටලු 

1. රුධිර වාහිනී වලට හානිවීම(vascular injury)

අස්ථිය අවට රුධිර නාල වලට හානි වීම නිසා අධික රුධිර වහනයක් විය හැකිය. සමහර අවස්ථා වලදී පිටතට නොපෙනෙන ලෙස අභ්‍යන්තර රුධිර ගැලීම් සිදුවේ.

 

2. ස්නායු ආබාධ neurological injuries 

  අස්ථි ආශ්‍රිතව ඇති ස්නායු වලට සිදුවන බලපෑම නිසා ස්නායු ආබාධ ඇතිවේ.නිසි ප්‍රතිකාර නොලැබීමෙන් දිගුකාලීන බලපෑම් ඇතිවිය හැකිය. 

 

3.  ආසාදන ඇතිවීම Infection

  විවෘත අස්ථි බිඳී යාම් වලදී ශරීර අභ්‍යන්තර පටක කොටස් බාහිරට නිරාවරණය වීම නිසා බාහිර පරිසරයේ බැක්ටීරියා මගින් ආසාදන ඇතිවීමේ වැඩි ඉඩක් පවතී.

4. Compartment Syndrome 

  අස්ථි අවට පටක සංවෘත පද්ධතියක පිහිටන අවස්ථාවකදී එහි ඇතිවන ප්‍රදානාමය තත්ත්වයේදී එම පද්ධතියේ පීඩනය වැඩිවෙමින් ඇතිවන සංකීර්ණ සංකූලතාවයකි.

 

👉දිගුකාලීනව ඇතිවන ගැටලු 

 

1. අස්ථි වල ඇතිවන ආසාදන Osteomyelitis 

 

  විවෘත අස්ථි බිඳීයාමකදී මේ තත්ත්වය ඇතිවීමේ වැඩි ඉඩක් පවතී. බැක්ටීරියා ආසාදන අස්ථි වලට ඇතුළු වේ ගුණනය වීමෙන් මෙය ඇතිවන අතර පාලනය කිරීම තරමක්  අසීරු වන මේ ආසාදන දිගුකල් පැවතීමෙන් අස්ථි දුර්වල වේ.

2.  අස්ථය නිසි ආකාරයෙන් සුව නොවීම. Nonunion,Malunion

  නිසි ආකාරව සුව වීම සිදු නොවීම තුලින් ඇතිවන මේ තත්ත්වය නිසා අස්ථියී චලන සීමා විය හැකිය.

📌මෙසේ අස්ථිය නිසි ආකාරයට සුව නොවීමට බලපාන සාධක 

 1.  නිවැරැදිව අස්ථිය ප්‍රකෘති ස්ථානයට ස්ථාන ගන නොකර ප්‍රතිකාර කිරීම (poor bone fixation)

2.  අස්ථිය බිඳීගිය ස්ථානයට රුධිර සැපයුම දුර්වල වීම.

 

3.  අධික මත්පැන් භාවිතය හා දුම්පානය

 

4. දිගුකාලීන රෝග -දියවැඩියාව,අධික තරබාරුව

5.  ප්‍රතිශක්ති හීනතාවය

 

📌ඖෂධ වර්ග-NSAID,Steroids,Warferin, Heparin

 

අස්ථි බිඳීයාමක් සැක කල යුත්තේ කුමන අවස්ථාවකදීද.

 

 ඔබ අනතුරකට භාජනය වූ සෑම අවස්ථාවකදීම එහි ස්වභාවය දරුණු නම් අස්ථි බිඳීයාම සෑම විටම සැක කරන්න.

 විවෘත අස්ථි බිඳීයාමකදී ඔබට එය පෙනෙන අතර එසේ නොමැති අවස්ථාවකදී එනම් closed fracture පහත රෝග ලක්ශණ පෙන්නුම් කරයි.

 

 1.  අත් පා වල හැඩයේ සාමාන්‍ය ස්වරූපය වෙනස් වේ ඇත්නම් 

 2.  ඉතා සුළු චලනයකදී පවා අධික වේදනාවක් දැනේ නම්

 3. අනතුරට භාජනය වූ ස්ථානයේ ඉදිමීමක්, සමේ වර්ණයේ වෙනසක් ඇත්නම්,එම ස්ථානය ස්පර්ශයේදී වේදනාවක් ඇත්නම්,

 4.  අත් පා වල හිරිවැටීමක් හෝ සන්වේදන අඩු නම්,

 5. අත් පා චලනය කිරීමට නොහැකි නම්.

 

📌මීට අමතරව රෝගියා සිහිසුන් වූ අවස්ථාවක අනිවාර්යයෙන්ම අස්ථි බිඳීමක් සැක කරන්න.

 

📌අස්ථි බිඳීයාමකදී සිදු කර යුතු මූලික ප්‍රථමාධාර මොනවාද 

 

👉පලමුව අනතුර සිදුවූ ස්ථානයෙන් ආරක්ශිත ස්ථානයකට පුද්ගලයා රැගෙන යන්න.

 මෙහිදී පුද්ගලයාගේ අනතුරට භාජනය වූ ප්‍රදේශය නොසෙල්වා රැගෙන යාම වඩා යෝග්‍ය වේ.

👉රෝගියාට කතා කරමින් සනසවන්න. වේදනාවට නියමිත මාත්‍රාවට පැරසිටමෝල් ඖෂධය ලබා දෙන්න.

 

👉 අත් හෝ කකුල අනතුරට ලක්වූයේ නම් එය තිබෙන ආකාරයෙන්ම තබා යටින් තද කාඩ්බෝඩ් හෝ ලී පතුරක් ආධාරයක් ලෙස තබා වෙළුම් පටි වලින් තද නොවන සේ වෙලන්න.

 මෙය සිදුකිරීමට අපහසු නම් උත්සාහ නොකරන්න.

 

👉කිසිම අවස්ථාවකදී අස්ථානගත වූ සන්ධිය හෝ අස්ථිය ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමට වෛද්‍ය උපදෙස් නොමැතිව උත්සාහ නොකරන්න.

 

👉ඉදිමීම ඇති ස්ථානයේ තුවාලයක් නොමැති නම් අයිස් තැබීම සිදුකරන්න.

 

 

📌මේ මූලික ප්‍රථමාධාර සිදුකිරීමෙන් අනතුරුව රෝගියා හැකි ඉක්මනින් රෝහලට රැගෙන යන්න.

 

   Dr. Kanira Nawarathne

   MO

   Base Hospital 

   Dambulla

blog_image
blog_image