blogImage

වකුගඩු අක්‍රියතාවය

පසුගිය දශක කිහිපය තුළ ශ්‍රිලංකාවේ වකුගඩු රෝගීන්ගේ ඉහළයාමක් දක්නට ලැබේ.

මේ නිසා වකුගඩු අක්‍රියතාවය පිළිබඳව සියලු දෙනා දැනුවත් විය යුතුය.

 

🔺 හැඳින්වීම:

 

සාමාන්‍යයෙන් නිරොගී වැඩිහිටියෙකුගේ වකුගඩු දෙකෙන් මිනිත්තුවකට රුධිරය මිලි ලීටර 90 කට වඩා පෙරීම සිදු කරයි.මෙය අප වෛද්‍ය විද්‍යාත්මකව Estimated Glomerular Filtration Rate (eGFR) ලෙස හඳුන්වයි.

මෙම අගය 90 ml/min/1.73 m-2 (Per Square Meter) වඩා අඩු වීම වකුගඩු අක්‍රියතාවය ලෙස හඳුන්වයි. මෙය ඉතාම සරල මට්ටමේ සිට දරුණු මට්ටමට අදියර 5ක් පවතියි.

 

🔺 වකුගඩු අක්‍රියතාවයට දිගුකාලීනව බලපාන හේතු:

 

පහත දක්වා ඇති හේතු වලට අමතරව ශ්‍රිලංකාවේ විවිධ ප්‍රදේශ වල තවමත් විද්‍යාත්මකව සාධනය වූ හේතුවක් සොයාගැනීමට අපහසු වකුගඩු අක්‍රියතාවයන් පවතියි. එය Chronic Kidney Disease of Unknown Origin ලෙස හඳුන්වයි.

 

🔺 වකුගඩු රෝගයේ රෝග ලක්ෂණ:

 

අක්‍රීයතාවයේ මුලික අවදියේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්විය හැකිය. කාලයත් සමඟ රෝගය දරුණු වීමේදී,

 

✅ පාදය සහ වළලුකර ආශ්‍රිතව ඉදිමීම 

✅ මුත්‍රා පිටවීම වැඩිවීම හෝ අඩුවීම

✅ ආහාර අරුචිය හා නින්දට බාධා පැමිණීම 

✅ නිතර මහන්සි ගතිය දැනීම හා ශාරීරික දුබලතාවය 

✅ වියළි සම හා කැසීම 

✅ හුස්ම ගැනීමේ අපහසුතාවය 

✅ මුත්‍රා සමග අධික ලෙස පෙන ඇතිවීම 

 

🔺 පරීක්ෂණ:

 

▶️ රුධිර පරීක්ෂණය  - Seram Creatinine , eGFR 

▶️ මුත්‍රා පරීක්ෂණ - Urine Protein Creatinine Ratio (UPCR)/Urine Albumin Creatinine Ratio (UACR)

▶️ ස්කෑන් පරීක්ෂණ  - Renal ultrasonography

 

🔺 රෝග පාලනය සහ ප්‍රතිකාර:

 

▶️ මුලින්ම රෝගයට තුඩු දුන් අවධානම් තත්ත්ව ඉතා හොඳින් පාලනය කල යුතුය.

 

උදාහරණ:  දියවැඩියා රෝගීන්ගේ රුධිර සීනි මට්ටම පාලනය 

අධික රුධිර පීඩනය පාලනය

 

අක්‍රියතාවය දරුණු වූ විට (eGFR < 15)

 

▶️ රුධිර කාන්දු පෙරණය (Hemodialysis)

▶️ වකුගඩු බද්ධ කිරීම 

 

සටහන: වෛද්‍ය සමිත ජයමහ 

රුධිර කාන්දු පෙරහන් ඒකකය 

ජාතික වෘක්කවේදී විශේෂිත රෝහල - පොළොන්නරුව 

 

වකුගඩු අක්‍රියතාවය පිළිබඳව මෙය ඉතාමත් කෙටි හා සරල ලිපියක් වන අතර දීර්ඝ විස්තරාත්මක ලිපිය ලබාගැනීමට හා මේ පිළිබඳව ඕනෑම ගැටළුවක් ඉදිරිපත් කිරීමට අප හා සම්බන්ද වෙන්න

blog_image
blog_image