blogImage

📌Hospital එකෙන් හරියට Medical එකක් ගන්න විදිහ දැනගන්න

📌Hospital එකෙන් හරියට Medical එකක් ගන්න විදිහ දැනගන්න.

 

මේ දවස් වල OPD එක පිරිලා ඉන්නේ ලෙඩ්ඩුන්ටත් වඩා මේ සැරේ ඒ ලෙවල් වලට වාඩිවෙන්න ළමයින්ගෙන්.දැන් ඉස්කෝලවල පැමිණීමේ ප්‍රතිශතය සලකා බලන කාලය හින්දා තමන්ට අවශ්‍ය තරම් පැමිණීමේ ප්‍රතිශතය නැති නිසා තමයි මේ කොල්ලො කෙල්ලො Hospital එකට එන්නේ ඊට අදාළ වෛද්‍ය වාර්තා එහෙම නැත්නම් Medical එකක් ගන්න.

 

මේක කර ගන්න සමහරු ආදිකාලේ තමන් ලෙඩ වුණු ඒවා ගැන කියලා මෙඩිකල් ඉල්ලනවා. තවත් සමහරු අමු බොරු හේතු මවලා මෙඩිකල් ඉල්ලනවා. Hospital එකෙන් medical එකක් ඒ කියන්නේ අසනීප නිවාඩු අනුමත කළ වෛද්‍ය වාර්තාවක් ගන්න විදිය ගැන හරියටම දැනගන්න එක ඕනෙම කෙනෙක්ට වටින නිසා ඒ ගැන ටිකක් කියන්නම්.

 

📍කොහෙන්ද මෙඩිකල් එකක් ගන්න පුළුවන් වෙන්නේ?

 

👉බාහිර රෝගී අංශය නැත්නම් OPD එකෙන් නම් ඔයා බෙහෙත් ගන්නෙ ඔයාව බලපු වෛද්‍යවරයාගෙන් මෙඩිකල් එකක් ගන්න පුළුවන් වෙනවා.

👉ඔයා ward එකේ Admit වෙලා හිටිය කෙනෙක් නම් අදාල වාට්ටුවේ වාට්ටු භාර වෛද්‍ය නිලධාරියාගෙන් මෙඩිකල් එකක් ඉල්ලගන්න පුළුවන්.

 

📍මොන වෙලාවටද අපි මෙඩිකල් එක ගන්න ඕනි ?

 

❌මේක ඉතාම වැදගත් බෙහෙත් අරගෙන අවුරුදු සති ගණන් පහුවෙලා ඇවිත් ඉල්ලුවට මෙඩිකල් දෙන්න බෑ.

 

OPD එකෙන් බෙහෙත් ගන්න කෙනෙක් නම් ඔයා ප්‍රතිකාර ගන්නා දිනයේ දී ම වෛද්‍ය වාර්තාව ලබා ගන්න. 🤔

ඒ දිනයේදීම කිව්වේ හේතුවක් ඇතිව මොකද මමත් OPD රාජකාරි කරලා තියෙන නිසා ලෙඩ්ඩු 500 - 600 බෙහෙත් ගන්න බලාගෙන ඉද්දි ඔයාගේ medical එක ඔයාගේ හදිස්සියට ලියල දෙන්න බැරි වෙන අවස්ථා තියෙනවා.

මේ නිසා පොඩි වෙලාවක් ඉවසලා ඒක ඉල්ල ගන්න තරම් කාරුණික වෙන්න.😁

 

👉වාට්ටුවේ නතර වෙලා හිටිය කෙනෙක් නම් වාට්ටුවෙන් පිටවී යන විට වාට්ටුවේ වෛද්‍යවරයා මගින් ලබාගන්න.

පිටවී යන මොහොතේ හදිස්සියෙන් මේ ගැන කලබල කරන්නේ නැතිව වෛද්‍යවරයාට ඔබේ අවශ්‍යතාවය ටිකක් කලින් කියලා තියන්න.

ඔබ සුව වී ඇති ආකාරයෙන් ම තවත් රෝගීන් ප්‍රතිකාර ලබන නිසා ඔබේ medical එක ලබා ගැනීමට වෛද්‍යවරයාගේ වාට්ටුවේ රාජකාරි අවසන් වන තුරු මඳක් ඉවසීමට කාරුණික වන්න .😁

 

📍දවස් කීයකට ඔබට නිවාඩු ලබා ගත හැකිද?

 

මේ දේ තීරණය කරන්නේ ඔබට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා ඔබේ රෝගී තත්ත්වය මත පදනම්ව ඔබට අවශ්‍ය නිවාඩු ගණන සාධාරණ අයුරින් ඔබට ලබා දෙනු ඇත.

 

❌බොරු හේතු මත අනවශ්‍ය තරම් නිවාඩු දින ගණනක් ඉල්ලීම් සිදු කරන්න එපා.

 

📍ප්‍රසූති නිවාඩු 🤱

 

ප්‍රසූතියට ඇතුළු වූ දිනයේ සිට දින 84ක් පමණ කාලයක් ඔබට ප්‍රසූත නිවාඩු ලබා ගත හැකිය.

 

📍මොකක්ද ඔබ ලබාගගත යුතු මෙඩිකල් වර්ගය ?

 

👉පෞද්ගලික අංශයේ සේවය කරන පුද්ගලයින්ට, අධ්‍යාපනය ලබන සිසුන්ට, රැකියාවක නිරත නොවන පුද්ගලයින්ට, අදාල medical වර්ගයන් තිබෙනවා.

 

👉ඔබ රජයේ සේවකයෙක් නම් ඔබට වෙන්වූ වෙනම මෙඩිකල් එකක් තිබෙනවා .

රාජ්‍ය සේවයේ ඔබේ රැකියා තනතුරු අනුව අදාල වලට නියමිත මෙඩිකල් එක ලබාගැනීම වැදගත් වෙනවා.

 

📍medical එකක් ලබා ගැනීමේදී ඔබ සිදුකල යුතුව ක්‍රියා පටිපාටිය කුමක්ද?

ප්‍රායෝගිකව මේ ක්‍රියාවලිය සිදු වෙනකොට ඔබ දැනගත යුතු කරුණු කිහිපයක් තිබෙනවා.

රජයේ නොවන සේවකයෙකු වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමේදී ඉතා සුළු මුදලක් රෝහලට ගෙවිය යුතුයි.

ඔබේ වෛද්‍යවරයාගෙන් තුණ්ඩුවක් ලබාගෙන රෝහලේ රිසිට්පත් පත් නිකුත් කරන counter එකට හෝ කාර්යාලයට ලබා දී කුවිතාන්සියක් ලබාගන්න.

ඉන් පසු එය නැවත වෛද්‍යවරයාට ලබා දී ඔබට මෙඩිකල් එකක් ලබාගත් හැකියි.

 

ඔබ රජයේ සේවකයකු නම් ඔබේ නම හා රාජකාරි කරන ස්ථානයේ නිවැරදි ලිපිනය සඳහන් කළ ලියුම් කවරයක් (මුද්දර ඇලවූ) ඔබ භාර දිය යුතුයි. එහිදී ඔබේ වෛද්‍ය වාර්තාව ඔබේ අතට ලබා නොදී තැපැල් මාර්ගයෙන් ඔබේ රාජකාරි ස්ථානයට ලැබෙනු ඇත. නමුත් මෙම ක්‍රියා ක්‍රියාපටිපාටිය නිසියාකාරව සිදු වූයේ දැයි අවධානයෙන් සිටින්න. සති කිහිපයකට පසුත් රාජකාරි ස්ථානයට අදාළ වෛද්‍ය වාර්තාව ලැබී නැත්නම් නැවත රෝහලට පැමිණ ඒ පිළිබඳව විමසා බැලීමට කාරුණික වන්න.

ඔබ බොහෝ දෙනෙක් මේ කරුණු දන්නවා ඇති නමුත් මෙහෙම ලියන්න හිතුවේ සමහර ආණ්ඩුවේ කන්තෝරු වලට ගිහිල්ලා රස්තියාදු වෙනවා වගේ Medical එකක් ගන්න Hospital එකේ දවස් ගණන් රස්තියාදු නොවී හරියට ඒ දේ කරගන්න දැනුවත් කිරීම උදෙසායි.

 

✍️සටහන

 

Dr.Kasun Bandara

Acting Medical Superintendent

BH Welimada

blog_image
blog_image