blogImage

උණ වලිප්පුව ගැන අම්මලා නිතරම අහන ප්‍රශ්න කීපයක් ගැන මම කියන්නම්;

මේ දවස්වල නිතරම පුංචි දරුවන්ට උණ, හෙම්බිරිස්සාව,කැස්ස ඇතිවන තත්වයක් පේන්න තියෙනවා.

ඉතින් උණත් එක්ක Fit එක හැදෙන එහෙම නැත්නම් උණ වලිප්පුව හැදෙන බබාලා නිතරම බාහිර රෝගී අංශයට එනවා.

 

උණ වලිප්පුව ගැන අම්මලා නිතරම අහන ප්‍රශ්න කීපයක් ගැන මම කියන්නම්;

 

1. ළමයා ලොකු උනාමත් මෙහෙම වෙයිද?

 

බහුතරයකට අවුරුදු 5 පසු වන විට මේ තත්වය ඉබේම හොඳ වෙනවා.

ළමයාගේ මොළයේ වර්ධනයට, ඉගැනීමට බාදාවක් වෙන්නේ නෑ.

උණ වලිප්පුව නිසා දීර්ඝ කාලින අපස්මාර තත්වය ඇතිවීමේ අවදානම ඉතාම අඩුයි.

 

2. මෙහෙම වෙනවට Fit එකට දෙන බෙහෙත් දෙන්නේ නැද්ද?

 

නෑ . මේ සඳහා වලිප්පුව වළක්වන බෙහෙත් දෙන්න අවශ්‍ය නෑ.

 

3. උණ වලිප්පුව ඇති උනාම Hospital Admit කරන්න ඕනෙද?

 

පළවෙනි වතාවට උණ සමග වලිප්පුව ඇති උනාම Admit කරන්න. මොකද Meningitis,Encephalitis තත්ත්ව වලදීත් මෙහෙම වෙන නිසා, එම තත්වයක් නැති බවට තහවුරු කරගන්න මුල්ම වතාව Hospital එකට යන එක හොඳයි.

 

4. වලිප්පුව හැදුනාම අපි මොකද කරන්න ඕනේ?

 

වලිප්පුව හැදුනාම කට ඇතුලට මොනවත් දාන්න එපා. ඉක්මනින් දරුවා වම් ඇලයට හරවාගන්න.

විනාඩි 5කට වඩා වලිප්පුව තියෙනවානම් අනිවාරයෙන්ම ළඟම රජයේ රෝහලට ගේන්න.

 

5.උණ අඩු කරගන්නේ කොහොමද?

 

මද රස්නයක් තියෙන උණු වතුරෙන් රෙදි තෙමා ඇඟ පිහිදාන්න පුළුවන්, සීතල වතුර එපා.

ලබා දෙන්න පුළුවන් එකම ඖෂධය නියමිත මාත්‍රාවට පැරසිටමෝල් පමණයි.

වෛද්‍ය නියමයක් නැතිව තද උණ අඩු කරන පෙති (Brufen) දෙන්න එපා.

 

6. උණ වැඩි උනාම විතරද වලිප්පුව හැදෙන්නේ?

 

වලිප්පුව ඇතිවීම සහ උණ මට්ටම් අතර සම්බන්දයක් නෑ. 99Celsius ද 103 Celsius වලිප්පුව ඇතිවීමේ අවදානම එකයි.

සහෝදරයට රෝගය තිබේනම් අනිත් සහෝදරයට රෝගය ඇතිවීමේ හැකියාවක් තියෙනවා.

 

සටහන: වෛද්‍ය ජනක බණ්ඩාර අඹන්වෙල Janaka Bandara Ambanwela

බාහිර රෝගී අංශය

දඹුල්ල මූලික රෝහල

 

#wecare #healthcare #doctor #healthylifestyle #healthy #healthyliving

blog_image
blog_image