blogImage

හර්නියා ගැන දැන ගනිමු.

හර්නියා ගැන දැන ගනිමු.

 

🔴 හර්නියාවක් යනු ඔබගේ ශරීර අභ්යන්තරයේ ඇති කොටස් ඒවා තිබිය යුතු ස්ථානයෙන් බැහැරව වෙනත් ස්ථාන වලට නෙරා ඒම මෙලෙස හදුන්වයි. හර්නියා පැමිණිය හැකි ප්රධාන ස්ථානයක් වන්නේ උදරයයි. එසේම බහුල වශයෙන් දැකිය හැක්කේද උදරෙයේ ඇති වන හර්නියා තත්වයි.

ප්රධාන වශයෙන් හර්නියා වර්ග කිහිපයක් ඇති අතර ඒවා එන ස්ථාන අනුව වර්ග කල හැක.

 

1. ඉකිලි ප්රදේශයේ ඇති වන හර්නියා

 

මෙහිදී උබගේ උදරයේ ඇති තෙල් හෝ බඩවැල් ඔබගේ ඉකිලි ප්රදේශයට් නෙරා ආ හැකි අතර එහිදී එය ඉකිලි ප්රදේශයේ කුඩා ගෙඩියක් ලෙස දැකිය හැක. ඔබ වැඩ කරන විට සහා බර එසවීමේදී මෙය වඩා විශාල වන අතර නිදා සිටියදී නොපෙනී යා හැක. නමුත් මෙය නිදාගැනීමේදී හෝ අතින් තදකර ඇතුලු කිරීමට නොහැකි නම් එය සිර වී ඇති බවට හදුනාගත හැක. මෙහිදී ශල්යකර්මයක් මගින් මෙය යථා තත්වයට පත් කල යුතුය.

 

2. නාභි ප්රදේශයේ ඇති වන හර්නියා

 

මෙම හර්නියා තත්වයේදී උදර අභ්යන්තරයේ ඇති තෙල් හෝ බඩ වැල් නාභිය වටෙන් හෝ නාභිය තුලින් නෙරා පැමිණීම මෙම තත්වයට හේතු වේ.

 

3. ආමාශයේ ඇති වන හර්නියා

 

මෙහිදී ඔබගේ ආමාශයේ උඩ කොටස් මහා ප්රාචීරය හරහා ඔබගේ උරස් කුහරයට නෙරා ඒමෙන් මෙම තත්වයට හේතු වේ.

 

මෙලෙස උදරයේ බොහෝ තැන් වල උදරය තුල ඇති තෙල් හෝ බඩවැල් නෙරා ඒමෙන් හර්නියා තත්ව ඇති විය හැකි අතර ඉහත උදාහරණ බහුලවම ඇති වන හර්නියා වේ..

 

🔺හර්නියා ඇති වීමට බලපාන හේතු

 

1.අධික තරබාරු භාවය

 

තරබාරු භාවය නිසා ඔබගේ උදරෙයේ ඇති පීඩනය වැඩි වන අතර එමගින් උදරයේ ඇති කොටස් නෙරා ඒමට රුකුල් දේ.

 

2. මළ බද්දය

 

මළ බද්දය ඇතිවිට අධික ලෙස මළපහ කිරීමේදී තැටමීම නිසා ඔබගේ උදරෙයේ පීඩනය වැඩි විය හැක.

 

3. දීර්ඝ කාලීන කැස්ස

 

මෙහිදීද ඔබගේ උදරෙයේ පීඩනය දීර්ඝ කාලීනව වැඩි වීමක් සිදු වේ.

 

4. මුත්රා සිර වීම

 

පුරුෂයන්ගේ බහුලව පවතින පුරස්ථි ග්රන්ථි ඉදීමීමේ තත්වය නිසා ඇති වන මුත්රා සිර වීම නිසා දීර්ඝ කාලීනව උදරයේ පීඩනය වැඩිවීම සිදු වේ.

 

5.දීර්ඝ කාලීනව බර එසවීම

මෙයට කායවර්ධන හෝ බර එසලීම යන ක්රීඩා වල ඍජු බලපෑමක් නොමැති අතර ආරක්ෂිත ක්රමෝපායන් නොමැතිව දිගු කාලයක් තිස්සේ සිදු කරන බර එසවීම් නිසා හර්නියා ඇතිවිය හැක.උදාහරණ ලෙස කම්කරු රැකියා වල නියුතු පුද්ගලයන් එහිදී සිදු කරන බර එසවීම් සැලකිය හැක.

 

6. උපතේදී ඇතිවන හේතු

 

සමහර කුඩා ළදරුවන්ගේ උදර බිත්තියේ ඇති උඅපතින් ඇති වන විවිධ වෙනස්කම් නිසා කුඩාකලම හර්නියා තත්ව ඇති විය හැක.

 

🔺හර්නියා රෝගය නිසා ඇතිවන සංකුලතා:

 

1.අන්ත්රාත අවහිරතාවය. (Bowel Obstruction)

බහුලව කුඩා අන්ත්රය හර්නියා අවකාශයට පැමිණ එහි චලන ක්රියාවලිය අවහිර වීම හෝ ව්යුහාත්මක අවහිර වීම නිසා අන්ත්රයේ ආහාර ජීර්ණ ක්රියාවලියට අවශ්ය චලන ඇනසිටී.

 

මෙහිදී, මල බද්ධය, වාතය පිට නොවීම, උදරයේ අධික වේදනාව, උදරය නෙරා ඒම, වමනය යාම රෝග ලක්ෂණ වේ.

 

2. උදරයේ අභ්යන්තර කොටස් හර්නියා අවකාශයේ ඇලීම (Incarceration)

උදරයේ අපහසුතාවය, ඔක්කාර ගතිය, දිරවීමේ අපහසුතාවය මෙහිදී ඇතිවේ.

 

3. හර්නියා අවකාශ ගෙල කොටසින් අභ්යන්තර කොටස් සිරවීම. (Strangulation)

 

රෝග ලක්ෂණ: විටින් විට ඇතිවන තදබල බඩේ කැක්කුම, ආහාර අරුචිය, වමනය,උදරය නෙරා ඒම,හර්නියා කොටස රතු වීම.

 

🔺ප්රතිකාර:

 

ප්රතිකාර ක්රමය හර්නියා වර්ගය, ප්රමාණය,විශාලත්වය හා ඇතිවූ සංකුලතාවය මත තීරණය කරයි.

 

බොහෝ විට බරපතල නොවූ හර්නියා ශල්යකර්මයක් විසින් යථාතත්වයට පත්කරන අතර, මේ සඳහා ප්රධාන ක්රම දෙකක් භාවිතා වේ.

 

1. විවෘත ශල්යකර්ම.

2. ලැපරොස්කොපි ශල්ය කර්ම.

 

හර්නියා ශල්යකර්මය, ඒ සඳහා සුදානම් වන අයුරු, ශල්යකර්මයෙන් පසු පිළිපැදිය යුතු උපදෙස් පිළිබඳව මීලග ලිපියෙන් ඔබ දැනුවත් කරමි.

 

සටහන

වෛද්ය සචිත් නිශ්ශංක Sachith Nishshanka

ජේශ්ඨ වෛද්‍ය නිළධාරී

ශල්‍ය වාට්ටු සංකීර්ණය

හලාවත මූලික රෝහල

 

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම හෝ ඔබේ ඕනෑම ගැටළුවක් ඉදිරිපත් කිරීමට අපහා සම්බන්ද වන්න.

 

Whatsapp: +94 440 120 220

Email: wecarealways.lk@gmail.com

Youtube: WeCare

#wecare #healthcare #doctor #healthylifestyle #healthylifestyle #healthyliving #herniasurgery

blog_image
blog_image