මුත්‍රා ගල් කියන්නේ මොනවද?
🔺 මුත්රා ගල් කියන්නේ මොනවද?
මුත්රා මාර්ගයේ වකුගඩු, මුත්රා වාහිනිය, මුත්රාශයේ ඇතිවන ඛනිජ ස්ඵටික පොදුවේ මුත්රා ගල් කියලා සාමාන්යයෙන් හඳුන්වනවා. මේවාගෙන් 80% කැල්සියම් ඔක්සලේට් කියන සංඝටකයෙන් තමයි හැදිලා තියෙන්නේ.
🔺 කොහොමද මුත්රා ගල් හැදෙන්නේ?
ජලය අඩුවෙන් පානය කිරීමෙන් මුත්රා වල සාන්ද්රණය වැඩි වී ඛනිජ සංඝටක අවක්ෂේපණය වීමෙන් මුත්රා ගල් ඇතිවීමේ අවදානමක් තියනවා.
මුත්රා ගල් සෑදෙන සංඝටක අඩංගු ආහාර වැඩිපුර ආහාරයට ගැනීම නිසා මේ ගල් ඇතිවෙන්න පුලුවන්. එවැනි කැල්සියම් බහුල ආහාර තමයි කටු සමඟ කෑමට ගන්නා මාලු වර්ග, කිරි, යෝගට්, මුදවපු කිරි වගේ දේවල්. කතුරුමුරුංගා, නිවිති වගේ එළවළු වලත් කැල්සියම් බහුලයි.
එසේම තක්කාලි වල ඔක්සලේට අඩංගු වෙනවා. රතු මස් සහිත ආහාරවල Uric Acid සංඝටකය තියනවා. මේ ආහාර බහුල වශයෙන් කෑමට එකතු කර ගතහොත් තමයි අවදානමක් තියෙන්නේ.
ජානමය හේතු නිසා ලේ ඥාතීන්ට රෝගය ඇතිවෙන්න පුලුවන්.
වැඩිහිටි පිරිමි පුද්ගලයන්ට මුත්රා අඩස්සිය හේතු වෙනවා.
🔺 මුත්රා ගල් හැදුනම මොකද වෙන්නේ?
ගොඩක් අයට ඉල ප්රදේශයේ ඉඳලා මුත්රා ප්රදේශයට දැනෙන දරුණු වේදනාවක් ඇති වෙනවා. වේදනාව සමඟින් වමනය යාම, ඔක්කාරය, දහඩිය දැමීම, ක්ලාන්තය වුනත් ඇතිවෙන්න පුළුවන්. රතුපාටට මුත්රා පිටවීම, මුත්රා දැවිල්ල දැනෙන්නත් පුළුවන්.
මුත්රා ගල් සමහර විට මුත්රා මාර්ගය අවහිර කරලා බැක්ටීරියා ආසාදනයක් අවහිර වූ මුත්රා මාර්ගයේ පැතිරුනොත් උණ, වෙව්ලීම, කොන්දේ වේදනාව වැනි රෝග ලක්ෂණ පෙන්වනවා. දියවැඩියාව වගේ තියනවා නම් මේ අවදානම පොඩ්ඩක් වැඩියි.
🔺 කොහොමද මුත්රා ගල් තියනවා කියලා දැනගන්නේ?
ඔබට රෝග ලක්ෂණ තියෙනවා නම් වෛද්යවරයෙකු හමු වූ විට රෝග ඉතිහාසය, සායනික පරීක්ෂාව මඟින් රෝගය සැක කරනවා නම් පහත පරීක්ෂණ සිදු කරනවා.
1.මුත්රා පරීක්ෂණ (UFR)
2.එක්ස් රේ පරීක්ෂණ (X-ray KUB)
3.අල්ට්රා සවුන්ඩ් පරීක්ෂණ (Ultra sound KUB)
4.CT පරීක්ෂණ (NCCT-KUB)
අවශ්යතාවය අනුව සිදුකරන පරීක්ෂාව වෙනස් වෙනවා. බොහෝ වෙලාවට සරල X-ray KUB පරීක්ෂාවකින් රෝගය හඳුනාගත හැකියි.
🔺 කොහොමද සනීප කරන්නේ?
වේදනාව සඳහා වේදනා නාශක ඖෂධ ලබාදෙනවා. මුත්රා ගල්වලට ප්රතිකාර කරන එක ගලේ ප්රමාණය, පිහිටීම, රෝගියාගේ තත්වය මත තීරණය වෙනවා. ශල්යකර්ම මඟින් සිදුකරන ප්රතිකාර වගේම ශල්යකර්ම නොමැතිව සිදුකරන ප්රතිකාර ක්රම තියනවා.
🔺 ලෙඩේ දැනගත්තට පස්සේ මොනාද කරන්න ඕනි?
ගොඩක් දෙනා කරන වැරැද්දක් තමයි වේදනාව අඩු වුන ගමන් තවදුරටත් ප්‍රතිකාර ලබාගැනීම අමතක කරනවා. ඒක වැරදියි. වෛද්‍යවරයා හමු වෙලා ඒ සම්බන්ධව නියමිත ප්‍රතිකාරය අවසානය තෙක්ම ලබාගන්න එක වැදගත්.
🔺 ලෙඩේ හදාගන්නෙ නැතුව ඉන්න බැරිද?
ඒක තමයි හොඳම දේ. ඒකට කරන්න තියෙන්නේ බොහොම සුළු දේවල්.
සාමාන්‍යයෙන් නිරෝගී වැඩිහිටියෙක් දිනකට වතුර ලීටර් 2.5-3 විතර පානය කිරීම සුදුසුයි. එළිමහනේ අව්වේ වැඩ කරනවනම් මේක ඉතා වැදගත්.
කලින් සඳහන් කළ කැල්සියම්, ඔක්සලේට් අඩංගු ආහාර බහුලව කෑමට ගන්න එපා. ආයෙත් කියන්නේ බහුලව නිරන්තරයෙන්ම කෑමට ගන්න එපා කියලයි. සාමාන්‍යයෙන් ගත්තට වරදක් නෑ. මුත්‍රා අඩස්සිය තියනවනම් ඒකට ප්‍රතිකාර ගන්න.
ඒ වගේම හරියට දැනුවත් වෙන්න මේ වගේ දේවල් Share කරන්න.😀
සටහන: වෛද්‍ය නිපුණි තාරකා Nipuni Tharaka Kaluarachchi
ජන්‍ය මූත්‍ර ශල්‍ය වෛද්‍ය ඒකකය
ජාතික රෝහල, කොළඹ
#healthcare #healthy #healthylifestyle #medicare #medicine #medical #doctor