blogImage

ශ්වසන පද්ධතිය ආශ්‍රිත ආසාදන

මේ දිනවල ශ්රී ලංකාවේ බොහෝ ප්රදේශවල ශ්වසන පද්ධතිය ආශ්රිත ආසාදන වල සැලකිය යුතු මට්ටමේ වැඩිවීමක් දක්නට ලැබේ.

මේවා ප්රධාන වශයෙන් ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මඟින් ඇතිවන අතර එසේම සමහර ආසාදන හඳුනා නොගත් කොවිඩ් රෝගීන්ද වන්නට ඉඩකඩ පවතී.

 

🔺 රෝග ලක්ෂණ

 

සාමාන්යයෙන් දක්නට ලැබෙන ශ්වසන ආසාදන වලට වඩා බෙහෙවින් පීඩාකාරී මෙන්ම දරුණු රෝග ලක්ෂණද මෙහිදී අපට නිරීක්ෂණය වේ,

🔸කැස්ස

🔸දින හතරක් පහක් පුරා පවතින උණ

🔸උගුරේ අමාරුව

🔸සෙම්ප්රතිශ්යාව

🔸නාසයෙන් සොටු දියර ගලායාම

🔸නාසයට දැනෙන තද ගතිය/සිරවීම

(Nasal congestion)

🔸ආහාර අරුචිය

🔸මස්පිඩු වේදනාව

 

🔺රෝග ප්රතිකාර

 

දින තුනකට වඩා පවතින උණ ඩෙංගු වැනි වෙනත් රෝගී තත්වයන් නිසාද විය හැකි බැවින්, වෛද්ය උපදෙස් ලබාගන්න,

හැකි තරම් විවේකයෙන් කාලය ගත කරන්න.

උණුසුම් දියර තුළින් සජලනය වන්න.

උණ සඳහා පැරසිටමෝල් ඖෂධය භාවිතා කරන්න.

ශරීරයට දැනෙන විඩාබර ගතිය, ආහාර අරුචිය හා වියළි කැස්ස සති 2-4 කාලයක් පැවතිය හැකිය.

 

🛑 සැලකිය යුතුයි:

වැඩිහිටි වයස්ගත පුද්ගලයන්, වෙනත් රෝගී තත්ව වලින් පීඩා විඳින පුද්ගලයන්, දියවැඩියා රෝගීන් හට වෛරස් ආසාදන සමඟින් පහළ ශ්වසන මාර්ගයේ ද්විතියික බැක්ටීරියා ආසාදන වර්ධනය වී නිව්මෝනියාව වැනි සංකූලතා ඇති වීමට වැඩි අවදානමක් පවතින නිසා රෝගය වැළඳුනු පසු ඉක්මනින් වෛද්ය ප්රතිකාර වලට යොමුවීම වඩාත් යෝග්ය වේ.

 

වෛරස් ශ්වසනාබාධ පැතිරී යාම වළක්වා ගැනීමට සුපුරුදු පරිදිම මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය හැකි සෑම විටම පවත්වාගෙන යාම වැනි සෞඛ්ය පුරුදු නැවත ඇතිකරගැනීම කළ යුතුයි.

 

✍️ සටහන:

ශ්වසන රෝග සම්බන්ධ විශේෂඥ වෛද්ය සුමේධ සමන්කාන්ත

ශ්වසන රෝග ඒකකය

දිස්ත්රික් මහ රෝහල

පොළොන්නරුව.


#healthcare #healthy #healthylifestyle #medicare #medicine #medical #doctor

blog_image
blog_image