blogImage

ශල්‍ය කර්මයකට භාජනය වෙන රෝගියෙකුට නිරාහාරව සිටින ලෙස උපදෙස් ලබාදෙන්නේ ඇයි?

ශල්ය කර්මයකට භාජනය වෙන රෝගියෙකුට නිරාහාරව සිටින ලෙස උපදෙස් ලබාදෙන්නේ ඇයි?

 

ශල්යකර්මයකදී රෝගියෙකුට ඇතිවන වේදනාව නැති කිරීම සඳහාත්, ශල්ය වෛද්යවරයාට සිය ශල්යකර්මය පහසුවෙන් සිදු කිරීම සඳහාත් රෝගියෙකු ශල්යකර්මයට පෙර නිර්වින්දනයට ලක් කරයි. එවැනි නිර්වින්දන ක්රම කීපයක් පවතී. එනම්,

 

1. සාර්ව නිර්වින්දනය හෙවත් මුළු ශරීරයම සිහි නැති කිරීම.

 

2. ශරීරයේ එක් කොටසක් පමණක් හිරිවැට්ටීම හෙවත් Spinal Anaesthesia

 

3. ස්ථානීය නිර්වින්දනය හෙවත් Local Anaesthesia

 

මෙහිදී සාර්ව නිර්වින්දනයට පහත පරිදි නිරාහාරව සිටීම අත්යවශ්ය කරුණක්.

 

1. ඝන ආහාර සඳහා පැය 6ක් (කිරි, සුප් , කැඳ ඇතුළුව)

 

2. මව්කිරි සඳහා පැය 4ක්

 

3. දියර වර්ග පැය 2ක් (පානීය ජලය හා Plaintea)

 

🔺 ඇයි ඝන ආහාරවලට පැය 6ක්?

 

සාමාන්යයෙන් අපි ගන්නා ආහාර ගලනාලය හරහා ආමාශයටත්, ආමාශයේ සිට ග්රහනිය (Duodenum) එහෙම නැත්නම් කුඩා බඩවැලේ උඩ කොටස දක්වා ගමන් කරන්න පැය 6ක් විතර යනවා. අපට සිහිය තියන වෙලාවට මෙම ආහාර උඩ හක්කට එන්න නොදී තියාගන්න පුළුවන් දොරක් එහෙම නැත්නම් sphincters ආමාශයේ කෙලවර දෙකේ පිහිටලා තියනවා.

නමුත් රෝගියෙකුගේ සිහිය නැතිකලාම මෙම දොරටු ලිහිල් වෙනවා (Relax වෙනවා) එතකොට ආමාශයේ කෑම තිබුණොත් ඒවා උඩට ගලාගෙන ඇවිත් ස්වාසනාලයට ඇතුළු වෙන්න පුලුවන්. මන්ද යත් අපේ ගලනාලයේ, ස්වාසනාලයේ පටන් ගන්නෙ එකම තැනකින් (උගුර). සාමාන්යයෙන් අපි කෑම කනකොට පිට උගුරේ ගියොත් කැස්සක් ඇවිත් ස්වාසනාලයට කෑම යන එක නවතිනවා නේද? හැබැයි සිහි නැති කරපු කෙනෙක්ට කැස්ස ඇතිවෙන්නේ නෑ. ඒ නිසා ස්වසන මාර්ගය ආහාර කැබලිවලින් අවහිර විය හැකිය. ඒක කොච්චර බරපතලද කියනවා නම්, පෙනහලු වලට ඔක්සිජන් සැපයුම සම්පූර්ණයෙන්ම අඩාල වුණොත් තත්පර කීපයක් ඇතුළත ඇඟේ ඔක්සිජන් මට්ටම අඩුවෙලා මරණයට පත්වෙනවා.

 

එහෙම නැත්නම් නිව්මෝනියා (Aspiration Pneumonia) තත්වයට පත්වෙලා දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරන්න වෙනවා. මෙන්න මේ නිසා තමයි ශල්යකර්මයකට පෙර ඔබට නිරාහාරව ඉන්න කියලා කියන්නෙ.

 

🔺 ඇයි කොන්දට බෙහෙත් විදලා කරන operations වලටත් නිරාහාරව ඉන්න කියන්නෙ ?

 

Spinal Anaesthesia (කොන්දට බෙහෙත් විද කොන්දෙන් පහළ කොටස හිරිවැට්ටවීම) භාජනයවෙන රෝගියෙකු සම්පූර්ණයෙන්ම සිහිනැති කිරීමකට ලක් නොවුනද, ඇතැම් අවස්ථාවල ශල්ය කර්මයේ ස්වභාවය අනුව Spinal සහ Local Anaesthesia තත්වය සාර්ව නිර්වින්දන තත්වයකට පරිවර්තනය කිරීමට සිදු වෙනවා.

 

උදාහරණ ලෙස:

☑️ ශල්යකර්මය අතරතුර අධික රුධිර වහනය නිසා සංකූලතා ඇතිවීම.

☑️ අපේක්ෂා කළ මට්ටමට වඩා ශල්යකර්මය සංකීර්ණ වීම.

 

එබැවින්, කුමන ශල්යකර්මය වුවද සුදුසු පරිදි නිරාහාරව සිටින ලෙස වාට්ටුවේ කාර්යමණ්ඩලය උපදෙස් ලබාදෙනවා.

එමෙන්ම,

1. අධික උදරයේ වේදනාව සහිතව පැමිණෙන රෝගීන්

2. තුවාල වැනි හේතූන් නිසා ශල්යකර්ම වලට බඳුන් විය හැකි කුඩා ළමුන්

3. ගර්භනී මව්වරුන් හදිස්සි අවස්ථා මත රෝහල්ගත වන විට (ප්රසව වේදනාව, භූණ චලන අඩුවීම, රුධිර වහනය, රුධිර පීඩනය වැඩිවීම)

4. වෘෂණ කෝෂවල ඇතිවන තදබල වේදනාව (Testicular Torsion)

යන රෝගීන් රෝහල් ගතවිමේදී හැකිතාක් දුරට නිරාහාරව පැමිණීමත්, අවසන් වරට ආහාර ලබාගත් වේලාව නිවැරදි ලෙස වෛද්යවරයා දැනුවත් කිරීම නිර්වින්දන කටයුතුවලදී වෛද්යවරයාට පහසුවක් වනවා සේම නිර්වින්දනයේදී රෝගියාට සිදුවන අවදානම අවම කරගැනීමේ හැකියාව ඇත.

 

සටහන:

වෛද්ය චාමර ජයලත්

නිර්වින්දන හා දැඩිසත්කාර අංශය

දිස්ත්රික් මහ රෝහල

වව්නියාව.


#healthcare #healthtips #wecare #healthylifestyle #healthy #operations #Medicare #medihelp #doctor #medical

blog_image
blog_image