blogImage

රක්තහීනතාවය

රක්තහීනතාවය සාමාන්ය ව්යවහාරයේදී හඳුන්වන්නේ ලේ අඩුවීම වශයෙනුයි. රතු රුධිර සෛල වල ඇති හිමොග්ලොබින් ප්රමාණය නියමිත අගයට වඩා අඩුවීම වෛද්ය විද්යාත්මකව රක්තහීනතාව නම් වේ.

ශරීරයේ පැවතිය යුතු හිමෝග්ලොබින් ප්රමාණය පුද්ගලයාගේ වයස හා ස්ත්රී පුරුෂභාවය මත වෙනස් වේ.

 

🔸නිරෝගී වැඩිහිටි පිරිමි අයෙකුගේ 13 g/dl

🔸නිරෝගී වැඩිහිටි ගැහැණු කෙනෙකුගේ 12 g/dl

 

රක්තහීනතාවයට හේතු විශාල ප්රමාණයක් බලපාන අතර ඒ අතරින් ලංකාවේ බහුලවම දැකිය හැකි යකඩ ඌණතාවය නිසා ඇතිවන රක්තහීනතාවය ගැන මෙහිදී සාකච්ඡා කරමු.

 

🔺 යකඩ ඌනතාවයට හේතු

 

1. ආහාර මඟින් ලබාගන්නා යකඩ ප්රමාණවත් නොවීම

2. යකඩ අවශෝෂණ අඩාල වීම

3. රුධිර වහනය නිසා යකඩ හිඟ වීම (මෙහිදී ඔසප් වීමේ සිදුවන අධික රුධිර වහනය හා මළ සමඟ රුධිරය පිටවීම උදාහරණ වේ)

4. දීර්ඝ කාලීන රෝග නිසා යකඩ පරිවෘත්තියට බාධා වීම.

 

🔺 රෝග ලක්ෂණ

ශරීරයේ හිමෝග්ලොබින් ප්රමාණය සැලකිය යුතු මට්ටමින් අඩුවන තුරු රෝග ලක්ෂණ මතු නොවිය හැක. පුද්ගලයා අනුව රෝග ලක්ෂණ හා එහි තීව්රතාවය වෙනස් වේ.

 

🔸එදිනෙදා කටයුතුවලදී දැනෙන විඩාබර ගතිය

🔸සුළු ක්රියාකාරකමකින් පවා වෙහෙසට පත්වීම

🔸මහන්සි වී වැඩ කිරීමේදී හුස්ම ගැනීමේ අපහසුව

🔸නිදිමත ගතිය, මැලිකම

🔸හාල් වැනි ධාන්ය නොපිසා ආහාරයට ගැනීමට ප්රිය වීම.

 

🔺 සායනික නිරීක්ෂණ

වෛද්යවරුන් හට පහත ලක්ෂණ රෝගීන්ගේ නිරීක්ෂණය සිදු වේ.

 

1. සුදු මැලි බව (ඇස් වල, දිව සහ අත්ලේ)

2. නියපොතුවල හැඩයේ වෙනස්කම් (Koilonychia)

3. මුඛ කෙලවරේ වෙනස්කම් (Angular Stometitis)

 

🔺 පරීක්ෂණ

 

🔸Full Blood Count - මින් හිමෝග්ලොබින් ප්රමාණය දැනගත හැක

🔸Blood Picture - රෝගයට හේතුව සොයා ගැනීමට ඉවහල් වේ

🔸Serum Iron Studies - ශරීරයේ යකඩ පවතින ස්වරූප හා ප්රමාණ ගැන අවබෝධයක් ලැබේ

 

🔺 රෝග ප්රතිකාරය

රෝගයේ ස්වභාවය, රෝගයට හේතුව මත ප්රතිකාරය තීරණය කරයි. හිමොග්ලොබීන් ප්රමාණය ඉතා අඩු නම් රුධිර පාරවිලයනය මඟින් හිමොග්ලොබීන් සංචිතය වැඩිකර ගත යුතුයි.

 

🔺 යකඩ පෙති හා විටමින් ලබාගැනීම

ආහාරයට පැයකට පෙර හෝ පැය දෙකකට පසු විටමින් C පෙත්තක් සමඟ යකඩ පෙති ගත යුතුයි.

 

වැදගත්ම දෙය නම්, යකඩ ඌනතාවයට හේතු සඳහා අදාළ ප්රතිකාරය නිශ්චිතවම ලබාගත යුතුයි.

 

🔺 රෝගය වළක්වා ගැනීම

යකඩ බහුලව පවතින ආහාරය කෑමට එකතු කරගන්න.

උදාහරණ: මාංශ වර්ග, මාළු, පීකුදු, නිවිති, කොළ ගෝවා, ග්රීන් පීස්, කඩල

 

ප්රධාන ආහාරයට පසු තේ, කෝපි පානය නොකරන්න. මෙයින් යකඩ අවශෝෂණය අඩාළ විය හැකියි.

 

රුධිර වහනය වන රෝගී තත්වයන්ට ප්‍රතිකාර ලබාගන්න.

 

✍️ සටහන:

වෛද්‍ය සචිනි කෞෂල්‍යා

රක්‍තවේද ඒකකය

කරාපිටිය ශික්ෂණ රෝහල

 

#healthcare #healthtips #wecare #healthylifestyle #healthyliving #operations #Medicare #medihelp #doctor #medical

blog_image
blog_image