blogImage

හෘදයාබාධය

🔺 ඔබට වැලදී ඇත්තේ හෘදයාබාධයක්ද?

 

කිරීටක හෘද රෝගය නැතිනම් හෘදයාබාධය අප රෝහල් තුල දිනපතා සිදුවන මරණ වැඩි ගණනක හේතු කාරකය යි. මෙසේ මරණයට පත් වන බොහෝ රෝගීන් අවුරුදු 35ත් 50ත් අතර වයස් වල පසුවන අතර හෘදයාබාධ ආශ්රිතව ඇති වන හෘදය අකර්මණ්ය වීම නිසා තවත් බොහෝ දෙනෙක් නිදන්ගත රෝගීන් බවට ද පත් වෙයි

 

මේ නිසා හෘද්යාබාධ ඇතිවීම ඉක්මණින් හදුනා ගෙන නිසි ප්රතිකාර ලබා ගැනීම සුවැති දිවියක් සදහා අත්යාවශ්ය වේ..

 

🔺ඔබට හෘදයාබාධයක් ඇති බවට අනතුරු හගවන පූර්ව ලක්ෂන මොනවාද

 

පපුවේ ඇතිවන අපහසුව වේදනාව, පපුව මැද හෝ වම් පස ඇති වන තද කරන්නාක් හෝ හිර කරන්නාක් වැනි වේදනාව, පපුවෙන් පටන් ගෙන වම් අත දිගේ හෝ බෙල්ල ට වම් උරහිසට පැතිරී යන වේදනාව නොහොත් ඇන්ජයිනාව මෙන්ම පපුවේ දැවිල්ල ද සැලකිය යුතු රෝග ලක්ෂණ වේ.. තවද හුස්ම ගැනීමේ අපහසුව වමනය ඔක්කාරය ක්ලාන්තය දහදිය දැමීම පපුවේ ගැස්ම ද මේ සමගම ඇති විය හැකියි

 

🔸මේ රෝග ලක්ෂණ ඔබටත් පවතින්නේ නම් වහාම වෛද්යවරයකු හමුවීම අත්යාවශ්ය වේ..

නැතිනම් ලගම රොහලට යා යුතු වේ

 

🔸ඒ සදහා ඔබට 1990 අංකය ට කතා කර ගිලන් රථ සේවාවක් වුවද ලබා ගත හැකි යි

 

🔸ඔබ දියවැඩියාව අධි රුධිර පීඩනය වැනි රෝග වලින් පෙලෙන්නේ නම් දුම්පානය කරන අයෙකු නම් හෘදයාබාධ නිසා මරණය ට පත් වූ ලේ නෑදෑයන් සිටින අයෙකු නම් ඔබට හෘදයාබාධ වැලදීමට වැඩි අවදානමක් පවතී

 

🔺හෘදයාබාධ ඇතීවීම වලක්වා ගන්නේ කෙසේ ද?

 

🔸දුම්පානය නතර කරන්න, ආශ්වාසය මගින් ඔබේ දේහය ට විෂ දුම ඇතුළු විය හැකි නිසා දුම්පානය කරන්නන් අසල ගැවසීම ද නතර කරන්න

🔸මාස කිහිපයකට වරක් ඔබේ රුධිර පීඩනය, සීනි මට්ටම, කොලෙස්ටරෝල් මට්ටම මැන ගන්න

🔸මේදය ලුණු හා සීනි අඩුවෙන් ආහාරයට ගන්න

🔸නැවුම් පලතුරු හා එලවලු ආහාරයට වැඩිපුර එකතු කරගන්න

🔸ක්රියාශිලි වන්න, සතියකට මිනිත්තු 150ක්වත් ශාරිරික ක්රියාකාරකම් වල නිරත වන්න

🔸සුවෙන් නිදන්න

🔸මානසික ආතතිය දුරු කරගන්න

🔸වෛද්ය අවවාද පිලිපදින්න..

 

හෘදයාබාධ සම්බන්ධ තවත් තොරතුරු සමගින් නැවත හමුවෙමු.

 

සටහන:

Dr.Malithi Nayanathara Malithi Nayanathara

Medical officer

Medical ward

BH Kanthale


#healthcare #healthtips #wecare #healthylifestyle #healthyliving #Operations #medicare #medihelp #doctor #medical

blog_image
blog_image