blogImage

මල බද්ධය

කුඩා ලමුන් අතර සුලබව දක්නට ලැබෙන රෝගයක් තමයි මල බද්ධය.

 

🔺මල බද්ධය යනු කුමක්ද?

 

සරලව ගත්තොත්, සතියකට 03 වරකට අඩුවෙන් මලපහ පිටවිම සහ ඝන ලෙස මලපහ පිටවීම මලබද්ධය ලෙස හදුනා ගැනීමට පුලුවන්

 

🔺රෝග ලක්ෂණ මොනවාද?

 

🔸නිසි ලෙස මල පහ පිට නොවිම

🔸ඝන ලෙස මලපහ පිටවිම

🔸බඩෙ කැක්කුම

🔸මලපහ සමඟ ලේ පිටවීම

 

🔺මල බද්ධය ඇති විමට හේතු මොනවාද ?

 

ඉතා කලාතුරකින් ව්යුහාත්මක හේතූ බලපාන අතර 90% හේතු වන්නේ,

 

🔸ප්රමාණවත් පරිදි ජලය, තන්තු සහිත ආහාර , එලවලු, පලතුරු නොගැනීම

🔸අධික ලෙස ක්ෂණික ආහාර, බිස්කට් , චොකලට් ආහාරයට ගැනීම

🔸විවිධ හේතු නිසා ඇති වන මානසික පීඩනය

🔸නිවැරදි ලෙස මලපහ පිටකිරිමට පුරුදු නොවීම

 

🔺මල බද්ධයට ඉක්මන් පිලියම් යෙදිය යුත්තේ ඇයි?

 

මල බද්ධය නිසා ඇති වන ඝන වු මලපහ සහා අධික ලෙස තැටමිම නිසා ගුද මාර්ගය අසල තුවාල ඇති වීම නිසා දරුවාට මලපහ පිටවිම වේදනාත්මක වීම. එමගින් දරුවා තවත් මලපහ හිර කරගෙන සිටීම මගින් තවත් මලබද්ධය උග්ර වීම සහ තුවාල වැඩිවීම විෂම චක්රයක් ලෙස ක්රියා කිරීම.

 

🔺මලබද්ධයට ප්රතිකාර මොනවාද ?

 

🔸ආහාර පුරුදු වෙනස් කිරීම

🔸ගුද මාර්ගය අසල තුවාල වලට ප්රතිකාර කිරීම

🔸මලපහ පිටවීම පහසු කිරීමට කෙටි කාලීන විරේක බෙහෙත් වෛද්ය නිර්දේශ මත භාවිතා කිරීම

🔸කලාතුරකින් ඇති ව්යුහාත්මක හේතු සදහා ශල්යකර්ම සහා අදාළ විශේෂ ප්රතිකර්ම

 

🔺ඔබගේ දරුවාට මලබද්ධය ඇති බව සැක කරන්නෙ නම් කුමක් කල යුතුද?

 

පළමුව මෙම රෝගී තත්ත්වය නිවැරදිව හදුනා ගැනීමට සහ නිවැරදි ප්රතිකාර පටන් ගැනීමට වෛද්යවරයෙක්ට පෙන්වීම ඉතා වැදගත් වේ.

 

🔺මලබද්ධය වළක්වා ගැනීමට කල යුතු දේවල්?

 

🔸නිවැරදි ලෙස මලපහ පිටකිරිමට දරුවාව පුරුදු කිරීම

🔸තන්තු සහිත ආහාර , එලවලු, පලතුරු නිසි ලෙස අහාරයට එකතු කිරීම

🔸ජලය ප්රමණාත්මකව දරුවාට දීම

🔸ක්ෂණික ආහාර, බිස්කට් , චොකලට් දරුවාට හුරු නොකිරීම.

🔸දරුවා මුහුන දෙන මානසික පීඩන හදුනා ගෙන ඒවාට පිළියම් යෙදීම.

 

සටහන:

Dr. Nimesha Jayawardana

Medical officer

Pediatric Surgery unit

CNTH Ragama

 

#healthcare #healthtips #wecare #healthylifestyle #healthyliving #operations #Medicare #medihelp #doctor #medical

blog_image
blog_image