blogImage

නහර ගැටගැසීම - වැරිකෝස් රෝගය (Varicose Veins)

පාදයේ නහර ගැටගැසීම නැත්නම් අප බොහෝ දෙනා සාමාන්ය ව්යවහාරයේ හඳුන්වන වැරිකෝස් රෝගය (Varicose Veins) ශ්රී ලංකාවේ වයස අවුරුදු 40ට වැඩි සැම පුද්ගලයන් තුන් දෙනෙක්ගෙන් එක් අයෙකුට පවතින ඉතා සුලබ රෝගී තත්වයකි.

 

🔸 මොකක්ද මේ නහර ගැටගැහෙනවා කියලා කියන්නෙ?

 

අපේ පාදයේ මතුපිට ශිරා වාහිනී වල විශ්කම්භය 3mm ට වඩා විශාල වී සම මතුපිටට නෙරා විත් දඟර ගැසී දිස්වීම තමයි නහර ගැට ගැසීම කියන්නේ.

 

🔸 මොනාද මේ ශිරා වාහිනී කියන්නේ?

 

අපේ ශරීරයේ කොටස්වල පවතින අපිරිසිඳු රුධිරය නැවත හෘදය වස්තුවට ගෙන එන නහර පද්ධතිය ශිරා පද්ධතිය කියලා හඳුන්වනවා. පාදයේ අපිරිසිඳු රුධිරය ගුරුත්වාකර්ෂණයට විරුද්ධව ඉහළින් ඇති හදවතට ගෙන ඒමට;

1.පාදයේ මාංශ පේශි වල ක්රියාකාරීත්වය

2.ශිරා වාහිනී වල කපාට ක්රියාකාරීත්වය

3.හෘදය වස්තුවේ චූෂණ ක්රියාකාරීත්වය

කියන කාරණා බලපානවා.

 

🔸 කොහොමද මේ නහර ගැට ගැහෙන්නේ?

 

අපේ කකුල් වල ශිරා පද්ධති දෙකක් තියනවා

1.මතුපිට ශිරා පද්ධතිය (Superficial Venous System)

2.අභ්යන්තර ශිරා පද්ධතිය (Deep Venous System)

 

ඉතිං මේ මතුපිට ශිරා වල කපාට ක්රියාකාරීත්වය අඩපණ වීම නිසා හෝ මතුපිට හා අභ්යන්තර ශිරා පද්ධති සම්බන්ධ වන ස්ථාන වල ක්රියාකාරීත්වයේ දෝෂ නිසා මතුපිට ශිරා පද්ධතියට රුධිරය එකතු වී පීඩනය වැඩි වී ඒවාගේ විශාලත්වය වැඩිවීමෙන් රෝගය ඇතිවෙනවා.

 

🔸 මෙහෙම වෙන්න හේතු මොනවාද?

 

1.ජානමය සාධක - මවට පියාට රෝගය තිබේනම් දරුවන්ට රෝගය වැළඳීමට 1/4 අවස්ථාවක් තිබේ.

2.එක ඉරියව්වෙන් දිගු වේලාවක් හිටගෙන රාජකාරි කිරීමට සිදුවන රැකියා වල නියලීම.

3.අභ්යන්තර නහර වල ලේ කැටි ගැසීම.

4. ගර්භණී භාවය

5.උපතේදී බලපාන සාධක (උදා: Klippel Trenaunay Syndrome)

 

🔸නහර ගැටගැසීමෙන් අපිට ඇතිවන බලපෑම මොකක්ද?

 

බහුතරයකට මේ නිසා විශාල බලපෑමක් ඇති නොවී තියෙන්න පුළුවන්. පාදය නිරාවරණය වූ විට මේ නිසා අවලස්සන ස්වභාවයක් දිස්වෙනවා.

කාලයක් තිස්සේ පීඩනය වැඩිවීම නිසා පහත සංකූලතා ඇතිවීම සිදුවෙනවා.

 

1.පාදය අවපැහැ ගැන්වීම

2.කැසීම

3.පාදයේ බර ගතියක් දැනීම, පාදයේ වේදනාව

4.කුෂ්ඨ, දද ඇතිවීම (Eczema)

5.තුවාල ඇතිවීම (Chronic Venous Ulcer)

6.ශිරා පිපිරීම මඟින් රුධිර වහනය

 

🔸 මේ සඳහා තියන ප්රතිකාර මොනවාද?

 

🔴 ප්රතිකාරය;

 

රෝගියා අනුව

රෝගී ස්වභාවය හා අවධිය

පාදයේ නහර ගැටගැසුනු ප්රදේශය

රෝගියාගේ කැමැත්ත මත තීරණය වෙනවා.

 

🔸 මූලික අවධියේදී;

 

1.විශේෂිත මේස් පැළඳීම (Compression Stocking Socks)

 

2.Sclerotherapy නම් ප්රතිකාරය මෙහිදී විශේෂිත ඖෂධයක් ගැටගැසුනු නහර වලට එන්නත් කිරීම මඟින් රෝගය මැඬ පවත්වනු ලැබේ.

 

🔸 දිගු කාලීන තුවාල ඇති රෝගීන්ට

Four Layer Bandage

 

🔸 රෝගය සුව කිරීමට සිදුකරන ප්රතිකාර

 

1.ශල්ය කර්මය මඟින් සිදුකරන ප්රතිකාරය

මෙහිදී ශල්යකර්මයකින් අකර්මණ්ය වූ මතුපිට ශිරා පද්ධතිය ඉවත් කොට මතුපිට හා අභ්යන්තර ශිරා පද්ධති අතර සම්බන්ධතාවය බිඳ දමයි.

 

ශල්යකර්මයකට පෙර අති ධ්වනි තරංග පරීක්ෂාවක් මඟින්;

 

මතුපිට ශිරා පද්ධතියේ පිහිටීමේ ස්වරූපය

මතුපිට හා අභ්යන්තර ශිරා සම්බන්ධතාවය සලකුණු කර ගැනීම

අභ්යන්තර ශිරා වල ලේ කැටි ඇත්දැයි නිරීක්ෂණය කරනු ලැබේ.

 

🔸 ශල්ය කර්මයේ අතුරු ආබාධ

 

සාමාන්යයෙන් අතුරු ආබාධ විරලය. නමුත්,

▪️ රුධිර වහනය

▪️ ශල්ය ස්ථානයේ ආසාදනය

▪️ වසා ගැටිති හා නාළ වලට හානි වීමෙන් කකුල් ඉදිමීම

▪️ ලේ කැටි ඇතිවීම

▪️ වැනි දෑ කලාතුරකින් වාර්තා වේ.

 

2.ලේසර් ප්‍රතිකාරය

 

මෙහිදී කකුලේ අදාළ ස්ථානය හිරි වැට්ටවීමෙන් හෝ ඉනෙන් පහළ කොටස නිර්වින්දනය කර කුඩා කැපුමක් යෙදීමෙන් අනතුරුව ප්‍රතිකාරය සිදු කරයි.

මෙම ප්‍රතිකාරයේදී ශල්‍ය ස්ථානය ආසාදනය වීම, ශල්‍ය ස්ථානයේ වේදනාව වැනි සංකූලතා ශල්‍යකර්මයට සාපේක්ෂව අඩුයි.

මේ නිසා ලේසර් ප්‍රතිකාරයකට පසුව ඉක්මනින් තම දෛනික රාජකාරී වල නිරත වීමට අවස්ථාව උදාවේ.

 

ශල්‍යකර්මයකින් හෝ ලේසර් ප්‍රතිකාරයකින් නහර ගැට ගැසීම සුව කළ හැකි අතර නැවත එය ඇතිවීමේ හැකියාව අඩුය. එසේ ඇති වුවද එය පෙර තත්වයට වඩා පහසුවෙන් පාලනය කළ හැකියි.

 

සටහන:

Dr.Nirodha Abeywardhana

Registrar in surgery

Surgical Unit

 

TH Peradeniya

 

blog_image
blog_image