blogImage

අවසාන අදියරේ වකුගඩු රෝගියෙකු එනම් වකුගඩු ක්‍රියාකාරීත්වය 15% කටත් වඩා අඩු රෝගියෙකුට (End stage renal failure) තම

මීට පෙර වකුගඩු අක්රීයතාවය පිළිබඳව ලිපියක් පළ කළ අතර එහිදී වකුගඩු රෝගයේ මූලික හැඳින්වීමක්, රෝගයට තුඩුදෙන හේතු හා රෝගයෙන් වැළකෙන ආකාරයත්, රෝග පාලනය කරගන්නා ආකාරයත් යන කරුණු පිළිබඳව අවධානය යොමුකොට තිබුණි.

 

අද මෙම ලිපියෙන් කතාකරන්නේ අවසාන අදියරේ වකුගඩු රෝගියෙකු එනම් වකුගඩු ක්රියාකාරීත්වය 15% කටත් වඩා අඩු රෝගියෙකුට (End stage renal failure) තම ජීවිතය පවත්වාගැනීමට ගතහැකි ප්රතිකාර පිළිබඳවයි.

 

මෙහිදී අප මුලින්ම අවධාරණය කරගත යුත්තේ දීර්ඝකාලීන වකුගඩු රෝගය ඇති (Chronic Kidney Disease) රෝගියා සම්පූර්ණ වකුගඩු අකර්මණ්ය රෝගියෙකු බවට පත්වන්නේ වකුගඩු වලට සිදුවන නැවත හැරවිය නොහැකි ස්ථීර බලපෑමක් නිසාවෙන් යන කරුණින් (Irreverisble & Permanent) එනම් එම රෝගියාගේ වකුගඩු නැවත කිසිඳු ප්රතිකාරයකින් යථා තත්වයට පත් නොවේ. ඒ හේතුවෙන් වකුගඩුවලින් සිදුවන ප්රධානම කාර්යයක් වන ශරීරයට අනවශ්ය අපද්රව්ය හා ජලය ඉවත්කිරීමේ ක්රියාවලියද අඩපණ වේ.

 

මෙවැනි රෝගියෙකුට වෛද්යවරුන් විසින් ඉදිරියට ගතහැකි ප්රතිකාර ක්රම පිළිබඳව දැනුවත් කරන අතර රෝගියාගේ කැමැත්ත හා වෙනත් සාධක මත රෝගියාට ගැළපෙන ප්රතිකාර ක්රමය තෝරාගනී.

එවැනි ප්රතිකාර ක්රම නම්,

1.රුධිර කාන්දු පෙරණය (Hemodialysis)

2.පරිතාන කාන්දු පෙරණය (Peritoneal Dialysis)

3.වකුගඩු බද්ධ කිරීම

 

🔺රුධිර කාන්දු පෙරණය

 

මෙහිදී ශරීරයෙන් ලබාගන්නා රුධිරය විශේෂ යන්ත්රයක ෆිල්ටරයක් හරහා යවා රුධිරයේ ඇති අපද්රව්ය හා ශරීරයට අනවශ්ය අමතර ජලය ඉවත්කිරීම සිදුකරයි. පිරිසිදු කරන ලද රුධිරය නැවත ශරීරයට ලබා දේ. මෙය රෝහලක විශේෂිත ඒකකයක (HD Unit) වෛද්යවරුන් සහ විශේෂිත පුහුණු හෙදියන්ගේ අධීක්ෂණය යටතේ සිදුකරන අතර සාමාන්යයෙන් සතියට දින 3ක් පැය 4 බැගින් සිදුකරනු ලැබේ.

මෙහිදී ශරීරයෙන් රුධිරය ඉවත් කිරීමටත් නැවත ලබාදීමටත් යොදාගනු ලබන්නේ,

1.ධමනි-ශිරා ෆිස්ටියුලාව (Arterio-venous Fistula-AVF)

මෙය කුඩා ශල්යකර්මයකින් රෝගියාගේ අතෙහි සාදන ධමනි-ශිරා සම්බන්ධයකි. දීර්ඝකාලීනව රුධිර කාන්දුපෙරණය සඳහා යොදාගනී.

2.ස්ථිර රුධිර කැතීටරය (Permanent Catheter)

මෙය සාමාන්යයෙන් රෝගියාගේ දකුණු පපු ප්රදේශයෙන් ගෙලෙ රුධිරවාහිනියකට ඇතුල් කරන නාලයකි. දීර්ඝකාලීනව රුධිර කාන්දුපෙරණය සඳහා යොදාගනී.

3.තාවකාලික රුධිර කැතීටරය

හදිසි අවස්ථාවක රුධිර කාන්දුපෙරණය කිරීම සඳහා ගෙල හෝ කලව ප්රදේශයෙන් ඇතුල් කරන නාලයකි. දින කිහිපයක් සඳහා භාවිතා කළ හැක.

 

රුධිර කාන්දුපෙරණයේ වාසි සහ අවාසි

 

🔸වාසි

▪️දිනපතා මෙම ප්රතිකාරය ගැනීමට අවශ්ය නැත.

▪️වෛද්යවරුන් හා පුහුණු හෙදියන් විසින් ප්රතිකාරය සිදුකරනු ලැබේ.

▪️ආසාදන ඇතිවීම අඩුය.

▪️සාපේක්ෂව වියදම අඩුය.

 

🔸අවාසි

▪️නියමිත දිනයට හා වෙලාවට කාන්දුකරණ මධ්‍යස්ථානයට යාමට සිදු වේ.

▪️ගන්නා ජලය ප්‍රමාණය හා සමහර ආහාර (අධිකව පොටෑසියම් හා පොස්පේට් ▪️ඇති ආහාර) සීමාකිරීමට සිදු වේ.

 

🔺පරිතාන කාන්දු පෙරණය (Peritoneal Dialysis-PD)

 

මෙහි ප්‍රධාන ක්‍රම දෙකක් ඇත.

▪️CAPD - Continuous Ambulatory PD - රෝගියා විසින් පරිතාන කාන්දුපෙරණය සිදුකරයි.

▪️APD - Automated PD - යන්ත්‍රයක් ආධා‍රයෙන් පරිතාන කාන්දුපෙරණය සිදුකරයි.

 

මෙහිදී මුලින්ම ශල්‍යකර්මයක් මගින් පරිතාන කාන්දුපෙරණ කැතීටරයක් (PD Catheter) උදර කුහරයට ඇතුල් කරනු ලබයි. (මෙය ඇතුලත් කර ප්‍රතිකාරය ඇරඹීමට පෙර දින 14ක් පමණ සිටිය යුතුය.)

ඉන්පසු PD තරලය (PD Fluid - ජීවාණුහරිත විශේෂිත බෑග්වල දමා ඇත) මෙම කැතීටරය තුළින් උදර කුහරයට ඇතුල් කර පැය කිහිපයක් තබා (පැය 4-8) කැතීටරය හරහා ඉවත් කරනු ලැබේ. මෙවැනි චක්‍ර (Cycles) 3-5 අතර ප්‍රමාණයක් දිනකට කරනු ලැබේ.

 

🔸වාසි

▪️රෝගියාගේ වකුගඩුවල ඉතිරි වී ඇති ක්‍රියාකාරීත්වය ආරක්ෂා කරයි. (Preservation of Residual Renal Function)

▪️රෝගියාට ගෙදරදීම ප්‍රතිකාරය සිදුකරගත හැක. මසකට වරක් සායනය සඳහා රෝහලට පැමිණීම සෑහේ.

▪️රුධිර කාන්දුපෙරණයට වඩා රෝගියාට වැඩි නිදහසක් ඇති අතර එදිනෙදා වැඩකටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැක.

 

🔸අවාසි

▪️දිනපතාම ප්‍රතිකාරය කළ යුතුයි. (අතරමැද නිවාඩු දින නැත)

▪️ඉහළ පිරිසිඳුභාවයක් පවත්වා නොගතහොත් පහසුවෙන් ආසාදන වලට ලක්වේ.

 

වකුගඩු බද්ධ කිරීම පිළිබඳව සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී ඔබ වෙත ගෙන එන්නම්.

 

සටහන:

Dr.Kasun Sampath Rathnayake Kasun Sampath Rathnayaka

Medical officer

 

National Institute of Nephrology, Dialysis and Transplant

 

blog_image
blog_image