blogImage

මහාආන්ත්‍ර/කොලොනොස්කොපි (Colonoscopy) පරීක්ෂාව

මහාආන්ත්‍ර/කොලොනොස්කොපි (Colonoscopy) පරීක්ෂාව

 

ඔබගේ මහාආන්ත්‍රයේ/ මහා බඩවැලේ රෝග ඇති වූ විට ඔබට ඇති පහතින් සදහන්ව ඇති සමහර රෝග ලක්ෂන වලට හේතු අදුනාගැනීමට කොලොනොස්කොපි පරීක්ෂාව සිදුකරයි.

‹‹‹‹

1.මළපහ සමග ලේ යෑම

2.මළපහ පිටවීමේ වෙනස්කම්(සෙවල/සීදම් යෑම/නිතර ඇති වන මළ බද්දය)

3.අලුතින් ඇති වූ අර්ශස් තත්ව

4.දීර්ඝකාලීන බඩේ කැක්කුම

 

කොලොනොස්කොපි සිදුකරන්නේ කෙසේද?

 

ඔබගේ මහාආන්ත්‍රය පරීක්ෂා කිරීමට නම් මහාආන්ත්‍රය තුළ ඇති මළපහ හොදින් පිරිසිදු වියයුතුය.ඒ සදහා ඔබගේ කෑම ගන්නා රටාව තාවකාලිකව වෙනස් කලයුතු අතරම කොලොනොස්කොපි පරීක්ෂාවට පෙර දවසේ බඩවැල් විරේක කර පිරිසිදු කිරීමට විරේක බෙහෙත් ගත යුතුයි. මෙම සූදානම් කිරීම කලයුතු අතර නැතහොත් ඔබගේ බඩවැල් වල මළපහ ඉතුරු වීමෙන් පරීක්ෂණය අතරමග නතර කොට නැවත පරීක්ෂණය සිදුකිරීමට නැවත ඔබට සූදානම් වීමට සිදු වේ.

 

කොලොනොස්කොපි පරීක්ෂණයට ඔබ සූදානම් වියයුත්තේ කෙසේද?

 

# වාට්ටුවට ඇතුල් වීමට දවස් දෙකකට

පෙර

 

1.ඔබ ගන්නා සාමාන්‍ය බෙහෙත් වර්ග පාවිච්චි කල හැක.නමුත් පහත බෙහෙත් වර්ග ගන්නේ නම් එය පිළිබද දැනුවත් කරන්න.

 

*ලේ තුනී කරන බෙහෙත් වර්ග

(Clopidogrel, Warfarin)

*දියවැඩියාවට විදිනා ඉන්සියුලින්

*යකඩ අඩංගු බෙහෙත් වර්ග

 

2. පහත අහාර නොගත යුතුය.

 

එළවලු

පළතුරු(අලුත්/ටින් කරපු/වේලපු)

ජෑම් වර්ග

පළතුරු කෝඩියල්

පළතුරු බීම

බත්(රතු බත්)

ධාන්‍ය වර්ග

රටකජු

මත්පැන්

 

3.පහත ආහාර ගත හැක.

 

හොදින් පිසූ මස් වර්ග

හොදින් පිසූ මාලු වර්ග

සුදු නිවුඩ්ඩ රහිත බත්

නූඩ්ල්ස්

පැස්ටා

සුදු පාන්

බිත්තර

කිරි/තේ

චීස්

තම්බපු අල

එළවලු රහිත සුප්

වතුර ලීටර් දෙකක්වත් (2L)

 

# වාට්ටුවට ඇතුලු වීමට දිනකට පෙර

 

1වතුර ලීටර් දෙකක්වත් (2L) පානය කරන්න

2.ඉහත ආහාර පමණක් ආහාරයට ගන්න.

 

# වාට්ටුවට ඇතුල් වන දින

 

1.සාමාන්‍යයෙන් ගන්නා ඔබගේ බෙහෙත් උදේ වේල ලබා ගන්න.

2.සැහැල්ලු අහාරයක් ලබා ගන්න(උදෑසන 9ට පෙර)

 

උදා- බිත්තරයක් සමග පාන් පෙත්තක්

 

3.උදේ අහාරයෙන් පසු ආපසු ආහාර ලබා නොගන්න.

 

4.මෙදින දහවල් 1 සිට ඔබගේ මහාආන්ත්‍රය පිරිසිදු කිරීම සදහා විරේක බෙහෙත් (klean prep)ලබා දීම සිදුකරන බැවින් එම විරේක බෙහෙත් දිය කිරීමට වතුර ලීටර 4(4L) පමණ රැගෙන එන්න.

 

5. විරේක බෙහෙත් ගන්නා අතර වාරයේ ලබා ගැනීමට දියර වර්ග ලීටර් 3ක්වත්(3L) රැගෙන එන්න

මේ සදහා ජීවනී/වතුර පානය කල හැක.

 

6.විරේක බෙහෙත් අවසානයේ ඔබගේ මළපහ එහා මෙහා පේන පැහැදිලි දියරමය ලෙස පිට විය යුතු අතර එසේ පිට වන විට ඔබගේ බඩවැල් හොදින් පිරිසිදු වී ඇති ලෙස සැලකිය හැක. එසේ නොමැති නම් දැනුම් දෙන්න.

 

7.රාත්‍රී ආහාර ලබා නොගත යුතු අතර ඔබගේ සාමාන්‍ය බෙහෙත් ලබා ගන්න.

 

# පරීක්ෂණය සිදුකරන දින

 

*උදේ දියවැඩියාවට ගන්නා බෙහෙත් ලබා නොගන්න.

* ඔබ රැගෙන ආ සුදු ඇදුමෙන් සැරසී උදේ 8 වන විට පරීක්ෂණයට සූදානම් වන්න.

 

# පරීක්ෂණය අවසානයේ

 

*ඔබට කිසිදු අපහසුතාවයක් නොමැති නම් නිවසට යා හැකිය.

 

* සුපුරුදු අහාර ලබා ගත හැක.

* සාමාන්‍ය ලෙස ඔබගේ බෙහෙත් වර්ග ලබා ගත හැක.

 

* විශේෂ බෙහෙත් වර්ග ඇත්නම් උපදෙස් ලබා ගන්න.

 

blog_image
blog_image