blogImage

ඇදුම රෝගය

ඇදුම රෝගය

 

🔺 ඇදුම රෝගය යනු කුමක්ද?

 

මෙය පෙනහලු වල ශ්වසනාල වල ඇතිවන ප්රදාහමය තත්වයකි.

ශ්වාසනාල වල අභ්යන්තරය ඉදිමීම සහ ශ්වාසනාල වල බිත්තියේ ඇති පේශී තදවීම නිසා රෝග ලක්ෂණ ඇති වේ.

 

🔺 ඇදුම රෝගය සඳහා හේතු:-

 

🔶 මෙම රෝගය සඳහා නිශ්චිත හේතුවක් හඳුනාගෙන නොමැත.

මේ සඳහා විවිද සාධක බලපායි.

 

🔶 ජානමය හේතු:- ඔබගේ මව,පියා හෝ සහෝදර සහෝදරියන් හෝ ඇදුම රෝගයෙන් පෙලෙයි නම් ඔබටද මෙය සැදීමේ හැකියාවක් ඇත.

 

🔶 මීට පෙර වෛරස් අසාදන ඇතිවී තිබේනම් ඔබටද මෙය සෑදීමේ හැකියාවක් ඇත.

 

🔺 ඇදුම රෝගය සඳහා උත්තේජක:

 

🔶 සීතල සුළඟ

🔶 වායු දුෂණය

🔶 සුරතල් සතුන්ගේ ලොම්

🔶 පරාග

🔶 සිගරට් දුම

🔶 රසායන ද්රව්

🔶 මානසික ආතතිය

 

🔺 ඇදුම රෝගයේ රෝග ලක්ෂණ:

 

🔶 හතිය

🔶 කැස්ස

🔶 වේගවත් කෙටි හුස්ම ගැනීම්

🔶 ශ්වසන අපහසුතා

🔶 පපුවේ තද ගතිය

🔶 හෘද ස්පන්දන වේගය වැඩි වීම

 

🔺 ඇදුම රෝගය පාලනය කරගත හැකි ක්රම:-

 

🔶 ආසාත්මික කාරක පිළිබඳව දැනුවත් වී ඒවායින් වලකී සිටින්න.

🔶 මානසික ආතතියෙන් මිදෙන්න.

🔶 කොට්ට උර සහ ඇඳ ඇතිරිලි සෝදා පිරිසිදුව පවත්වා ගන්න.

🔶 දුම් පානයෙන් වැලකී සිටින්න.

🔶 නිදන කාමරය සහ නිවස හොඳින් වාතය ලැබෙන පරිදි පවත්වා ගන්න.

🔶 ඔබට නියම කර ඇති ඉන්හේලර නිවැරදිව සහ නියම කර ඇති පරිදි භාවිත කරන්න.

blog_image
blog_image