blogImage

අතේ ඇඟිලි හිරිවැටීම සහ වේදනාව ඇතිකරන Carpal Tunnel Syndrome

ලංකාවේ සුලබව දක්නට ලැබෙන මෙම රෝගය මැණික් කටු සන්ධියේ ස්නායු තෙරපීමකින් ඇතිවේ.

 

🔺Symptoms / රෝග ලක්ෂණ

 

🔸අතේ ඇඟිලි හිරිවැටීම, මහපට ඇඟිල්ල සිට මැදඟිල්ල දක්වා

🔸අත් දෙකටම බලපෑම සුලභව දැකිය හැක

🔸අත්වල ඇඟිලි සහ අත්ල හා ඇතැම් විට වැලමිට දක්වා ඇතිවන වේදනාව

🔸ඇතැම් ක්රියාකාරකම් වලදී වේදනාව වැඩිවිය හැකියි.

උදාහරණ:

▪️යමක් තදින් ග්රහණය කරන විට

▪️රියදුරන් වාහනයක් පදවන විට

▪️රෙදි සේදීමේදී රෙදි මිරිකන විට ආදී ලෙස

 

🔸ග්රහණය කිරීමේදී ශක්තිය අඩුබව

🔸අත්ල වල දැනීම අඩුවීම

අත්ලේ මාංශ පේෂි ක්ෂය වීම

🔸නමුත් වේදනාව වැලමිට සිට ඉහළට බෙල්ල දක්වා ඇතිවන්නේ නම් එය වැඩිදුර පරීක්ෂා කළ යුතු වේ. මන්ද එය බෙල්ලේ සිට එන ස්නායු තෙරපීමකින් ඇතිවිය හැක.

 

🔺මෙම රෝගය වැඩි ප්රවණතාවයක් දක්වන්නේ

 

▪️වයසේ වැඩිවීමත් සමඟ

▪️පිරිමි පාර්ශවයට වඩා කාන්තා පාර්ශවයට අවදානම වැඩිය

▪️BMI වැඩි අගයක් ඇති අයට

▪️මැණික් කටු සන්ධියේ කායික (Anatomical) දෝෂයක් ඇතිවිට

▪️උසින් අඩු අය

▪️දියවැඩියාව, තයිරොයිඩ් ග්රන්ථියේ රෝග පවතින අය

▪️ගර්භනී කාන්තාවන්

▪️රැකියාවේදී අත්ල සහ මැණික් කටු සන්ධිය පුනරාවර්තන ආතතියන් ඇතිවන ක්රියාකාරකම් වල නියතු පුද්ගලයින්

 

🔺මෙම රෝගී තත්වය තහවුරු කරගන්නේ කෙසේද?

 

තමන්ගේ වෛද්යවරයා විසින් තමාව පරීක්ෂා කිරීමේදී සරල සායනික පරීක්ෂණ ක්රමයන් මඟින් සහ ඉන්පසු,

Nerve Conduction Study මඟින් නිශ්චිතව තහවුරු කරගත හැකිය.

 

🔺රෝගී තත්වයට ප්රතිකාර කරන්නේ කෙසේද?

 

🔸Mild to Moderate බරපතල නොවන රෝගී තත්වය

 

වේදනා නාශක ඖෂධ සහ භෞත චිකිත්සා ක්රම

සති තුනකට නොඅඩු කාලයක් රාත්රී කාලයේදී Splint එකක් මඟින් මැණික් කටුව සන්ධිය (immobilise) නිශ්චලව තබාගැනීම.

Steroid Injection (ස්ටෙරොයිඩ් ඖෂධ එන්නත් කිරීම)

තරබාරු අයට බර අඩුකර ගැනීමට අවවාද කෙරේ.

 

Severe - උග්ර රෝගී තත්වය

Conservative Management වලින් සමනය වී නැත්නම් සහ NCS වලදී දක්වන Severe CTS

 

🔸CTD ශල්යකර්මය (CTD Surgery)

 

බාහිර රෝගී ප්රතිකාරයක් ලෙස සිදු කෙරේ.

ස්ථානීය නිර්වින්දනය යටතේ සිදු කෙරේ.

Median Nerve ස්නායුව තෙරපීමට ලක් කෙරෙන බන්ධනය කැපීම සිදු කෙරේ.

මෙම ශල්යකර්මයේදී Median Nerve ස්නායුවට හානියක් ඇතිවිය හැකි නමුත් එය ඉතා දුර්ලභ වේ.

මෙම ශල්ය කර්මයෙන් පසු රෝගයේ පුරෝකථනය (Prognosis) ඉතා හොඳ වේ.

 

සටහන:

Dr Rukshan Sirisena Rukshan Sirisena

SHO Surgery

DGH Polonnaruwa

 

 

blog_image
blog_image