blogImage

මව් කිරි - සුව බර දිවියක පදනම

අප සමාජයේ මව්කිරි සම්බන්ධව බහුලව පවතින ගැටළු රාශියකට පිළිතුරු ලබාදීමට බලාපොරොත්තු වන ලිපි මාලාවේ පළමු වන ලිපිය වන මෙයින් අලුත උපන් බිළිඳාට මව්කිරි ලබාදීම ගැන කථා කරමු.

 

🔺අලුත උපන් බිළිඳාට මව්කිරි ලබාදීම ආරම්භ කළ යුත්තේ කෙසේද?

 

දරුවා ප්රසූත කළ පසු හැකිතාක් ඉක්මනින් බිළිඳාට මව්කිරි ලබාදීම සිදු කළ යුතුයි.

(දරුවා, මව දෙදෙනාම සායනිකව ගැටළු නොමැති බව තහවුරු කරගත් පසු මෙය සිදු කළ යුතුයි)

 

🔺මුල් කිරි (Colustrum)

 

පළමු දින 1-3 අතර පියයුරු වලින් නිපදවන කිරි මෙලෙස හඳුන්වයි. මෙය කහ පැහැති වන අතර උකු බවින් වැඩි වුවත් ප්රමාණයෙන් අඩුය.

මුල් දින කිහිපය තුළ සුළු ප්රමාණයෙන් නිපදවීම සිදු වුවත් දරුවාගේ අවශ්යතාවය සඳහා හොඳටම ප්රමාණවත් ය.

 

🔺පෝෂණ සාධක

 

මුල් කිරි වල ප්රෝටීන බහුල අතර මේදය හා කාබෝහයිඩ්රේට් අඩු නිසා ජීර්ණය පහසුය. මේ මඟින් ආහාර මාර්ගයේ චලනයන් පහසු කරයි.

ප්රතිශක්තිය වැඩි දියුණු කරන ප්රතිදේහ, සුදු රුධිරාණු, විටමින් A බහුල නිසා දරුවා ආසාදන වලින් ආරක්ෂා කරයි.

 

🔺දරුවා උපන් විගස පැය කීයකට වරක් කිරි ලබාදිය යුතුද?

 

අලුත උපන් බිළිඳාට පැය 2කට වරක් මව්කිරි ලබා දිය යුතු බවට නිරතුරුව උපදෙස් ලැබුණද වඩා උචිත නිවැරදි ක්රමය වන්නේ දරුවාට බඩගිනි වී ඇති බවට වටහාගෙන ඉන්පසු මව්කිරි ලබා දීමය.

 

🔺දරුවාට බඩගිනි වූ බව අඟවන ඉඟි

 

1.මුලින්ම ඇතිවන ඉඟි (Early Hunger Cues)

නිතර මුඛය විවෘත කිරීම, කිරි සොයන ආකාරයෙන් හිස දෙපසට හැරවීම

 

2.යම් වේලාවක් ගතවූ පසු ඉඟි (Mid Hunger Cues)

ඇඟ මැලි කැඩීම, මුඛයට ඇඟිලි දැමීම, අපහසුවෙන් මෙන් දැඟලීම

 

3.සෑහෙන වේලාවක් ගත වූ පසු දක්වන ඉඟි (Late Hunger Cues)

බිළිඳා රත් පැහැ ගැන්වීම, නළවා ගැනීමට අපහසු අයුරින් ඝෝෂාකාරී ලෙස හැඬීම, අත් හා පාද වේගයෙන් චලනය කිරීම

 

මුල් හා යම් වේලාවක් ගත වූ පසු ඇතිවන ඉඟි වටහාගෙන දරුවාට කිරි ලබාදිය යුතුයි.

නමුත් මේ ඉඟි අවබෝධ කිරීමට අපහසු යැයි හැඟේ නම් පැය 2න් 2ට දරුවාට මුල් කාලයේ කිරි ලබාදීම වඩාත් සුදුසුය.

 

🔺දරුවාට කිරි නිසි ආකාරයට ලැබී ඇතිබව දැනගන්නේ කෙසේද?

 

🔸දරුවාගේ බර වැඩිවීම: පළමු මාස 3දී දිනකට ආසන්නව 25g-30g කින්

🔸දින 4-5කට පසු දිනකට පස්වතාවකට වඩා මුත්රා පිටවීම

🔸කිරි ලබාදීමෙන් පසු පැය 1.5-2 කාලයක් දරුවා නිදාගැනීම

🔸මළපහ වර්ණය: කලු-කොළ සිට රන්වන් පැහැයට පරිවර්තනය වීම

 

🔺කිරි දීමේදී දරුවා ස්ථානගත කිරීම

 

දරුවාගේ හිස, ගෙල, කොන්ද සහ තට්ටම එක රේඛාවක පවතින සේ දරුවා ස්ථානගත විය යුතුයි.

දරුවාගේ සිරුර කිසිවිටකදී නැමී තිබීම සුදුසු නොවේ.

ඉහත කරුණු වලට යටත්ව මවට පහසු අයුරින් දරුවා ස්ථානගත කළ යුතුය.

 

🔺දරුවාගේ උදරයේ ඇති වාතය ඉවත් කරන්නේ කෙසේද?

 

කිරි බීමේදී දරුවාගේ මුඛය හරහා වාතය ඇතුළු වීම සාමාන්ය නමුත් මෙමඟින් බිළිඳාට අපහසුතාවයක් ඇතිවිය හැක.

මෙසේ වාතය ඇතුලු වීම වැඩි වශයෙන් සිදුවිය හැකි අවස්ථා,

1.දරුවාගේ නාස් පුඩු අවහිර වීම

2.දරුවා තන පුඩුව පමණක් ඉරීම (Nipple Sucking)

3.දරුවා ස්ථානගත වීම වැරදීම හා දරුවා හා පියයුරු අතර සම්බන්ධතාවය නිසි පරිදි සිදු නොවීම

 

🔺දරුවාගේ උදර වාතය ඉවත් කළ යුතු වේලාව

 

🔸දරුවාට කිරි ලබාදීමෙන් පසු

🔸දරුවා පහත ලක්ෂණ පෙන්වන විට;

▪️බඩ නෙරා ඒම

▪️නිතර කිරි වමනය දැමීම

▪️අධෝමුඛයෙන් වාතය පිටවීම

▪️දරුවා නිතරම ඇඬීම

 

නිවැරදිව උදර වාතය ඉවත් කරන ආකාරය වීඩියෝවක් ආධාරයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

 

🔺මව්කිරි කළමණාකරණ ඒකක (Lactation Management Center)

 

ප්රධාන රෝහල් සියල්ලේම පාහේ ක්රියාත්මක වේ.

මෙහිදී මව්කිරි ලබාදීම සම්බන්ධ ගැටළු ඇති මව්වරුන්ට උපදෙස් ලබාදේ.

උදේ 8 සිට සවස 4 දක්වා ක්රියාත්මක වේ.

ඔබට මව්කිරි ලබාදීම සම්බන්ධ ඕනෑම ගැටළුවක් මෙහි කාර්යභාර පුහුණු හෙද නිළධාරීතුමියට ඉදිරිපත් කළ හැක.

 

දරුවාට පළමු මාස 6දී කිරි ලබාදීම සිදුකළ යුත්තේ ඇයි, එහි වාසි, පිටිකිරි ලබාදීම ආදී ගැටළු ගැන ඉදිරි ලිපියෙන් සාකච්ඡා කරමු.

 

සටහන:

Dr.Chanaka Galahitiyawa Chanaka Kaushalya Galahitiyawa

Senior House Officer Paeditrics

Mahiyanganaya Base Hospital

 

 

blog_image
blog_image