blogImage

අලුත උපන් දරුවන් කහ පැහැවීම

📌අලුත උපන් දරුවන් කහ පැහැවීම

 

අලුත උපන් බිළිදෙකුගේ, ඇස්. සම,  ආදිය කහ පැහැවීම හෙවත්  Neonatal Jaundice සියවස් ගණනාවක් සිට වෛද්‍යවරුන්ගේ අවධානය යොමු වී ඇති රෝගී තත්වයක්..

මේ සම්බන්ධව මුලින්ම වාර්තා හමුවන්නේ ග්‍රීක ජාතිකයන් අතරිනි.

අද අපි මේ ලිපියෙන්, මේ නව ජන්ම කහ පැහැවීම සම්බන්ධව ඇති 

 

        👉විද්යාත්මක පසුබිම, 

        👉හේතු, 

        👉ප්‍රතිකාර සහ සංකූලතා 

                      ගැන දැනුවත් වීමට උත්සාහ කරමු.☺️

 

♦️මෙම නවජන්ම කහපැහැ වීමට ප්‍රධානම හේතුව වන්නේ "බිලිරුබින්" නැමැති වර්ණකය ළදරුවාගේ රුධිරයේ එක් රැස් වීමයි.

මෙම වර්ණකය නිපදවෙන්නේ. රතු රුධිරාණු එහෙමත් නැත්නම රතු රුධිර සෛල  වැඩිපුර බිදවැටීම නිසාවෙනි.

ලළරුවා මව් කුස තුල වැඩෙන අවධියේ පවතින,  තරමක් ඉහල රතුරුධිරාණු ප්‍රමාණය උපත ලැබූ පසු අතිරික්තයක් ලෙස බිඳ වැටීම මෙහිදී සිදුවන අතර, එක්වරම විශාල රතු රුධිරාණු ප්‍රමාණයක් බිඳ වැටීම නිසා, මෙම බිලිරුබින් නැමැති වර්ණකය තරමක් එක් රැස් වීමක් සිදුවන අතර, එම නිසා ලදරුවාගේ කහ පැහැය ඇතිවීම සිදුවේ.

මෙය සාමාන්‍ය තත්වයකි.👍

 

🔴නමුත් මෙහිදී අදාල වර්ණකය ළදරුවාගේ රුධිරයේ යම් මට්ටමක් දක්වා එක් රැස් වීම හානිදායක නොවන නමුත්, එම මට්ටම ඉක්මවා යාම, දීර්ඝකාලීන් සංකූලතා ඇතිවීමට හේතු විය හැක.😢

 

🔸මීට අමතරව, ලදරුවාගේ සිරුරේ ඇතිවිය හැකි වෙනත් රෝග තත්වයන් නිසාත් මේ රතු රුධිරාණු බිඳ වැටීමට හේතුවිය හැක. 

 

1️⃣. විෂබීජ රුධිරගත වීම

2️⃣. මව්කිරි ඌණතාවය.

3️⃣. වෙනත් පරිවෘත්තිය ක්‍රියා 

       සම්බන්ධ රෝග තත්වයන්.

4️⃣. ලදරුවාගේ අක්මාවේ 

       දුර්වලතාවයන්/හෙපටයිටීස්

5️⃣. පිත්තාශය හා පිත්ත ප්‍රණාල 

       ආශ්‍රිත දුර්වලතා.

6️⃣. රුධිර ඝන නොගැලපීම් නිසා 

       ඇතිවන රුධිර සෛල බිඳ

      වැටීම.

7️⃣. ලදරුවාගේ හිසේ ඇතිවන ලේ 

        කැටි.

 

🔸මෙසේ කහ පැහැවීම ළදරුවාගේ, උපතේ සිට පලමු පැය 24 තුලදී සිදුවේ නම්, පහත හේතුන් නිසා විය හැක.

▶️. 1. රුධිර ඝන නොගැලපීම(ABO 

           or minor group 

            incompatibility)

▶️. 2. ආසදන/විශබීජ 

           රුධිරගතවීම( sepsis)

▶️ 3. විවිධ සංජානන 

           රෝග( Hereditary 

          haemolytic anaemias; 

          congenital 

          spherocytosis, G6PD 

          deficiency )

 

🔸ලදරුවාගේ කහ පැහැවීම පලමු පැය 24 අවසන් වීමෙන් පසුව  හට ගනී නම්,

 

▶️. 1. සාමන්ය තත්වයේදී ඇතිවන 

           කහ පැහැවීම

          (physiological jaundice)

▶️. 2. ඉහත ඕනෑම හේතුවක්.

▶️. 3. මව්කිරි ඌණතාවය.

          ( Breastfeeding/

           starvation jaundice)

▶️. 4. අධික රතු රුධිරානු 

          ප්‍රමාණයක් තිබීම.

         ( polycythemia) 

▶️. 5. වෙනත් සංජානන 

            පරිවෘත්තිය ක්‍රියා ආශ්‍රිත

▶️. 6.අභ්යන්තර ලේ ගැලීම් / 

         හිස්කබලේ සහ අවට ඇතිවන 

        ලේ කැටි 

        ( chephalhaaematoma 

         etc)

 

🔸මෙම කහ පැහැවීම සති දෙකක් ඉක්මවා පවතී නම්,

 

▶️. 1. ලදරුවාගේ අක්මාව ආශ්‍රිත 

          රෝග (neonatal hepatitis

▶️. 2. පිත්තාශය සහ පිත්ත 

           ප්‍රණාලයේ යම්        

            සංකූලතා( biliary atresia 

            etc)

▶️.3. පසුකාලීන විශබීජ 

          ශරීරගතවීම (late onset 

          sepsis)

▶️. 4. වෙනත් සංජානන රෝග/

          පරිවෘත්තිය ක්‍රියා ආශ්‍රිත 

          රෝග. (galactosemia)

 

ආදිය සලකා බැලිය යුතු වේ.

මේ සඳහා ඇතැම් විට 

         🔹පැය 4කට වරක්, 

         🔹6කට වරක්, 

         🔹12ක හෝ 

         🔹24කට වරක්, 

                          ළදරුවාගේ රුධිර පරීක්ශාවක් කොට එහි ඇති බිලිරුබීන් ප්‍රමාණය නිර්ණය කරනු ලබන අතර, මෙහිදී අනුමත/හානිදායක නොවන මට්ටම ඉක්මවා යනවාදැයි අවධානයෙන් සිටීම වැදගත් වේ 😳

 

මෙහිදී එක්තරා මට්ටමක් ( ළදරුවාගේ වයස සහ, ගර්භ කාලය POA අනුව නිර්ණය කෙරේ) ඉක්මවා යන්නේ නම්, ආලෝක ප්‍රතිකාරය(Phototherapy) ලබාදිය යුතු වන අතර, 

බිලිරුබීන් ප්‍රමාණයට අමතරව, ලදරුවාගේ,🧪

1️⃣. රුධිර ඝනය, (blood group) 🩸

2️⃣. හිමොග්ලොබින් ප්‍රමාණය,  (Hb level)🩸

3️⃣. රතුරුධිර සෛල වල ස්වභාවය (blood picture)🔬

4️⃣. රෙටිකියුලෝසයිට ප්‍රමාණය ආදිය ද පරීක්ශාවට ලක් කෙරේ.🧪(reticulocytr count)

 

🔴ආලෝක ප්‍රතිකාර මට්ටම ඉක්මවා වඩාත් ඉහල අගයකින් බිලිරුබීන් මට්ටම පවතීනම්, ලදරුවාට සේලයින්, හෝ ඩෙක්ස්ට්‍රෝස් වැනි දාවණයක් ලබාදීමටද සිදුවේ.

එමෙන්ම ආලෝක ප්‍රතිකාර තීව්‍රතාවයද වැඩි කිරීමට සිදුවේ.

(duel or tripple phototheraphy)

 

🔴තවත් බිලිරුබීන් මට්ටම ඉහල අගයක් පවතීනම්, රුධිර හුවමාරු කිරීමක් ද (Exchange transfusion) කිරීමට සිදුවනු ඇත.

නමුත් මෙම අවස්ථා ඉතාමත් කලතුරකින් දක්නට ලැබේ.

එමෙන්ම රුධිර ඝන වල නොගැලපීම් සමනය කිරීමට ඉමියුනෝග්ලොබියුලීන් (IgG)නැමැති ඖෂධය ද ලබාදෙනු ඇත.💉

 

මෙම ආලෝක ප්‍රතිකාරයේදී භාවිතා වන්නේනිල් දම් ආලෝක කිරණ විශේෂය වන අතර, එහිදී  "බිලිරුබීන්" නැමැති වර්ණකය බිඳ හෙලා, ළදරුවාගේ සිරුරෙන් ඉක්මනින් බැහැර කරවීම පහසු කරවයි.

 

මෙම ආලෝක කිරණ ලදරුවාගේ ඇස් වලට යම් බලපෑමක් /අපහසුතාවයක් ඇති කරන බැවින් ඇස් රෙදිකඩක් මඟින් ආවරණය කර තබනු ලැබේ.😎

 

නමුත් ලදරුවාගේ අනෙකුත් ශරීර කොටස් මනාව නිරාවරනය කර තැබිය යුතු වේ. ( මෙහිදී භාවිතා වන කිරණ සංඛ්යාතයන් හානිකර නොවන බැවින්, වෙනත් බලපෑම් ඇති නොකරයි) 

ආලෝකය මනාව ලැබෙන පරිදි දරුවාව පැය කිහිපයකින් හැරවීම කලයුතුවේ.

 

මෙහිදී වැඩි කාලයක් දරුවා ආලෝක ප්‍රතිකාරයේ තැබීම ඉතා වැදගත් නිසා, ලදරුවාට දොවාගත් කිරි කෝප්පයක් ආධාරයෙන් (cup feeds) හෝ, බටයක් ආධාරයෙන් (NG feeds) ලබා දීම සිදු කෙරේ.🍼

 

දරුවාගේ බිලිරුබීන් මට්ටම ඉහළයාම නිසා, ඒවා මොලයේ සදාකල් තැන්පත් වීම සිදුවිය හැක ( kernicterus) එහිදී ළදරුවාට 

         ⚠️වලිප්පුව( seizures) ,     

        ⚠️ මානසික දුර්වලතා, 

        ⚠️අධ්‍යාපනික දුර්වලතා

              ආදියට මුහුණන දීමට සිදුවිය හැක. 

 

✅එබැවින් මෙම ආලෝක ප්‍රතිකාරය ලබාදීම ඉතාමත් වැදගත් වේ.

✅විශබීජ ශරීරගත්වී ඇත්නම් ඒවාට ප්‍රතිජීවක(antibiotics) ලබාදීමද අනිවාර්යයෙන්ම කලයුත්තකි.

✅කහ පැහැවීමට අදාල වෙනත් හේතු පවතීනම්. ඒවා සමනය කිරීමට,/සොයා බැලීමට(investigstions) කටයුතු යෙදීමද අනිවාර්යය වේ.

 

බිලිරුබින් මට්ටම සමනය වී පසු ආලෝක ප්‍රතිකාරය නවත්වා පැය 12ක් පමණ ඉක්ම ගිය පසු බැවත් රුධිර පරීක්ශාවක් සිදුකර,(rebound bilirubin) එය තව දුරටත් ඉහල නොයන බවට තහවුරු කර ගත යුතුවේ

 

වෙනත් හේතුන් නොපවතීනම් ළදරුවා රෝහලෙන් පිටකල(discharge) හැක.

 

💥ඔබේ විශේෂ අවධානයට

 

ඔබ අලුත උපන් බිළිදෙකු සිටින මවක් නම් දරුවාගේ සම, ඇස් කහ පාට වී ඇත්දැයි අවධානයෙන් සිටින්න.👩🏻‍🍼

බොහෝ විට දරුවාගේ කාමරය තරමක් අඳුරු නම් ඔබට මෙය මඟ හැරී යා හැකි නිසා බිළිඳා හොඳින් ආලෝකමත් තැනකට රැගෙන විත් බලන්න.🔆

 

පවුල් සෞඛ්‍ය නිළධාරීතුමිය දරුවා මුල් දින කිහිපයේදී නිරීක්ෂණය කොට දරුවා කහ පැහැයට හැරී ඇති බවට නිරීකිෂනය කළොත් වහාම ළඟම රෝහලට දරුවා රැගෙන යන්න.

එසේ නොකර විවිධ අත්බෙහෙත් සමේ ගැල්වීම වැනි දෑ නොකරන්න.❌

 

✍️සටහන

 

Dr. Sri Sampath

Medical Office 

Neonatal Intensive Care Unit

DGH -Nuwaraeliya

blog_image
blog_image