blogImage

ට්‍රයිජැමිනල් නිව්‍රැල්ජියාව

📌වෛද්‍ය විද්‍යාවේදී මුහුණේ ස්නායු ආශ්‍රිත වේදනා තත්ත්වයන් කීපයක්ම විස්තර කරලා තියෙනවා.

 

🔸ඒ අතරින් එක් විශේෂිත වේදනා තත්ත්වයක් තමයි ට්‍රයිජැමිනල් නිව්‍රැල්ජියාව 😓 කියලා කියන්නේ. මිනිසාගේ මොළයෙන් එළියට එන කපාල ස්නායු ( Cranial Nerves ) යුගල 12 අතරින් 5 වන කපාල ස්නායු ස්නායුව වන ට්‍රයිජැමිනල් ස්නායුව හිස පුරා විහිදෙන මාර්ගය ඔස්සේ වේදනාවක් ඇතිවීම මෙම රෝගයේ විශේෂ ලක්ෂණයක් වෙනවා.😰

 

🔰 ට්‍රයිජැමිනල් නිව්‍රැල්ජියාවට අදාල වේදනාවේ විශේෂිත ලක්ෂණ. 

 

1️⃣. හිටි හැටියේම ඇතිවන අධික වේදනාව.🥺 ( කිසිම වේදනාවක් නැතුව ඉන්න රෝගියා එකවරම තද වේදනාවක් අත්විඳිනවා😟) 

2️⃣. බොහෝම කෙටි කාලයක් පවතින තද වේදනාව.😟 (එකවර වේදනාව ඇති වන්නේ විනාඩි 2 ටත් වඩා අඩු කාලයක්😥)

3️⃣. ට්‍රයිජැමිනල් ස්නායු ශාඛා 3 න් 1ක් හා සම්බන්ධව වේදනා ඇතිවීම🥺.

4️⃣. මුහුණේ එක් පැත්තක පමණක් වේදනාව ඇතිවීම😥.

5️⃣. රෝගියාට ඇතිවන වේදනාව විදුලි සැර වැදුන හා සමාන වීම☹️.

6️⃣. මුහුණේ එක්තරා නිශ්චිත ස්ථානයක් ස්පර්ශ කරන විට වේදනාව ඇතිවීම😥. මෙම ස්ථානය trigger point එක ලෙස හැඳින්වේ🥺. ( දත් මැදීම, රැවුල කැපීම වැනි එදිනෙදා කටයුතුවලදී වේදනාව ඇති වේ😥.)

 

🔰 ට්‍රයිජැමිනල් නිව්‍රැල්ජියාව ප්‍රධාන වර්ග 2 කි. 

♦️. ප්‍රාථමික ට්‍රයිජැමිනල් නිව්‍රැල්ජියාව 

 

♦️. ද්වීතීක ට්‍රයිජැමිනල් නිව්‍රැල්ජියාව 

 

 ⭕ප්‍රාථමික ට්‍රයිජැමිනල් නිව්‍රැල්ජියාව 

 

මෙම තත්වයට හේතු වන්නේ "මොළයේ ස්නායු හා රුධිරවාහිනී එකිනෙක තෙරපීම ය"යි පරීක්ෂකයන් විශ්වාස කරයි. මොළයේ ඇති රුධිර වාහිනීවල වාහිනී වල සමහර ස්ථානවල ඇති මහත් වීම ( Microvascular Anurisms) මගින් රුධිර වාහිනී අවට ඇති ස්නායුවලට පීඩනයක් ඇති කරයි😥. මේ විදිහට ඇතිවන පීඩනය නිසා ස්නායු ආවරණය කරලා තියෙන පරිවාරක ද්‍රව්‍ය වන මයලින් කොපුව දියවේ. මයලින් කොපුව දියවීම නිසා ස්පර්ශ සංවේදනය ගෙන යන ස්නායු හා මයලීන් කොපු නොමැති වේදනාව ගෙන යන ස්නායු එකිනෙක ස්පර්ශවේ. මෙලෙස ස්නායු එකිනෙක ස්පර්ශ වීම නිසා ස්පර්ශ සංවේදනය ගෙනයන ස්නායු පණිවිඩ හා වේදනා සංවේදනය ගෙන යන ස්නායු වල සංවේදනය එකිනෙකට මාරුවේ. එම නිසා ස්පර්ශ සංවේදනයක් වේදනාවක් ලෙස දැනෙනවා😱. අන්න ඒ නිසා තමයි රැවුල කැපීම දත් මැදීම වගේ ස්පර්ශයන් වලින් පවා තද වේදනාවක් දැනෙන්නෙ😱.

 

⭕ ද්විතීක ට්‍රයිජැමිනල් නිව්‍රැල්ජියාව 

 

මොළයේ ස්නායු ආශ්‍රිතව ඇතිවන රෝගී තත්වයන් නිසා ( උදාහරණයක් වශයෙන් ස්නායු දිය වීම😨, මොලයේ පිලිකා😰) මෙම තත්ත්වය ඇති වේ. ස්නායු රෝග ආශ්‍රිත අනිකුත් රෝග ලක්ෂණ ( උදාහරණයක් ලෙස ශරීරයේ චලනයන් අඩපණ වීම😨, ශරීරය සංවේදන නොමැතිවීම😨) පවා රෝගියාගෙන් දැකගත හැක. 

 

🔰 ට්‍රයිජැමිනල් නිව්‍රැල්ජියාව සදහා ප්‍රතිකාර 

 

ට්‍රයිජැමිනල් නිව්‍රැල්ජියාව සඳහා ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම 2 ක් තියෙනවා. 

 

👉 1. ඖෂධ ප්‍රතිකාර

👉 2. ශල්‍ය ප්‍රතිකාර

 

⭕ ඖෂධ ප්‍රතිකාර 

 

ඖෂධ ලබාදීම මගින් වේදනාව ඇති කිරීම පාලනය කිරීම මෙහිදී සිදුවේ. භාවිතා කරන ඖෂධ පළමු පෙළ ඖෂධ,  දෙවන පෙළ ඖෂධ හා තෙවන පෙල ඖෂධ ලෙස කොටස් 3 කට වර්ග කරයි.

 

👉 පළමු පෙළ ඖෂධ

මෙහිදී භාවිතා වන්නේ අපස්මාරට ලබාදෙන carbamazepine නම් වූ ඖෂධයයි. මෙම ඖෂධය මගින් බොහෝ දුරට වේදනාව පාලනය කර ගත හැක.

👉දෙවන පෙළ ඖෂධ

Carbamazepine ඖෂධය මගින් වේදනාව පාලනය කර නොහැකි අවස්ථාවලදී දෙවන පෙළ ඖෂධ භාවිතා කරයි. දෙවන පෙළ ඖෂධ ලෙස සුලභව භාවිතා වන්නේ Gabbapentine, Valproate වැනි ඖෂධයි.

👉තෙවන පෙල ඖෂධ

දෙවන පෙළ ඖෂධ අසාර්ථක වූ විට පළමු පෙළ ඖෂධ හා තෙවන පෙල ඖෂධ යන සුසංයෝගය භාවිතා කරයි. මෙහි දී දෙවන පෙළ ඖෂධ ලෙස Amitriptyline, diazepam වැනි ඖෂධ භාවිතා කරයි.

 

⭕ ශල්‍ය ප්‍රතිකාර. 

 

ශල්‍යකර්මයක් සිදුකර වේදනාව ඇති කිරීම පාලනය කිරීම මෙහිදී සිදුවේ. සිදුකරන්නාවූ ශල්‍යකර්මයන් කොටස් 2 කට බෙදා වෙන් කළ හැක.

 

👉මොලය ආශ්‍රිත ශල්‍යකර්ම

මෙහිදී සිදු කරනු ලබන්නේ රුධිර වාහිනිය මගින් ස්නායු මත ඇති කරන්නා වූ තෙරපුම ශල්‍යකර්මයක් මගින් ඉවත් කිරීමයි.

 

👉කපාලයට පිටතින් ඇති ස්නායු වලට කරන ශල්‍යකර්ම.

මෙහිදී සිදු කරනු ලබන්නේ trigger point එක හා සම්බන්ධ ස්නායු ශල්‍ය කර්මයක් මගින් කපා ඉවත් කිරීමයි. 

 

ට්‍රයිජැමිනල් නිව්‍රැල්ජියාව ප්‍රතිකාර මගින් පාලනය කළද පසුකාලයක නැවත ඇතිවීමේ අවදානමක් 😱  තියෙනවා. ඒක නිසා නිවැරදි විදිහට සායන සායනවලට සහභාගි වීම හා නිවැරදි විදිහට ඖෂධ ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. මෙම රෝගය රෝගියාගේ එදිනෙදා කටයුතුවලට සෑහෙන්න බලපෑම් ඇති කරන රෝගයක්🥺. එම නිසා ප්‍රතිකාරවලට යොමුවීම අත්‍යවශ්‍යයි. 

විශේෂඥ මුඛ හා හනුක ශල්‍ය වෛද්‍යවරයෙකු සිටින ඕනෑම රෝහලකින් මෙම රෝගයට අදාළ ප්‍රතිකාරයන් කරගන්න පුළුවන්🤝.

 

 ✍️ සටහන

 

Dr Uthpala Gunasekara 

Dental surgeon 

Preventive oral health unit 

National Dental Hospital (Teaching ) Colombo

blog_image
blog_image