blogImage

Polypharmacy

📌අද, සැප්තැම්බර් 25 ලෝක ඖෂධවේදී දිනයයි.

 

"Pharmacists strengthening health systems" තේමාව කරගෙන ඇති අද දිනයේ රෝගීන් බහුලවම පීඩා විදින රෝගී තත්වයක් ගැන ඔවුන් දැනුවත් කිරීම ඉතා වැදගත් වෙනවා.😀

 

වර්තමාන රෝගීන් පීඩා විදින රෝග අතරින් බහුලව දක්නට ලැබෙන දෙයක් තමයි බෝ නොවන රෝග.

 

මේක Polypharmacy කියන concept  එකෙන් ගොඩක් හොදට තේරුම් ගන්න පුළුවන්.💊🔖💊

 

Polypharmacy  කියන්නෙ ඖෂධ වර්ග වැඩි ගනනක් ඒ කියන්නෙ ඖෂධ වර්ග 5ක් හෝ ඊට වැඩි ගනනක් එකම වෙලාවට හෝ විවිධ වේලාවලට දිනපතා  ලබා ගැනීමයි.😮

 

අද වන විට මේ තත්වය වැඩිහිටියන් අතර පමණක් නොව තරුණ පිරිස අතරත් සුලබවම දකින්න ලැබෙනවා.

 

වැඩිහිටියන් මේ තත්වයට ගොඩක්ම ගොදුරු වන්නේ වයස්ගත වීමත් සමග  ඇතිවන කායික දුර්වලතා හේතු කොටගෙනයි. තරුණ පිරිස මේ තත්වයට ගොදුරු වෙලා තිබෙන්නේ වර්තමානයේ ඔවුන්ගෙ ජීවන රටා වල සහ ආහාර රටා වල ඇති වෙලා තියෙන  වෙනස්කම්, අඩුපාඩුකම් නිසා...🙄

 

කෙසේ නමුත් බෝ නොවන රෝග, බෝ වන රෝග වලටත් වඩා බහුල ලෙස අද වර්තමානයේ රෝගීන් අතර දකින්න ලැබෙනවා..

 

📍Polypharmacy තත්වය ඇති කරවන රෝග 

👉1. දියවැඩියාව 

👉2. අධික රුධිර පීඩනය

👉3. අධික කොලෙස්ටරෝල් මට්ටම

👉4. හදවත් රෝග

 

සාමාන්‍ය වැඩිහිටි එක් රෝගියෙක් ට මේ සියලූ රෝග තියෙන්න පුළුවන්. එතකොට මේවට ප්‍රතිකාර ගැනීමේදි එකවර බෙහෙත් ගොඩක් ගන්න සිද්ද වෙනවා..

 

🔴රෝගීන් ඉහත රෝග වලට අනිවාර්යයෙන්ම නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගතයුතු වෙනවා. 

 

මේ රෝගීන් දිනපතා ගන්න මේ බෙහෙත් වලට අමතරව සිරිතක් වශයෙන් "over the counter (OTC)"ලෙස හදුන්වන  ඖෂධ කාණ්ඩයට අයත් බෙහෙත් වර්ගත් ගන්න අවස්ථා තියෙනවා. ඒ කියන්නෙ කැක්කුමට බොන pain killers වගේම constipation වගේ ලෙඩකට බොන laxative syrup  වර්ග සහ සමහර වෙලාවට ලබා ගන්නා Vitamins සහ Nutritional Supplements වගේ දේවල්.🤔

 

ඇතැම් අවස්ථා වලදී මෙවැනි රෝගීන් කසාය වර්ග වැනි පාර්ම්පරික ආයුර්වේද ප්‍රතිකාර වලටත් යොමු වෙනවා..🥣🍶🥛🍵

 

මෙහිදී  මෙවැනි රෝගීන් අනිවාර්යයෙන්ම නිසි වෛද්‍ය නිර්දේශයකින්ම පමනක්  ඉහත කී බෙහෙත් වර්ග ගැනීම සිදු කලයුතුයි.  මොකද ගොඩක් දෙනා වැඩිය නොහිතනවා උනාට ඉහත කී අමතර බෙහෙත් වර්ග ඔවුන් නිතිපතා බොන බෙහෙත් වර්ග සමග අන්තර්ක්‍රියා කරන්න පුළුවන්.  ඒ කියන්නෙ self medication කියන දේ පිළිබඳව නිසි දැනුමක් නොමැතිනම් එය රෝගීන් විසින්  අනිවාර්යයෙන්ම අත් හැරිය යුතුයි.❌

 

උදාහරණයක් විදියට කිවුවොත්, ♦️රුධිර කැටි ඇතිවීම වැලැක්වීමට දිනපතා ගන්නා Aspirin  කියන ඖෂධය  Ibuprofen කියන pain killer ඖෂධය සමග අන්තර්ක්‍රියාවක් සිදු වෙනවා. ඒ නිසා හිතුමතේට pain killer එකක් විදියට බෙහෙත් ගන්න කලිනුත්  තම වෛද්‍යවරයා හෝ ඖෂධවේදියා දැනුවත් කිරීම වැදගත් වෙනවා. 

♦️ඒ වගේම Clopidogrel කියන  ඖෂධය  දිනපතා ගන්න රෝගියෙක් Omeprazole කියන ඖෂධය ලබාගැනීම නුසුදුසු තත්වයක් . ඉතින් මේ වගේ රෝගීන් නිසි  වෛද්‍ය අනුමැතියෙන් තොරව හිතුමතේට තමන්ගෙ අසල්වැසියෙක් හෝ ලගම කෙනෙක් හෝ කියන දේ විතරක් අහලා පොඩි බඩේ දැවිල්ලකට කියලා මේ වගේ බෙහෙත් ගැනීම ඉතාම   නුසුදුසු තත්වයක්. 

 

Polypharmacy  තත්වය නිසා ඇතිවන අතුරු ආබාධ අඩු කරගැනීම තමයි ගොඩක් රෝගීන්ට තම රෝගී තත්වය වෙනුවෙන්  කරන්න පුළුවන් සුදුසුම දේ...

 

ඒ සදහා ගත හැකි පිලියම්..

 

✅1. තමන්ට නිර්දේශිත ඖෂධ මොනවාද, එම ඖෂධ කුමන රෝගී තත්වයටද යන්න තමාගෙ   වෛද්‍යවරයාගෙන්  හෝ  ඖෂධවේදීයාගෙන් අසා දැනුවත්ව සිටීම.

✅2. කිසියම් අතුරු ආබාධයක් ඇතිවූ වහාම තම  වෛද්‍යවරයා ඒ පිලිබදව දැනුවත් කිරීම. මොකද එකම බෙහෙත අවුරුදු 10ක් 20ක්  ගත්තත් කිසි අතුරු ආබාධයක් නොවූවත්, යම් අවස්තාවක, කාලයත් සමග ශරීරය දුර්වල වීම නිසා එවැන්නක් සිදුවන්න පුළුවන්.

✅3. අලුතින් නිර්දේශ කරන බෙහෙත් පිලිබදව වෛද්‍යවරයා හෝ ඖෂධවේදීයාගෙන්   විමසා දැන සිටීම.

✅4. තමාට allergic condition එකක් පෙන්නුම් කරන ඕනෑම  ඖෂධයක් ගැන වෛද්‍යවරයාගෙන් හෝ  ඖෂධවේදියාගෙන් හෝ අසා  හොදින් දැනුවත් වී සිටීම.

✅5. මසකට වරක් පවත්වන වෛද්‍ය සායන වලට අනිවාර්යයෙන්ම නියමිත දින නියමිත සායන අත්පොතද රැගෙන සහභාගී වීම.

✅6. වැඩි බෙහෙත් ගණනක් පානය කිරීමට සිදු වීම නිසා ඇතැම් බෙහෙත් මගහැරී යාම සිදුවීම වැලැක්වීමට  pill box එකක් වැනි දෙයක් පාවිච්චියට හුරු වීම. 

✅7. නිසි දැනුමකින් තොරව Self medication  වලට නොයෑම.

 

අවසාන වශයෙනුත් කියන්න තියෙන්නේ  බෝ නොවන රෝග මාරයාගෙන් බේරීමට නම් නිතරම නිසි  වෛද්‍ය අනුමැතියට හා නිසි ඖෂධවේදී උපදෙස් වලට අනුගතව තම බෙහෙත් පාවිච්චිය, සාමාන්‍ය ජීවන රටාව සමගම පවත්වාගෙන යන්න කියන දේ....👍

 

✍️සටහන

 

A.K.Pawani Prasadini

Pharmacist 

District General Hospital Ampara

blog_image
blog_image