blogImage

සුද යාම නැත්තම් Whitish Vaginal Discharge.

සුද යාම නැත්තම් Whitish Vaginal Discharge..💧

 

තරුණ , මැදිවියේ බොහොමයක් කාන්තාවට අත්දකින්න වෙන ලොකුම ගැටලුවක් තමා මේ සුද යාම කියන්නේ.

බොහෝ වෙලාවට ලිංගිකව ක්‍රියාකාරී කාන්තාවන්ට මානසික වදයක් වෙලා තියෙනවා සුද යාම මේ වෙනකොටත්.🤯

 

ඒත් ඔබ දන්නවාද?

 

90% වඩා කාන්තාවන්ට තියෙන සුද යාම ඉතාමත් සාමාන්‍යයි.

ඒ කියන්නේ සැම කාන්තාවන් 3 න් 1 අයෙකුටම සුදයාම සාමාන්‍යයි.💁🏼‍♀️

 

සුදයාම අසාමාන්‍ය වෙන්නේ කොහොමද?

 

අසාමාන්‍ය ගැන කියන්න කලින් සාමාන්‍ය ගැන කියලා ඉන්නම්.

🌸මේවයේ කිසිම ගන්ධයක් නෑ.

🌸ගොඩක් වෙලාවට පැහැදිලියි, සුදු පාටයි.

🌸ගනකම් සහ ඇලෙන සුළු ස්වාභවයක් ගන්නවා.

🌸තෙතමනයක් සහිතයි.

🌸ඔසප් චක්‍රයේ ඕනෑම දිනයක ඇති වෙන්නත් පුලුවන්.

 

දැන් බලමු අසාමාන්‍ය සුද යාම මොකක්ද කියලා.

 

ඇත්තටම අපේ කාන්තාවන් මේ ගැන ගොඩක් කලබල උනත් පුරුෂ පාර්ශවයත් මේ රෝගයට 50% ක දායක්තවයක් දක්වනවා.🙍🏽‍♂️

 

1. Bacterial Vaginosis

අසාමාන්‍ය සුද යාමට 5-50% අතර වෙන common ම හේතුව තමා මේ බැක්ටීරියා ආසාදනය. සාමාන්‍යෙන් යෝනි මාර්ගය ph4.5 ක වගේ ආම්ලික තාවයක් ගන්නවා. අපේ සමහර කාන්තාවෝ පුරුදු වෙලා ඉන්නවා අතට අහු වෙන සබන් කෑල්ලක් ගාලා යෝනි මාර්ගය නිතර නිතර සෝදන්න. මේ හේතු නිසා යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය සුද යාමක් වෙන්න පුලුවන්.

 

(නිතර සබන් යොදා යෝනි මාර්ගය සෝදන එක නවත්වන්න.අවශ්‍යනම් ඊට සුදුසු ද්‍රාවණ ෆාමසි , සුපර් මාකට් වල තියෙනවා. ඒකත් දවසට දෙපාරක් දැම්මම ඇති. හරියට උදේටයි රෑටයි දත් මදිනවා වගේ😁)

 

විශේශයෙන් අලුත බැදපු කාන්තාවන්ට, බහු පුරුෂ සේවනයක යෙදෙන කාන්තාවන්ට මේක හැදෙන්න පුලුවන්.

 

♦️අසාමාන්‍ය දුර්ගන්දයක්,

♦️තද ඝනකම කිරි වැනි ශ්‍රාවයක්,

♦️සමහරවිට අලු පාට වතුර වැනි ශ්‍රාවයක් තියෙන්න පුලුවන්.

 

පසු කාලීනව මේ අසාමාන්‍ය සුද යාම නිසා PID, නොමේරූ දරු උපත්( in pregnancy) වගේම HIV උනත් ඇතිවෙන්න පුලුවන්.

 

බෙහෙත් තියෙනවා.ලිංගිකව එකතු වෙන දෙන්නම බෙහෙත් ගන්න ඕනේ.😋

 

2.Trichomoniasis

ලිංගිකව සම්ප්‍රේෂණය වන අතර කොළ, කහ පැහැයට හුරු පෙන සහිත ශ්‍රාවයක් තමා එන්නේ.

🟡යෝනි මාර්ගය ආශ්‍රිතව තද වේදනාවක්,

🟡කසන සුළු ස්ව්භාවයක්

🟡මුත්‍රා කිරීමේදි දැවිල්ලක් ඇති වෙන්න පුලුවන්.

 

සමහර වෙලාවට නාන ඇදුම්, තුවා හුවමාරුව නිසාත් මේක හැදෙන්න පුලුවන්.

 

බෙහෙත් තියෙනවා දෙන්නටම බෙහෙත් ගන්න වෙනවා.🙂

 

3.Vulvovaginal Candidiasis/Trush

 

යීස්ට් වර්ගයක් විසින් මේ රෝගය හදන අතර දියවැඩියා රෝගීන් , ගර්භනී කාන්තාවන්ට බහුවලව දකින්න පුලුවන්. 40% කට පමන රෝග ලක්ෂණ පෙන්නන්නේ නෑ.

🔹තද ඝන මීකිරි වැනි ශ්‍රාවයක්,

🔹යෝනි මාර්ගය අසල කැසිල්ලක්,

🔹බොහෝවිට කාන්තාවන්ට මේක කිසිම ගදක් නැහැ.

 

නමුත් පුරුෂ පාර්ශවයට,

ශිෂ්ණය කෙලවර පෙර සමට යටින් දැවිල්ලක් හෝ රතු පැහැ වීමක්,

🔷සුදු පැහැති චීස් කුඩු වැනි ශ්‍රාවයක්,

🔷දුර්ගන්ධයක්,

🔷පෙර සම පසු පසට ගැනීමේ අපහසුවක් එන්න පුලුවන්.

 

මීට අමතරව ඉකිලි,කිහිලි සහ ඇගිලි ආශ්‍රිතව දකින්නත් පුලුවන්.

 

බෙහෙත් තාම තියෙනවා ලංකාවේ.🙃

 

4. Sexually Transmitted Diseases.

ලිංගික රෝග බොහොමයකදී අසාමාන්‍ය සුද යෑමක් බලාපොරොත්තු වෙන්න වෙනව අපිට.

 

Chlamydia and Gonorrhea-

🟩කහ කොළ පැහැයට හුරු ශ්‍රාවයක්,

🟩මුත්‍රා කිරීමේදි අධික වේදනාවක්,

🟩ලිංගික එකතුවීමකදී යටි බඩේ තද වේදනාවක්( කාන්තාවන්)

🟩ශිෂ්ණයේ හෝ වෘෂණ කෝෂ වල ඉදීමීමක්(පුරුෂ)

 

තියෙනවනම් ලගම රෝහලේ ලිංගික රෝග සායනයට යන්න දෙන්නත් එක්කම.

බෙහෙත් තිබුනා😉

 

Genital Herpes-

ඉතාමත් ඝනකම අධික දුර්ගන්දයෙන් යුතු ශ්‍රාවයක් මේක. ඊට අමතරව

🥀පුංචි දිය බුබුලු, පිපිරුනාම රතු පාටයි,

🥀දැවිල්ලක්, කසන ගතියක්

🥀මුත්‍රා කිරීමේදී අදික වේදනාවක්

එයාවත් ඇදගෙන යන්න ලිංගික රෝග සායනයට. කොහෙන් හරි බෙහෙත් හොයලා දෙන්නම්.😎

 

5. PID

HPV

Cervical cancer

 

වැඩිය කියන්න දෙයක් නෑ. අර වගේ මොකක් හරි වෙනසක් තියෙනවනම් VOG කෙනෙක්ව හම්බවෙන්න.

එයා බෙහෙත් දෙයි 😵‍💫

 

🙆‍♀️මේක කියවන කාන්තා ඔබ වයස 35 ට වැඩිනම් ගමේ සුවනාරි සායනයෙන් හරි , මහ රෝහලක කාන්තා රෝග සායනයෙන් හරි PAP පරීක්ෂණයක් නොමිලේම කරගන්න.🙆‍♀️

 

සටහන:

Dr. Waruni Herath

SHO Gyn and Obs

Teaching Hospital Kurunegala

blog_image
blog_image