blogImage

දියවැඩියාව ,ප්‍රෙශර් එකට දිගටම බෙහෙත් බිව්වාම අක්මාව,වකුගඩු නරක් වෙනවාද?🤔

දියවැඩියාව ,ප්‍රෙශර් එකට දිගටම බෙහෙත් බිව්වාම

අක්මාව,වකුගඩු නරක් වෙනවාද?🤔

 

"අනේ මම නම් ඔය බෙහෙත් 💊දිගටම බොන්නේ නෑ ගත්තාට, සීනි වැඩි වුණාම මට දැනෙනවා එතකොට විතරයි බොන්නේ "

බෝ නොවන රෝග සායනය පවත්වන දිනවල වැඩිහිටි අම්මලා,තාත්තලාගේ කටින් නිතරම මට ඇහෙන දෙයක්. ගොඩාක් අපේ අම්මලා තාත්තලා වැරදි අවබෝධයක ඉන්නවා බෝ නොවන රෝග සදහා දෙන බෙහෙත්💊 වලින් වකුගඩු සවුත්තු වෙනවා, අක්මාව දිය වෙනවා වගේ දේවල් ගැන ,

 

ඇත්තටම වෙන්නේ ඒකෙ අනිත් පැත්ත දියවැඩියාව ,අධික රුධිර පීඩනය ,කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝග ශරීරයේ එක අවයවකට විතරක් නෙවෙයි මුළු ශරීරයටම බලපෑම් කරන රෝග කාණ්ඩයක්.

මේ නිසා තමයි. මේ රෝග පාලනය අපිට වැදගත් වෙන්නේ.

 

කලින් කිව්ව රෝග හරියාකාරව පාලනය කලේ නැත්නම් ඒවා මගින් කුඩා ලේ නහර වල විවිධ වෙනස්කම් කරනවා වෛද්‍ය විද්‍යාත්මකව මේවා

1.Arterosclerosis

2.Atheresclerosis

වගේ නම් වලින් හදුන්වනවා.කාලයත් සමඟ මේවා ශරීරය ඇතුළේ ප්‍රධාන ඉන්ද්‍රියන් වෙත බලපෑම් එල්ල කරනවා.

හෘදය🫀 ,වකුගඩු ,මොළය🧠 ආශ්‍රිත සංකූලතා නිසා හෘදයාබාධ ,අංශභාගය තත්ව ඇති වෙන්න පුළුවන් .

 

"ඉතිං ඩොක්ටර් මගේ වකුගඩු සවුත්තු වෙලා කියලා ඉන්සියුලින් පටන් ගත්තා . එහෙම කරේ බෙහෙත්💊 හින්දා වකුගඩු නරක් වුන නිසා කියලා කට්ටිය කිව්වා ."

 

දවසක් වයසක අම්මා කෙනෙකුට මම බෙහෙත්💊 වලින් නෙවෙයි වකුගඩු නරක් වුණේ කියලා පැහැදිලි කරාම අම්මා මට දුන්න උත්තරේ තමයි ඕක.

 

දීර්ඝ කාලයක් දියවැඩියාව ,පේශර් එකට බෙහෙත් 💊ගන්න කොට මුල දී රෝගය ප්‍රතිකාර කර බෙහෙත් වලින් විතරක් ලෙඩේ පාලනය කරන්න බැරි වෙලා තවත් අලුත් බෙහෙත් නිර්දේශ කරන්න සිද්ද වෙනවා.

අපේ ශ්‍රි ලාංකික ජනතාව කොයි තරම් පිළිවෙළට සීනි බෙහෙත්💊 බිව්වත්,රෝගයට අදාල විදිහට ආහාර පාලනය කරන්නේ කීයෙන් කීදෙනා ද..?🤔

 

දියවැඩියාව රෝගීන්ට බොන බෙහෙත්💊 උපරිම මාත්‍රා වලින් සීනි පාලනය වෙන්නේ නැති වුණාම ඉන්සියුලින් විදින්න💉 පටන් ගන්නවා .එහෙම වුණාම ගොඩාක් අය වැරදියට හිතලා අමුතු තර්ක හදලා අනිත් අයටත් කියනවා.

 

අනෙක දේ තමයි ඉතා දිගු කාලයක් දියවැඩියාව,අධික රුධිර පීඩනය තිබුණාම Diabetic Nephropathy, ltypersive Nephropathy

වගේ රෝගී තත්ත්ව නිසා වකුගඩු අකර්මණ්‍ය වෙනවා. ඉතින් එහෙම වුණාම Metformin වගේ ඖෂධ ඒ වගේ රෝගීන්ට ලබා දෙන්න බැරි අවස්ථා එනවා ඒ වෙනුවට වෙනත් බෙහෙත් 💊නිර්දේශ කරන්න වෙනවා නැතුව ඒ බෙහෙත් 💊නිසා වකුගඩු අකර්මණ්‍ය වෙලා ඒ නිසා ඒවා නවත්වනවා නෙවෙයි .

 

අපේ අයට කතාවක් ඇහුනාම ඒක තව කෙනෙකුට කියන්නේ තමනුත් අතින් දාලානේ.

මතකනේ කපුටු පිහාටුවක් දැක්ක ගමරාල අන්තිමට කපුටු හත් දෙනෙක් වමන දැම්මා කියලා හැදුන හැටි..!

 

මේ වගේ මිත්‍යා මත වලට රැවටිලා අද බොහෝ දෙනා තමන්ට නියමිත ඖෂධ💊 හිතු හිතු වෙලාවට බොන ප්‍රවනතාවයක් තියනවා .

මෙකෙන් සිද්ධ වෙන්නේ පහසුවෙන් පාලනය කරගන්න පුළුවන් කියන ලෙඩේ වැඩි වෙන එක.

 

එහෙම තමන්ට සැක හිතෙන දෙයක් හරි අවිශ්වාස දෙයක් හරිතියනවා නම් හරියට දන්න කෙනෙක්ගෙන් අහලා දැනගන්න.

ඒ වගේ ප්‍රශ්න තියනවා නම් comment එකක් දාලා හරි message 📩එකක් දාලා හරි අපෙන් අහලා දැනගන්න .

 

✍️සටහන

 

Dr.Tharindu Imantha

Senior House Officer

Medical ward

Nikaweratiya Base Hospita

blog_image
blog_image