සංජානනීය උපත් ආබාධ
සංජානනීය උපත් ආබාධ හෙවත් සංජානනීය විෂමතා යනු අභ්‍යන්තර ගර්භාෂ වර්ධන අවධියේදී සිදුවන ව්‍යුහාත්මක හෝ ක්‍රියකාරීත්වයේ සිදුවන විෂමතා වේ.
📌 මෙම විෂමතා වල රෝග ලක්ෂණ උපතේදීදීම හෝ සමහර විට උපතින් පසුව ළදරු අවධියේදී හෝ ජීවිතයේ පසු අවස්ථාවකදී ඉස්මතුවන්නට වුවද පුළුවන.
📌ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, අලුත උපන් බිළිඳුන්ගෙන් 6%ක් උපදින්නේ සංජානනීය ආබාධයකින් සහිත බවත්, බරපතල සංජානනීය ආබාධයකින් උපත ලබන දරුවන් දස දෙනෙකුගෙන් නව දෙනෙක් සම්පත් අඩු දුප්පත් සහ මධ්‍යම ආදායම් ලබන රටවල සිටින බවත් ගණන් බලා තිබේ.
කෙසේ වෙතත්, සංඛ්‍යාලේඛන වලට ගබ්සා සහ මළ දරු උපත් ඇතුළත් නොවන බැවින් සැබෑ සංජානනීය විෂමතා සංඛ්‍යාව මීටත් වඩා වැඩි විය හැක.
📌සංජානනීය ආබාධ දිගු කාලීන ආබාධ වලට හේතුවන බැවින්, ඒවා පුද්ගලයන්ට, පවුල්වලට, සෞඛ්‍ය සේවා පද්ධතිවලට සහ සමාජයට සැලකිය යුතු බලපෑමක් ඇති කරයි.
📌 එමනිසා, සංජානනීය ආබාධ ගෝලීය සෞඛ්‍ය අභියෝග වලට එක් ප්‍රධාන හේතුවක් ලෙස සැලකේ.
📌වර්තමානයේ බෝවන රෝග හේතුවෙන් සිදුවන නව ජන්ම සහ අවුරුදු 5 ට අඩු මරණ අනුපාතිකය, සාර්ථක වැළැක්වීමේ ක්‍රම සහ සාර්ථක කළමනාකරණ උපාය මාර්ග හේතුවෙන් අඩුවෙමින් පවතින නමුත්, සංජානනීය ආබාධ වර්තමානය වන විට මෙම මරණවලට හේතු සාධක අතරින් විශාල ප්‍රතිශතයක් බවට පත්වෙමින් තිබේ.
📌හෘදයේ ඇතිවන දෝෂ, ස්නායු නාල දෝෂ සහ තොල් සහ තල්ල පැලීම සංජානනීය ආබාධ සඳහා පොදු උදාහරණ කිහිපයකි.
📌සංජානනීය ආබාධ වල බරපතලකම මෘදු සිට දරුණු දක්වා විය හැක.
📌ලොව පුරා බහුලවම දක්නට ලැබෙන දරුණු සංජානනීය ආබාධ වන්නේ හෘද දෝෂ, ස්නායු නල දෝෂ සහ ඩවුන් සින්ඩ්‍රෝමයයි.
📌ජානමය, වෛරස්, ආහාරමය හෝ පාරිසරික සාධක එකක් හෝ කිහිපයක් මගින් සංජානනීය රෝග ඇති කළ හැකි බැවින්, සංජානනීය විෂමතා සඳහා මෙම හේතු සාධක වල එකතුවක් බලපාන බව සලකනු ලැබේ.
📌සංජානනීය ආබාධයන්ගෙන් සුළු කොටසක් ජානමය අසාමාන්‍යතා නිසා ඇති වන අතර මව් පියන් ලේ ඥාතීන් වීම සමඟ එම ජානමය අසාමාන්‍යතා ඇතිවීමේ නැඹුරුව වැඩි වේ.
📌මීට අමතරව
👉ඇතැම් ඖෂධවලට, පිළිකා කාරක වලට, විවිධ කිරණ වලට
මව නිරාවරණය වීම,
👉මත්පැන් පානය , දුම්පානය
👉ගර්භණී සමයේදී ආසාදන ඇතිවීම
අවදානම් සාධක වේ.
📌සංජානනීය ආබාධ සඳහා ප්‍රතිකාර, ආබාධයේ වර්ගය සහ බරපතලකම අනුව වෙනස් වේ.
📌සමහර පුද්ගලයන්ට ඔවුන්ගේ රෝග තත්ත්වය පාලනය කිරීමට ශල්‍යකර්ම හෝ ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය විය හැකිය. මීට අමතරව, භෞත චිකිත්සාව, කථන චිකිත්සාව හෝ උපදේශනය වැනි උපකාරක සේවාවන් ද ප්රයෝජනවත් විය හැකිය.
♦️ගර්භණී සමයේදී ප්‍රමාණවත් විටමින්,ඛනිජ ලවණ සහ ෆෝලික්
අම්ලය අඩංගු විවිධ එළවළු සහ පලතුරු සෞඛ්‍ය සම්පන්න
ආහාර වේලක් ගැනීම,
♦️සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම
♦️මත්පැන් සහ දුම්කොළ භාවිතයට ගැනීම
♦️සංජානනීය ආබාධ සමඟ සම්බන්ධ යැයි දන්නා ආසාදන
පැතිර යන ප්‍රදේශවලට ගමන් කිරීමෙන් වැළකී සිටීම,
♦️කිරණ මගින්අ න්තරායකර ද්‍රව්‍ය වලට නිරාවරණය වීම අඩු
කිරීම,
♦️ ගර්භනී වීමට පෙර සහ එම කාලය තුළ දියවැඩියාව පාලනය
කිරීම,
♦️ගර්භනී කාන්තාවන් සෞඛ්‍ය අවදානම්-ප්‍රතිලාභ විශ්ලේෂණය
මත පදනම්ව පමණක් ඖෂධවලට හෝ විකිරණවලට නිරාවරණය
කිරීම
♦️ පැපොල සහ උපදංශය වැනි රෝගීන්ට නිරාවරණය අවම
කිරිම සහ එම රෝග වලට ප්‍රථිකාර ලබා ගැනීම, එම ආසාදන
සඳහා පරීක්ෂා කිරීම,
♦️ගර්භනී වීමට පෙර රුබෙල්ලා වෛරසයට එරෙහිව එන්නත්
කිරීම
සංජානනීය ආබාධ වළක්වා ගැනීමට ගතහැකි ක්‍රියා මාර්ග වේ.
📌අලුත උපන් බිළිඳුන් පරීක්ෂා කිරීමේ වැඩසටහන් ක්‍රමවත්ව සහ පුලුල්ව සිදු කිරීම මගින් සංජානනීය ආබාධ සහිත ළදරුවන් හඳුනා ගැනීම, සංජානනීය ආබාධ බලපෑමට ලක් වූ ළමුන් රැකබලා ගැනීම සඳහා විශේෂඥ දැනුම වර්ධනය කිරීම, සංජානනීය ආබාධ සහිත දරුවන් සිටින පවුල් සඳහා උපකාර කිරීම සංජානනීය ආබාධ සහිත දරුවන්ගේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා සහ බලපෑමට ලක් වූ පුද්ගලයින්ට ඵලදායී ජීවිතයක් ගත කිරීමට ගතහැකි ක්‍රියා මාර්ග වේ.
🔴සමස්තයක් වශයෙන්, සංජානනීය ආබාධ,පුද්ගලයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකිය.
📌සංජානනීය ආබාධ නිරීක්ෂණ පද්ධති සංවර්ධනය කිරීම සහ ශක්තිමත් කිරීම,සංජානනීය උපත් ආබාධ පිළිබඳ පර්යේෂණ කිරීම ද සංජානනීය ආබාධ වැළැක්වීම සඳහා ගතහැකි ක්‍රියා මාර්ග වේ.
✍️සටහන
Dr.Amila Wickramarathna
MBBS
Lecturer
Department of Anatomy
Faculty of Medicine
Wayamba University of Sri Lank