blogImage

Narcissitic Personality Disorder

🔴ග්‍රිසියේ නාසිසස් ( Narcissus ) නමින් දෙවියෙක් සිටියා. ඔහු සැබැවින්ම කඩවසම්. ඒ නිසාම දේවතාවියෝ මෙම දෙවියාට බොහොම ආකර්ශනය වුණා. දිනක් මේ නාසිසස් තමන්ගේ රූපය පොකුණකින් දැක්කා. එදා තමන්ගේ රූපයේ ලක්ෂන දුටු ඔහු මම තරම් ලස්සන දෙවියෙක් තවත් නැහැ.. කියන අධි තක්සේරුවක් ගොඩ නගා ගත්තා. එතැන් පටන් ඔහු මම තමයි... පොර කියන ගොඩ නගා ගත් අභිමානයකින් කටයුතු කරන්න පටන් ගත්තා.

 

📌පුද්ගලයන් අතරත් ශාරිරික වගේම මානසික ලෙසින් ද විවිධ ගති පැවැතුම් තිබෙනවා. එය පවුලක වුනත් සාමාන්‍ය සිදුවීමක් වෙන්න පුළුවනි. සමහර පවුල්වල පුරුෂාදධිපත්‍ය ගොඩ නගමින් “මගේ වචනයෙන් පිටට යන්න බැහැ” යන මතයේ ඉන්න ස්වාමිපුරුෂයින් සිටිනවා. ඒ වගේම පවුලේ සියලු අණසක තම යටතට නතු කරගත් බිරින්දෑවරුනුත් සිටිනවා.

📌ආයතනයක් වුනත් ආදිපත්‍ය පතුරුවන ප්‍රධානීන් නැතුවාම නොවෙයි. මේ අයගේ මානසිකත්වය ගොඩ නැගී තිබෙන " මම තමයි හරියටම කරන්නේ “ යන සංකල්පයේ පිහිටා ඔවුන් කටයුතු කරනවා. ඒ නිසාම අනිත් අය කරන දේ ගැන ඔවුන් හොඳක් දකින්නේ නැහැ. “මම නැත්නම් සේරම අවසානයි”කියන මානසික පුරාජේරුවක යෙදෙනවා. ඒ තත්වය ඇත්තටම කුහකකම නොවෙයි. මොළයේ මානසික සංවර්ධනයේ අඩු පාඩුවක්.මේ තත්වය පුද්ගලයාගේ පෞර්ෂය සම්බන්ධ මානසික රෝගී තත්වයක් වන Narcissitic Personality Disorder ලෙසට හඳුන්වනවා.

 

📍මේ විදිහට කියන විට ඔබට හිට්ලර් සිහියට නැගෙන්න පුළුවනි. තමන් ඇතුළු ජර්මානුවන් තමයි ලෝකයේ හොඳම කියන සංකල්පයේ පිහිටා කටයුතු කළා. ඒ නිසාම මෙවැනි චරිත Narcissism (නාර්සි සිසම් ) යනුවෙන් හැඳින් වෙනවා.

 

🔰පවුලක් තුළ මෙවැනි චරිතයක් හැසිරෙන්නේ මෙහෙමයි...

 

♦️ඔයාලා ඉන්න ඕන මම කියන විදිහටයි..

♦️අඳින්න ඕන මං කියන විදිහට..

♦️මං කැමැති දේවල් මිසක් වෙන දෙයක් කරන්න බැහැ.

මෙවැනි අදහස් මත පිහිටා කටයුතු කරන පවුලේ එවැනි පුද්ගලයන් බොහොම ආවේගශීලියි. කිසිම සංවේදී බවක් නැහැ. ඒ නිසාම ඔවුන් පවුල තුළ සෙසු සාමාජිකයන්ගේ අප්‍රසාදයට පත් චරිතයක් බවට පත් වෙනවා.

 

🔰ආයතනයකදී...

ආයතන ප්‍රධානියෙකු තුළ Narcissitic Personality Disorder තත්වයෙන් පසුවෙන චරිතයක් සිටියොත් ඔවුන් කථා කරන්නේ "මම " ගැන විතරමයි. නමුත් ආයතනයේ යම් වරදත් සිදු වුන විට එය අනුන් පිටට තබා ඔවුන් නිදහස් වෙනවා. දෝෂාරෝපන වගේම විවේචන ඉවසන්නේ නැහැ. එවැනි අවස්ථා වලදී මැදිහත් සිතින් ඒවා ඉවසනවා වෙනුවට දණ්ඩෙන් පහර කෑ සර්පයෙකු මෙන් කෝපාවිෂ්ඨ වෙනවා.

 

මමත්වය අපි කාටත් පොදු තත්වයක් වුනත් එහි අන්තයට හෙවත් Narcissitic Personality Disorder තත්වයට පත් වීම නිසා පුද්ගලයෙකුට ඇති වෙන අවාසි

බොහොමයක් තිබෙනවා.

 

📍තමන්ගේ සිහිනය ජයගන්න එහෙම නැත්නම් තම මතය වෙනුවෙන් ඕනෑම දෙයක් කිසිදු වග විභාගයක් නොමැතිව සිදු කිරීම නිසා තමන් සමීපයේ සිටින පුද්ගලයන් පවා දුරස් වෙනවා. ඒ වගේම සමාජයේ අප්‍රසනන් චරිතයක් බවට නොදැනීම පත් වෙනවා වගේම මුල්‍යමය ලෙසින් අස්ථාවරත්වයටත් පත් වෙනවා.

 

මේ සියලු පසුබිම තුළ ඇති වෙන මානසික ආතතිය ( depression ) නිසා විවාහ සංස්ථාවේ ගැටළු ( Martial conflict) සහ රැකියා ආයතනයේ ගැටළු ඇති වෙනවා. නිවස වගේම රැකියා ස්ථානයත් අප්‍රසන්න තැනක් බවට පත් වීමේ අවසානය ඉතාම ඛේදනීය වීමට පුලුවනි. ඔවුන් සිය දිවි හානි කර ගැනීමට පවා යොමු වීමට ඉඩ තිබෙනවා.

 

🔰මෙවැනි මානසික තත්වයක් ඇති වීමටත් හේතු තිබෙනවා...

අපි ඇසුරු කරන පුද්ගලයන් අතර සෑම දෙනක්ම ඉහතින් සඳහන් කළ අන්දමේ මානසික තත්වයක පසුවෙන්නේ නැහැ. මම තමයි පොර කියන මානසිකත්වය ගොඩ නැගෙන්නේ ඔවුන්ගේ පෞර්ෂ සංවර්ධනයේ ඌනතාවයන් නිසයි. මේ සඳහා බලපාන විවිධ හේතූන් තිබෙනවා.

 

🔰ළමා වියේදී‍ අපයෝජනය වීම- ( Child Abuse )

දරුවෙක් ළමා වියේදී කායික, මානසික වගේම ලිංගික වශයෙන් අපයෝජනයට පත් වීම නිසා මෙවැනි මානසික තත්වයන් ගොඩ නැගෙන්න පුළුවනි. අපි අපයෝජනය කී විට ලිංගික අපයෝජනය ගැන මුල් තැන දුන්නත් වාචික වශයෙන් සිදු වෙන අපයෝජනයත් ශාරිරික කායික අපයෝජනය වගේම දරුණුයි. වචනයෙන් දරුවාගේ පෞර්ෂයට සිදු කරන හානිය නිසා ඔවුන්ගේ පෞර්ෂය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්න පුළුවනි.

 

🔰දෙමව්පියන් ලෙසින් අසාමාන්‍ය අන්දමින් පාලනය කිරිම... ( Manipulative parenting )දරුවන් ගැන මව්පියන් බොහෝ විට හිතන්නේ ඔවුන් තමන්ගේ අණසක යටතේ පාලනය විය යුතු පිරිසක් බවයි. දරුවෙකු යහමගට යොමු කිරීම වෙනුවෙන් වූ මග පෙන්වීම සඳහා අවවාද, දඬුවම් අවශය බැව් ඇත්ත. එමෙන්ම බාල කාලයේදී දරුවන් පමණට වඩා පාලනය කිරිම නිසා ඔවුන් තුළ මෙවැනි මානසික සංවර්ධන ඌනතාවයන් ඇති වෙන්න පුළුවනි.

 

🔰ළමා වියේ පසුබිම

සමහර විට බාල කාලයේදී දරුවන් විසින් කරන හොඳ ක්‍රියාවන් අසාමාන්‍ය ලෙසින් අගය කිරීම වගේම නරක ක්‍රියාවන් අසාමාන්‍ය ලෙසින් විවේචනය කිරීමත් අනාගයේදී මෙවැනි මානසික තත්වයන් ඇති වීමට හේතුවක් ලෙසින් සඳහන් කරන්න පුළුවනි. ඒ නිසා හොඳ ඉතාම වැදගත් වගේම නරක ක්‍රියාවන් දෙස මධ්‍යස්ථ ඇගයීමක් ලබා දම

 

🔰පවුල් ඉතිහාසය

පවුල් ඉතිහාසයේ මානසික රෝග සම්බන්ධතාවයක් ඇති විටත් මෙවැනි මානසික සංවර්ධන ඌනතාවයන් ඇති වෙන්න පුළුවනි.

කොහොම වුනත් මෙවැනි ගති පැවැතුම් සමග සමාජජයේ ගණු දෙනු පවත්වා ගැනීම අපහසු නිසා ඔබට හෝ පවුලේ අයෙකු තුලින් උක්ත මානසික තත්වයන් පෙන්නුම් වෙනවා නම් මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු වීම වැදගත්. නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඔබට යහපත් පවුල් ජිවිතයක් වගේම මානසික සුවතාවයකින් යුක්තව රාජකාරී ජීවිතයේ සාර්ථක චරිතයක් වීමට හැකියාව තිබෙන බැව් අමතක කරන්නත් එපා.

 

✍️සටහන

වෛද්‍ය රසික සඳරුවන් කුලතිලක

ශික්ෂණ රෝහල

කුරුණෑගල

blog_image
blog_image