blogImage

දත ගැලවීමෙන් පසු ඔබ කළ යුතු දේ

දතක් ගලවනවා කියල කිව්වම ඔබේ හිතට තරමක් බිය මුසු චකිතයක් දැනෙන එක සාමාන්‍ය සිදුවීමක්. දතක් ගලවන ක්‍රියාවලියට අපි තරමක් බිය වෙනවා. 🥲

 

නමුත් ඔබ දන්නවාද?

 

අද වන විට නවීන තාක්ෂණය හා දන්ත වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා, පැරණි කාලයේ දතක් ගලවනවා වෙනුවට අද කාලයේ ඒ සඳහා ප්‍රතිකාර කිරීමේදී වෙනත් විකල්ප ප්‍රතිකාර ක්‍රම භාවිතා වෙනවා.😊

 

ස්නායු පිරවීම.

දත් සිටුවීම.

ආදී විකල්ප ප්‍රතිකාර ක්‍රම මගින් දත නොගලවා ඔබේ ගැටළුවට ප්‍රතිකාර ලබා දිය හැකි අවස්ථා තියෙනවා. 😊

 

නමුත්, ඇතැම් රෝගීන් මේ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව නිසි අවබෝධයක් නොමැති නිසා මෙවැනි විකල්ප ප්‍රතිකාර ක්‍රම වලට නොයා කෙලින්ම දත ගැලවීමට ප්‍රමුඛත්වය ලබා දෙනවා 😕

 

නමුත් ඒ ආකාරයෙන් සෑමවිටම දත ගලවා ඉවත් කිරීම සිදු කිරීමට හැකිවන්නේ නැහැ.

 

එසේ දතක් ගලවා ඉවත් කිරීමට නොහැකි අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථා කීපයක් පහතින් තිබෙනවා 🙂

 

• දත ස්නායු පිරවීම වැනි විකල්ප මගින් සකස් කිරීමට නොහැකි වන සේ දිරාපත් වීම.

 

• විකලාංග දත් සකස් කිරීමට

 

• දත සමග සම්බන්ධ අස්ථි ‍රෝග පවතින විටදී.

 

• දතට සම්බන්ධ අස්ථි ආසාදනය වූ විටදී.

 

• ඥාන දත මතු නොවී අවහිර විටකදී.

 

• අනතුරකින් පසුව හකු ඇට පිපිරීමකදී.

 

• මුඛ පිළිකා වෙනුවෙන් කිරණ ප්‍රතිකාර ලබා දීමේදී.

 

නමුත් ඉහත හේතු නොමැති අවස්ථාවකදී දන්ත ශල්‍ය වෛද්‍යවරයා විසින් ඔබේ දත් ගැලවිය යුතු බවට තීරණය කළොත් ඔබ පිළිපැදිය යුතු කරුණු කිහිපයක් තියෙනවා ☺️

 

📌 දතක් ගැලවීමට පෙර ඔබ පිළිපැදිය යුතු දේවල්

 

දත ආසාදනය වීම නිසා අධික වේදනාවක් ඇත් නම් දත ගැලවීමට පෙර වෛද්‍යවරයා ලබා දෙන වේදනානාශක හා ප්‍රතිජීවක ඖෂධ නිවැරදිව ලබාගන්න 😊

 

ඔබ දිගුකාලීනව වෙනත් රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්න අයෙක් නම් ( හෘද රෝග, රුධිරය සම්බන්ධ රෝග, රුමටොයිඩ් ආතරයිටිස්, දියවැඩියාව වැනි රෝග ) ඒ පිළිබඳව දන්ත වෛද්‍යවරයා දැනුවත් කරන්න. ☺️

 

විශේෂයෙන්ම ඔබ රුධිර කැටි ගැසීම ප්‍රමාද කරවන ඖෂධ වර්ග ( ඇස්ප්‍රින් වැනි ඖෂධ ) ලබා ගන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්න. 🙂

 

ඔබේ සායනික වාර්තා සියල්ල රැගෙන යන්න.

 

දුම් පානය හා මත්පැන් භාවිතයෙන් වළකින්න.

 

දත් හොඳින් මැද මුඛය උණුසුම් ද්‍රාවනයකින් සෝදන්න.

 

* ඔබ ගැබිනි මවක් නම්,

 

ගර්භණී මවකගේ මුඛ සෞඛ්‍යය පිළිබඳව වැඩි අවධානයක් යෙදිය යුතුමයි. ගර්භණී සමයේ මවගේ දිරාගිය දත්වලින් බැක්ටීරියා සම්ප්‍රේෂණය වීමේ අවධානමක් ඇති නිසා දරු කළලයට හත්වන මාසයට පෙරාතුව ගැබිනි මවගේ දිරාගිය දත් ගලවා ඉවත් කිරීමට බාධාවක් නැහැ. 😊

 

📌 දත ගැලවීමෙන් පසු ඔබ කළ යුතු දේ

 

දත මුඛයෙන් ගල්වා ඉවත් කළ පසු මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අවසන් වන්නේ නැහැ 🙂

 

ඔබ අපරික්ෂාකාරී වුනොත් එමගින් ඔබ දැඩි අපහසුතාවයකට ලක්වන්නට පුළුවන්. 😟

 

දතක් ගැලවීමට පෙර වගේම දතක් ගැලවීමට පසුත් රෝගියෙකු යම් යම් කරුණු පිළිබඳව සැලකිලිමත් විය යුතුමයි.

 

දත ගලවා පැයක් පමණ වන තෙක් වත් එම ස්ථානයේ තබා ඇති පුළුං කැබැල්ල ඉවත් නොකරන්න.

 

රුධිරය කැටිවී එම ස්ථානයෙන් ලේ වහනය වීම නතර වන තුරු ප්‍රවේශම් වන්න.

 

ඔබ රුධිර කැටි ගැසීම වළකන කාණ්ඩයේ ඖෂධ ලබා ගන්නේ නම් නැවත එම ඖෂධ ලබාගත යුතු දිනය හා කාලය නිවැරදිව වෛද්‍යවරයාගෙන් අසා දැනගෙන ඒ ආකාරයෙන්ම එම වෛද්‍ය නියමයට අනුව කටයුතු කරන්න. 😊

 

පුළුං වැස්ම ඉවත් කළ පසුත් රුධිරය ගලා යන බවක් දැනෙනවා නම් වෙනත් පුළුං කැබැල්ලක් තබන්න.

 

අධික ලෙස ලේ ගලනවා නම් වෙහෙසකර කටයුතු නොකරන්න, අව්වට නිරාවරණය නොවන්න.

 

දත ගැලවූ පැත්තෙන් දින කිහිපයක් යන තෙක් ආහාර සැපීම නොකළ යුතුයි. 🙂

 

පැය දොළහක් පමණ ගත වුනාම ලුණු මිශ්‍ර ද්‍රාවනයකින් මුඛය සෝදා හරින්න

 

දත ගලවා පසුව උණුසුම් හා කැබලි සහිත සැපීමට අපහසු ආහාර නොගන්න. 🙂

 

තුවාල ස්ථානයට පිටින් අයිස් බෑගයක් තබන්න.

 

කම්මුල ප්‍රදේශය ඉදිමීම සම්බන්ධයෙන්,

 

දත ගලවා දින දෙකක් තුනක් ගතවන තෙක් කම්මුල ප්‍රදේශයේ ඉදිමුමක් තිබෙන්නට පුළුවන්. 😕

 

එවැනි අවස්ථාවකදී අයිස් බෑගයක් කම්මුල මත තබාගන්න.

 

එයිනුත් ප්‍රතිඵලයක් නොමැති නම් දන්ත ශල්‍ය වෛද්‍යවරයකු හමුවන්න. 😊

 

✍️

 

Dr Samantha Kumara Luthalawaarachchi.

Deputy Director and Dental Surgeon.

Oral cancer research Institution.

University of Peradeniya,

Peradeniya

blog_image
blog_image