blogImage

අක්මාවේ මේදය තැන්පත් වීම/Fatty Liver

වර්තමානයේ මැදිවියේ පුද්ගලයින් අතර බහුලවම දක්නට ලැබෙන රෝගී තත්වයක් තමයි Fatty Liver කියන්නෙ.

 

දැනට ජනගහනයෙන් 30% - 35% වැනි ප්‍රමාණයක ප්‍රතිශතයක් මේ Fatty Liver තත්වයෙන් පෙළෙන අතරම, ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගලයෙකුට මෙම තත්වය ඇතිවිය හැකිය. 🙂

 

📌 Fatty Liver යනු කුමක්ද?🤔

 

අක්මාවේ මේදය තැන්පත් වීම මෙලෙස හඳුන්වයි. අක්මා සෛල තුල ප්‍රධාන වශයෙන් ට්‍රයිග්ලිසරයිඩ් නම් මේද වර්ගය තැන්පත් වීම සිදුවේ. 😕

 

ඕනෑම පුද්ගලයෙකුගේ අක්මාවේ එක්තරා ප්‍රමාණයක් දක්වා මේදය තැන්පත් වීම සිදු වන අතර එය සාමාන්‍ය තත්වයකි. නමුත් යම් නිශ්චිත අගයකට වඩා වැඩිපුර මෙලෙස තැන්පත් වීම Fatty Liver නම් රෝගී තත්වය ලෙසට හඳුන්වයි. 🙂

 

📌 Fatty Liver ප්‍රධාන ආකාර දෙකකි.

 

01. ඇල්කොහොල් පානය නිසා ඇතිවන Fatty Liver .

 

02. ඇල්කොහොල් භාවිතයෙන් තොරව ඇතිවන Fatty Liver.

 

මෙහිදී දියවැඩියාව, අධික ස්ථුලභාවය, අධික සීනී පරිභෝජනය, හෙපටයිටීස් වැනි ආසාදන තත්ව, ජානමය හේතු නිසා ඇල්කොහොල් භාවිතයක් නොමැතිව Fatty Liver තත්වය ඇතිවේ. 🙁

 

📌 ඔබට Fatty Liver ඇත්දැයි හඳුනාගන්නේ කෙසේද? 🤔

 

Fatty Liver තත්වය නිසා,

 

• උදරයේ දකුණු පස වේදනාවක් දැනීම.

• නිතර මහන්සි ගතියක් දැනීම.

වැනි ලක්ෂණ මතුවිය හැකියි. 🙁

 

මෙය හඳුනා ගැනීමේදී අක්මාවේ එන්සයිම මට්ටම රුධිර පරීක්ෂණයක් මගින් මුලින්ම පරීක්ෂා කරනු ලබයි. 🙂

 

එම එන්සයිම මට්ටම වැඩිවීම හෝ ඇතැම් විට සාමාන්‍ය මට්ටමක පැවතීම දක්නට ලැබෙනු ඇත.

 

නිවැරදි රෝග විනිශ්චයක් උදෙසා අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂාවක් මගින් උදරය පරීක්ෂාවට ලක් කරයි. 😊

 

මෙම අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂාව මගින් අක්මාවේ මේද තැන්පත් වී ඇති ප්‍රමාණය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගත හැකියි.

 

මීට අමතරව,

• රුධිරගත සීනී මට්ටම

• කොලස්ටරෝල් ප්‍රමාණය

වැනි පරීක්ෂා සිදු කර ගැනීමට වෛද්‍යවරයා ඔබට නියම කරනු ඇත.

 

📌 Fatty Liver සඳහා පවතින ප්‍රතිකාර මොනවාද? 🤔

 

Fatty Liver සඳහා සායනිකව තහවුරු කර බහුලව භාවිතා කරන ඖෂධයක් මේ වන තුරු සොයාගෙන නොමැත. 🥺

 

ඇතැම් ඖෂධ තවමත් පර්යේෂණ මට්ටමේ පවතී.

 

මේ සඳහා නිර්දේශිත ප්‍රධානතම ප්‍රතිකාර ක්‍රමය, සිරුරේ බර අඩුකර ගැනීමයි. මුළු ශරීර බරෙන් 5% - 10% අඩු කර ගත යුතුයි. මෙහිදී අක්මාවේ තැන්පත් වූ මේදය ඉවත් වී යයි. 😊

 

මේ සමගම දියවැඩියාව, කොලස්ටරෝල් වැනි රෝගී තත්ව නිවැරදි ඖෂධ භාවිතයෙන් පාලනය කරගැනීම වැදගත් වේ. ☺️

 

📌 Fatty Liver වළක්වාගන්නේ කෙසේද? 🤔

 

• ඔබට දියවැඩියාව, කොලස්ටරෝල් වැනි රෝගී තත්ව ඇත්නම් ඒවා වහාම පාලනය කරගන්න.

• මත්පැන් පානය කිරීම නවත්වන්න.

• දිනකට විනාඩි 30ක් පමණවත් ව්‍යායාම කරන්න.

• නිවැරදි BMI අගය පවත්වාගන්න.

• නිවැරදි ආහාර රටාවකට යොමුවන්න.

 

එහිදී,

පිෂ්ඨය බහුල ආහාර ගැනීම අඩු කරන්න.

උදාහරණ - පාන් පිටි

ආටා පිටි

 

කේක්, බිස්කට්, පාන්, බනිස් වැනි පිටි ආශ්‍රිත බේකරි නිෂ්පාදන භාවිතය අවම කරන්න. 🙂

 

පැණිරස අඩංගු ආහාර වර්ග වන පැණිබීම, අයිස්ක්‍රීම්, කෝඩියල් වැනි සකස් කරන ලද බීම වර්ග, මෝල්ට් සහිත පානවර්ග භාවිතයෙන් වළකින්න.

 

සම්පූර්ණ යොදය සහිත කිරි, චීස්, බටර් වෙනුවට මේද රහිත කිරි, යෝගට් වැනි දෑ ආහාරයට ගන්න. 😊

 

✍️ Dr. Harshana Guruge

Medical officer

Gastroenterology unit

Teaching Hospital

Anuradhapur

blog_image
blog_image